Loading...
Apple සමාගම නව macOS සංස්කරණය වන macOS Ventura හදුන්වා දේ

macOS මෙහෙයුම් පද්ධතියේ 13 වෙනි සං​ස්කරණය වන macOS Ventura මෙහෙයුම් පද්ධතිය Apple සමාගම ඊයෙ නිල වශයෙන් එලිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. මෙම සංකරණය තුළින් ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබුණේ පරිශීලකයන්ට mac, iPhone සහ iPad තුළ පවතින විශේෂාංග එම උපාංග අතර මාරුවෙමින් වඩා පහසුවෙන් භාවිතයට අවස්ථාව සලසාදීමයි.

Multitasking පහසුකරන Stage Manager

යෙදුම් කිහිපයක් එකවර භාවිතා කරන අවස්ථාවෙදී එකක් යෙදුමක් තිරය හෝ යෙදුම් කිහිපයක් තිරය මත තබාගෙන අනෙක් අවශ්‍ය යෙදුම් වම්පස කෙළවරෙන් දිස්වෙන අතර පරිශීලකයන්ට ඉතා පහසුවෙන් තව රාජකාරියට කිසිදු බාධාවක් නොවන අයුරින් යෙදුම් අතර මාරුවීමට මින් අවස්ථාව සැලසෙනවා. මෙහි විශේෂම කාරණය වෙන්නෙ පරිශීලකයා යෙදුම් කිහිපයක් තිරය මත තිබියදී වෙනත් යෙදුමක් වෙත stage manager හරහා පිවිස නැවත පැමිණෙන විටද පෙර ලෙසින්ම භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනවා.

Continuity පහසුකම හරහා එක්වුණු අලුත් විශේෂාංග

මේ පහසුකම සමග පරිශීලකයන්ට තම iPhone එක mac පරිගණකයේ web cam එක ලෙසින් භාවිතයට අවස්ථාව ලැබෙන අතර center stage, potrait mode වැනි පහසුකම්ද භාවිතයට අවස්ථාව ලැබෙන නිසා mac පරිගණකයක් තුළින් මින් පෙර ලබානොගත් ප්‍රයෝජන රාශියක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනවා.

මීට අමතරව තවත් අනර්ග විශේෂාංගයක් වනුයේ Handoff පහසුකම FaceTime වෙත පැමිණීමයි. ඒ හරහා ඉතාම පහසුවෙන් FaceTime calls mac, iPhone සහ iPad අතර මාරුකිරීමට අවස්‍ථාව ලැබී තිබෙනවා.

ආරක්ෂිත Web Browsing සඳහා Passkey

Passkeys හරහා පරිශීලකයන්ගේ දත්ත digital key එකක් ලෙසින් පරිශීලකයාගේම device තුළම ගබඩා වන අතර කිසිදු web server එකක් තුළ ගබඩාවීමක් සිදුවෙන්නෙ නැහැ.නමුත් iCloud Keychain එක හරහා අනෙක් devices අතර ද දත්ත සියල්ල භාවිතා කළ හැකි වේ. මෙහිදී sign වීමට Touch ID හෝ Face ID භාවිතා කළ හැකි අතර සියල්ලම end-to-end encryption ආරක්ෂණ ක්‍රමය හරහා සුරක්ෂිත කර ඇත.මෙහි විශේෂම පහසුකමක් වන්නේ Apple නොවන devices තුළත් iPhone එක යොදාගනිමින් sign වීමට අවස්ථාව සලසා තිබීමයි.

ක්‍රීඩාවන්ට එන්න හදන macOS

මේ වෙනකොට ගොඩක් අය Mac device එකකට යන්නේ නැති ලොකු හේතුවක් තමයි gaming සඳහා තියෙන සහය දැක්වීම ඉතාමත් අවම මට්ටමක පැවතීමයි. නමුත් Apple සමාගම විසින් මෙවර Metal 3 හදුන්වා දෙමින් MetalFX සඳහා upscale එකක් ලබා දෙනු ලැබුවා. ඒ හරහා කුඩා frames, විශාල frames වලට ගුණාත්මක බවින් යුතුව render කිරීමට හැකියාව ලබාදෙනු ලබනවා. No Man's Sky ක්‍රීඩාව Apple පරිගණක සඳහා නිකුත් වන බවද ඔවුන් එහිදී සඳහන් කරා.

Mails app එ​ක සඳහා නව පහසුක​ම්

Shared Tabs Groups to Safari

නව macOS සංස්කරණය ලැබෙන mac පරිගණක

macOS Ventura සංස්කරණය ලැබෙන mac පරිගණක පහත පරිදි ​වේ

  • iMac – 2017 and later
  • iMac Pro
  • MacBook Air – 2018 and later
  • MacBook Pro – 2017 and later
  • Mac Pro – 2019 and later
  • Mac Mini – 2018 and later
  • MacBook – 2017 and later

macOS Ventura පිලිබඳ සියල්ල සැකැවි​න්