Loading...
Nissan GTR  (Godzilla) - වැඩිදුර විස්තර

අපි  මීට කලිනුත් Nissan GTR (Godzilla) ගැන ලිපියකින් හමු උනා. මේ ලිපිය ලියන්නේ එම ලිපියේ දිගුවක් වශයෙනි. මෙතනදී අපි කතා වෙනවා GTR  වල ඉතිහාසය සහ ලබා ගත් සම්මාන ගැන පවා.

Nissan GT-R Premium

Nissan GTR  එහෙමත් නැත්තම් Godzilla කියන්නෙ දැනට ලෝකයේ තියෙන වේගවත්ම Production cars වලින් එකක් වගේම Lamborghini , ferrari පරදවන Performance එකක් අඩු මුදලකට ලබාදෙන ජපන් තාක්ෂණයෙ ඉහළම නිර්මාණයක්.

GTR එකේ ආරම්භය 1957 දී ජපානයේ Prince motor company එකෙන් හදපු Prince skyline එකයි.1960දී Nissan සමාගම විසින් Prince සමාගම මිලට ගැනීමත් සමඟ 1969 දී Nissan skyline 2000 GT-R ( KPGC10) Modle එක නිපදවනවා.

දැනට ආපු skyline GT-R versions -

  • 1973 Nissan skyline GT-R 2000 ( 70 දශකයේදී ඇති වුණු ලෝක ඉන්ධන අර්බුදය හේතුවෙන් GT-R Production එක නවතා දැමිණි).
  • ඊට අවුරුදු 15කට පමණ පසු අලුත්ම Design එකකින් Nissan skyline GT-R R32 (BNR32) නිපදවනවා.R32 Modle එකට  තමයි අපි කවුරුත් දන්න Godzilla නම පටබැඳුනෙ.
  • 1995 Nissan skyline GT-R R33 (BCNR33).
  • 1980 දී R30 RS-X Turbo සහ R31 GTS-R ( මේවා    Race track සඳහා පමණි )
  • 1999 Nissan sskyline GT-R  R34 (BNR34).

ඉහත modles ඔක්කොම Inline 6 cylinder 2.6L Twin Turbo RB26 නම් Engine එකක් Version එක සහ year එක අනුව Performance වැඩි කරමින් භාවිතා විය.

R34 සහ ඊට පහළ සියලුම skyline GT-R සියල්ලම 6 Speed manual transmission එකක් ඒ හා සම්බන්ධ All wheel drive system එකක් සහිතවයි වෙළඳපළට පැමිණියේ. 2001 දී Nissan විසින් skyline නම Infiniti V35 ලෙස වෙනස් කර RB26 Engine එක V6 Engine එකක් ලෙස නිපදවා V35 එකට සවි කර එලිදැක්වුණි.

දැන් තමයි හොඳම හරිය, 2007 දී Nissan සමාගම විසින් Nissan skyline GT-R නම NISSAN GT-R  ලෙස වෙනස් කරමින් R35 Modle එක එලිදැක්වුණි. R35 Modle එකේVR38dett Twin Turbo V6 3.8L  Engine එකක් 6 speed dual clutch automatic transmission All wheel drive system එකකට සම්බන්ධ වෙලා තියෙන්නෙ.

R35 එකේ VR38dett Engine එක Precision Hand built Engine එකක්, ඒවා Assemble කරන්නෙ Takumi කියලා  හඳුන්වන ජපානයේ Engine assembling හැකියාවේ උපරිමයන් කිහිපදෙනක් විසිනි,සෑම Engine එකකම හදපු කෙනාගෙ නම ගහපු Metal plate එකක් තියෙනවා . Nissan GTR R35 එකට ඊට වඩා මිලෙන් වැඩි super cars එක්ක තරඟ කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ Nissan වලට ආවේනික ATTES E-TS කියන ALL WHEEL DRIVE SYSTEM එකට.

R35 Series එකේ  Version කිහිපයක්ම තියෙනවා

  • Nissan GT-R  Stock.
  • Nissan GT-R Premium.
  • Nissan GT-R Spec V.
  • Nissan GT-R Black edition.
  • Nissan GT-R Track edition.
  • Nissan GT-R Nismo edition.
  • Nissan GT-R N-Attack.
  • 45th Anniversary gold edition.
  • GT-R50 ( Concept ).
  • 50th Anniversary edition.

තවද GT-R Nismo GT1, GT-R GT3 යනුවෙන් Race track only modle 2ක් ද නිපදවිය, මේවා v8 Engine වලින් බල ගැන්විය. 2016 පෙබරවාරි වලදී World fastest  30 degrees drift එක modified Nissan gtr nismo edition එකකින් පිහිටවිය.

GT-R එකට ලැබුණු AWARDS,

  1. 2007 Top Gear Awards – Sports car of the Year
  2. 2008 Autocar – Drivers Car of the Year.
  3. 2008 Evo Magazine – Car of the Year
  4. 2008 Japan's Most Advanced Technology Award
  5. 2008 Popular Mechanics – Automotive Excellence Awards 2008 (Design)
  6. 2009 Automobile Magazine – Automobile of the Year
  7. 2009 MotorWeek – Driver's Choice Awards 2009– Best Performance Car
  8. 2009 Edmunds.com – Edmunds' Inside Line Editors' Most Wanted Awards: Instant Classic
  9. 2009 Motor Trend – Motor Trend Car of the Year
  10. 2009 Popular Science – Auto Tech Grand Award Winner
  11. 2009 International Car of the Year
  12. 2009 World Performance Car
  13. 2009 Targa Tasmania Modern Champion
  14. 2009 Targa West Challenge Modern Champion
  15. 2009 Targa West Competition Modern Champion
  16. 2009 Guinness World Records – Fastest 0–60 mph acceleration by a four-seater production car
  17. 2010 Redline Time Attack Modified AWD Champion
  18. 2010 Targa West Challenge Modern Champion
  19. 2010 Targa West Competition Modern Champion
  20. 2010 Yahoo – Listed as having one of the best resale values of any sports car.
  21. 2011 Targa Tasmania Modern Champion
  22. 2011 Targa West Competition Modern Champion
  23. 2011 Motor Magazine Performance Car Cup Winner
  24. 2013 Targa Adelaide – Modern Champion

තව මේ වගේම Automobile post එකකින් හම්බෙමු.