ඔය යට තියෙන හතරෙන් තුනක්ම Alstom train තුනක්. එකෙන් මුල් තුන පිළිවෙලින්,
- Italo Agv
- Frecciarossa Etr 1000
- Trenord Etr 425
- අන්තිම එක 2026දි ඉතාලියට එන්න තියෙන Hypeloop කියන කෝච්චිය.
මේවා වලින් පිළිවෙලින් ගත්තොත් උඩම දෙක වන Italo හා Frecciarosa යන දෙකම 300Kmh+ Speed එකකින් ඉතාලියේ Major Railway lines වන Milano - Torino , Milano - Genoa , Milano Venice , Milano - Rome හා Milano - Napoli යන හැම එකකම ක්‍රියාත්මක වනවා. (මේක නගර 72ක් යාවෙන ලෙස ක්‍රියාත්මකයි මෙහි සඳහන් කරලා තියෙන්නෙ එයිනුත් ප්‍රධානම ගමනාන්ත ටික විතරයි.)
Frecciarossa Etr 1000
උඩ කියපු ටිකෙනුත් Frecciarosa 1000 කියන Train එකෙ Max speed එක 400Kmh+ ලෙසත් Italo agv එකෙ Max Speed 574Kmh+ ලෙසත් සඳහන් වනවා. හැබැයි Train Track එකෙ ආරක්ෂාවයි මගියගෙ ආරක්ෂාවයි සලකා මේවායෙහි Operating speed එකෙහි උපරිමය 300Kmh ලෙස ලිම්ට් කරලා තියෙනවා. මොකද Empty Train එකෙ බර 500t විතර උනාට උපරිම බර දැමුවාට පසුව පස්සෙ මේක 800t ඉක්මවන නිසා මේවා ධාවනය වන අධික ස්පිඩ් එකත් එක්ක ට්‍රැක් එක හා කෝච්චිය ඩැමේජ් වෙන්ඩ පුළුවන් නිසා.
Alstom Italo AGV
මෙතනදි තව කියන්න ඕන විශේෂම දෙයක් තමා මෙන්න මේ Alstom Italo Agv කියන එක 2007 අප්‍රේල් මාසෙදි Test run එකක් අතර තුර East-European high-speed line එකකදි අදටත් කඩ කරලා නොමැති ස්පිඩ් රෙකෝඩ් එකක් තියනවා එතමා 574.8Kmh කියන රෙකෝඩ් එක. 2007 ඉඳන් මෙ වෙනකන් අවුරුදු 15ක් ගියත් ඇක්සල් මතම පමණක් දිවෙන ලෝකයේ කිසිම කෝච්චියක් විසින් මේ රෙකෝඩ් එක තාම බිඳ දමලා නැහැ. ඔයාලට මේක මෙහෙම කිව්වට ලොකු අගයක් නෑනේ. ඉන්න මම මේ කතාව තව ටිකක් ගැඹුරින් කියන්නම්.
මේකේ එක Carriage එකක් (අපි කියන්නෙ කෝච්චි පෙට්ටිය කියලා අන්න ඒක තමා මේ Carriage එකක් කියන්නෙ.) 60t බරයි. ඒ වගේ පහක් මේකේ තියෙනව. ඒ කියන්නේ 60×5=300යි. එතකොට අපි දන්නවනෙ ටොන් එකක් කියන්නෙ කිලෝ දහක් කියලා. දැන් ගාන හැදෙන්න ඕනා කිලො දහක් ටොන් එකයි නම්, 300×1000=300,000 ලෙස. ඒ කියන්නෙ බර කිලො ලක්ෂ තුනයි. මේ කියන කිලෝ ලක්ෂ තුන එහෙමත් නැතිනම් 300t කියන බර ඇදගෙන 574.8Kmh වේගයකින් ඉස්සරහට මේක යනවා කියන්නෙ, මේ කෝච්චිය තත්පරේකට මිටර් 159.7m/s කියන වේගකින් ඉදිරියට ඇදෙනවා කියන එකයි. තවත් සරලව කිව්වොත් මේක තත්පරේකදි අඩි 523ක් ඉදිරියට යනවා කියන එකයි. කතාව තාම ඉවර නැහැ දැන් තමා හොඳම හරිය පටන් ගන්න යන්නෙ.
මේ කෝච්චිය මේ කියන 574.8ක වේගයකින් යනවා කියන්නෙ මේ කෝච්චිය සතුව 47,910,000J of kinetic energy බලයක් තියෙනවා කියන එකයි. මේක ටිකක් අවුල් වගෙ නේද? ඉන්න මම මේක ටිකක් සරලව කියන්නම්. ඔයා හිතන්න ටොන් 1.6tක් බර කාර් 1081ක් පැයට කිලොමිටර් 96.561Kmh ක ඉදිරියට යනවා කියලා අන්න ඒ ඉදිරියට යන්න වැය කරන ශක්තියට සමානයි මම උඩ කියපු 47,910,000J කියන බලය.
Trenord Etr 425
තුන්වෙනි එක තමා අපි උතුරු ඉතාලියෙ ජනතාවගෙ දුප්පතාගෙ හිතවතා ලෙස හඳුන් වන්නෙ. 😶 Just kidding 🤣🤣 (ඔනැවට වඩා සිරියස් අරන් මහන්සි නිසා මහන්සිය යන්න පොඩි ජෝක් එකක් කරේ) හරි අනවශ්‍ය කතා එපා අපි ආයෙ වැඩේට බහිමු.
මේ Trenord කියන කම්පැනි එක Trenitalia කියන ඉතාලියෙ රජයට අයිති දුම්රිය සමාගෙමේම අනු සමාගමක් ලෙස හඳුන්වා දුන්නෙ 2009 Aug4 වැනි මෑත කාලෙකදියි. ඒ උතුරු ඉතාලියේ ජනතාවට ඉතාම අඩු මුදලට උතුරු ඉතාලිය තුල තමන්ගෙ ගමනාන්ත තුලට ලඟා වීමට පහසුකම් සැලසීමේ අරමුණෙන්. මොකද අපි අර උඩ කියපු Italo, Frecciarosa වගේ එකක යනව නම් අපිට සාමනයෙන් Euro 100ක් පමණ වැය කරන්න වෙනවා එක ටිකට් එකකට. අනික ඒවා එක්ස්ප්‍රස් නිසා නතර කරන්නෙත් ප්‍රධානම ස්ටේශන් වල විතරයි.
හැබැයි මේ Trenonord කියන කෝච්චි සේවාව සෑම දුම්රිය ස්ථානයකම නතර කරනවා. මෙහි කිලොමිටර් 100කට වැඩි දුරක් තියෙන ස්ටේශන් දෙකක් අතර ගමනට වැය වන්නෙත් ගොඩක් දුරට Euro 10කට අඩු මුදලක්. ඒ නිසා මේකට දුප්පතාගෙ හිතවතා කිව්වත් වැරදි නැහැ.
මේ කෝච්චි සේවාව ඔයාට හොයාගන්ඩ පුළුවන් වෙන්නෙ උතුරු ඉතාලිය තුල පමණයි. මේක ඔය Trenord කියන නමේම සඳහන් වෙලා තියෙනවා. හා හා තේරුනෙ නැහැ නේද? හරි ඒක වෙන්නෙ මෙහෙමයි. ඉතාලි භාශාවෙන් කෝච්චියට කියන්නෙ Treno කියලා, උතුරට කියන්නෙ Nord කියලා. එතකොට මේ දෙකෙ එකතු වුනාම හැදෙන්න ඕනේ Treno+Nord=Trenonord කියලනේ. හැබැයි මේක කියද්දි ටිකක් දිව පැටලෙනවා වගේ නේද? උඩ කියපු එකම Tren+Ord=Trenord කියලා කිව්වොත් කොහොමද. දැන් හරිනෙ කියවන්නත් ලේසියි. දැක්කද නමේම උතුරු ඉතාලියෙ පමණයි කියලා තිබිච්ච විදිහ.
මේ කෝච්චි සේවාවට Milan - Pavia , Milan - Torino , Milan - Brescia ඇතුලු ප්‍රධාන ගමනාන්තයන් 40ක් පමණ තිබෙනවා. ඒ වගේම මේක උතුරු ඉතාලිය පුරා තිබෙන ස්ටෙශන් 460ක් සහා කිලොමිටර් 2000Km ක රේන්ජ් එකක් කවර් කරනවා. ඒ වගෙම මේ රෙන්ජ් එක කවර් කරන්න දවසකට කෝච්චි 2,300ක් පමණ මේයාලට ඕන වෙනවලු. ඒ වගෙම මේ Trenord සේවාව මගින් දවසකට මගීන් 820.000කට ප්‍රවාහන සේවා සපයනවා. මේ සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා මෙයාලට සේවකයන් 4,300ක් පමණ උවමනා වෙනවා කියලා තමා අන්තර්ජාලයේ සඳහන් වන්නෙ.
අවසානෙට තියෙන එක තමා ඉතාලියේ 2026දි එන්න තියෙන දුම්රිය සේවාව. මේක නම් දැන් තියෙන කෝච්චි වලට වඩා ගොඩක් advance project එකක්. මේකේ නම තමා Hypeloop කියන්නෙ. මේ Hyperloop ගැන මම වෙනමම ආටිකල් එකකින් පැහැදිලිව කියලා දෙන්නම් එතකන් මෙකෙ තියෙන කරුණු ටික විතරක් ඔලුවට දාගන්න.
සරලවම කිව්වොත් මේක යන්නෙ බටයක් දිගෙ බටයක් කිව්වට උමගක් වගෙ එකක්. මේ දුම්රියේ ස්පීඩ් එක පැයට කිලෝ මීටර 1200Km/h වෙනවා. තව 25ක් ගියානම් ශබ්දයෙ වේගයත් ඉක්මවන්න පුළුවන්. මේ මගින් දැනට Milan හා Rome අතර කිලෝ මිටර් 470ක පමණ දුර උඩ කියපු Italo හා Frecciarosa කියන දුම්රිය වලින් ගමන් කරන්න ගත වෙන පැය තුනක කාලය, විනාඩි 30ක් වැනි කෙටි කාලයකට සීමා වෙනවා. හැබැයි Hyperloop Project එක Space Xලාගෙන් ගන්නවද Vergineලගෙ ගන්නවද කියන එක ගැන තාම හරියටම තොරතුරක් නම් නැහැ. නමුත් Vergineල මේ Hyperloop පැත්තෙන් ටිකක් ඉදිරියෙන් සිටින නිසා බොහො දුරට මේ ප්‍රොජෙක්ට් එක Vergineලට බාර දෙන්න පුළුවන් කියන එකයි මගෙ මතය.
ඒ වගේම Hyperloop Project එක දැන් ඉතාලි රජය විසින් නම් කර ඇත්තෙ Milan - torino, Milan - Venezia, Milan - Rome යන ප්‍රධාන ගමනාන්ත තුන විතරයි. මෙහි දෙවන පියවර ලෙස Milno city එක හා Milan international එයාපෝට් එක වන Milan malpensa (Mxp) හා Rome city එක හා Rome එයාපෝට් එක වන Fiumicino (Fco) අතර ට්‍රැක් එක දිගු කිරිමට නියමිතයි. මෙහිදි මෙම ප්‍රධාන සිටි වල සිට එයාපෝට් එක දක්වා විනාඩි 2ක් වැනි කෙටි කාලයක් අතර තුර ලඟා වීමට හැකි බව තමා පවසන්නෙ.
දැනට නිල නොලත් වෙබ් අඩවි වල සඳහන් වන විදිහට Milan - Rome යාමට ටිකට් පතක මිල Euro 100ක් පමණ වනු ඇති බව තමා සඳහන් වන්නෙ. මේ ගාන පාඩුයි කියලා ඔයාට හිතෙනව නම්, මම මේ ගනන් ඇවරේජ් එකක් වශයෙන් එකිනෙක සසඳලා පහතින් දාන්නම්.
Milan to Rome
- Hyperloop = 30min Cost 110Euro
- Train = 3hrs 30min Cost = 100Euro
- Flight = 1hrs 10min Cost = 80Euro
දැන් ඔයාලට තෙරෙනවා ඇතිනෙ මෙ Hyperloop කොච්චර වාසිද කියලා.
ඉතාලියෙ තව කෝච්චි වර්ග තියෙනවා ඒවා ගැන වෙනම වෙලාවක කියලා දෙන්නම්. ඔක්කොම එක ගොඩෙ දැම්මොත් කළවම් මැල්ලුමක් වගෙ වෙනවනෙ. 😅
දැන් කට්ටිය බලනවා ඇති අද මොකද කවදාවත් නැතුව කෝච්චි ගැන කියලා දෙන්නෙ කියලා🤣 හැමදාම බෝම්බ ගැනයි මිසයිල ගැන ප්ලේන් ගැනයි රොකට් ගැනයි ජෙට් ගැනයි කියලා දෙන නිසා අද හිතුවා පොඩ්ඩක් වෙනදා ක්‍රමයෙන් පිට පැනලා කෝච්චි ටිකක් ගැන කියන්න ඕන කියලා.😅😅
මේක ලියන්න මට පැය හතරහමාරකට අධික කාලයක් ගියා. මේක මම ලියන්ඩ පටන් ගත්තෙ පාන්දර 3ට දැන් වෙලාව උදෙ 7.40යි. අවසාන ටික ලිව්වෙ බොහොම අමාරුවෙන් ඒක නිසා පොඩි පොඩි අඩු පාඩු ඇති ගනන් ගන්න එපා. 😅😅
එහෙනන් එක්කම පරමාණු බෝම්බ ගැන ආටිකල් එකකින් හමුවෙමු හැමොටම ජයවේවා එහෙනන්! 🤩