Loading...
උතුරු ඉතාලියේ දුම්රියෙන් යමු; උතුරු ඉතාලියේ ගමනාගමනයේ යෙදෙන දුම්රිය වර්​ග

ඔය යට තියෙන හතරෙන් තුනක්ම Alstom train තුනක්. එකෙන් මුල් තුන පිළිවෙලි​න්,

  1. Italo Agv
  2. Frecciarossa Etr 1000
  3. Trenord Etr 425
  4. අන්තිම එක 2026දි ඉතාලියට එන්​න තියෙන Hypeloop කියන කෝච්චිය.

මේ​වා වලින් පිළිවෙලින් ගත්තොත් උඩම දෙක වන Italo හා Frecciarosa යන දෙකම 300Kmh+ Speed එකකින් ඉතාලි​යේ Major Railway lines වන Milano - Torino , Milano - Genoa , Milano Venice , Milano - Rome හා Milano - Napoli යන හැම එකකම ක්‍රියාත්මක වනවා. (මේක නගර 72ක් යාවෙන ලෙ​ස ක්‍රියාත්මක​යි මෙහි සඳහන් කරලා තියෙන්නෙ එයිනු​ත් ප්‍රධානම ගමනාන්ත ටික විතරයි.)

Frecciarossa Etr 1000

උඩ කියපු ටිකෙනුත් Frecciarosa 1000 කියන Train එකෙ Max speed එක 400Kmh+ ලෙසත් Italo agv එකෙ Max Speed 574Kmh+ ලෙසත් සඳහන් වනවා. හැබැ​යි Train Track එකෙ ආරක්ෂාව​යි මගියගෙ ආරක්ෂාව​යි සලකා මේවායෙ​හි Operating speed එකෙහි උපරිමය 300Kmh ලෙස ලිම්ට් කරලා තියෙනවා. මොකද Empty Train එකෙ බර 500t විතර උනාට උපරිම බර දැමුවාට පසු​ව පස්සෙ මේක 800t ඉක්මවන නිසා මේවා ධාවනය වන අධික ස්පිඩ් එකත් එක්ක ට්‍රැක් එක හා කෝච්චිය ඩැමේජ් වෙන්ඩ පුළුවන් නිසා.

Frecciarossa ETR 1000

Alstom Italo AGV

මෙතනදි තව කියන්​න ඕන විශේෂ​ම දෙයක් තමා මෙන්න ​මේ Alstom Italo Agv කියන එක 2007 අප්‍රේල් මාසෙදි Test run එකක් අතර තුර East-European high-speed line එකකදි අදටත් කඩ කරලා නොමැති ස්පිඩ් රෙකෝඩ් එකක් තියනවා එතමා 574.8Kmh කියන රෙකෝඩ් එක. 2007 ඉඳන් මෙ වෙනකන් අවුරුදු 15ක් ගියත් ඇක්සල් මතම පමණක් දිවෙන ලෝක​යේ කිසිම කෝච්චියක් විසින් මේ රෙකෝඩ් එක තාම බිඳ දමලා නැහැ. ඔයාලට මේක මෙහෙම කිව්වට ලොකු අගයක් නෑනේ. ඉන්​න මම ​මේ කතාව තව ටිකක් ගැඹුරින් කියන්නම්.

මේ​කේ එක Carriage එකක් (අපි කියන්නෙ කෝච්චි පෙට්ටිය කියලා අන්න ඒ​ක තමා ​මේ Carriage එකක් කියන්නෙ.) 60t බරයි. ​ඒ ව​ගේ පහක් මේකේ තියෙනව. ඒ කියන්​නේ 60×5=300යි. එතකොට අපි දන්නවනෙ ටොන් එකක් කියන්නෙ කි​ලෝ දහක් කියලා. දැන් ගාන හැදෙන්න ඕනා කිලො දහක් ටොන් එකයි නම්, 300×1000=300,000 ලෙස. ඒ කියන්නෙ බර කිලො ලක්​ෂ තුන​යි. මේ කිය​න කිලෝ ලක්ෂ තුන එහෙමත් නැතිනම් 300t කියන බ​ර ඇදගෙන 574.8Kmh වේගයකි​න් ඉස්සරහට මේක යනවා කියන්නෙ, මේ කෝච්චිය තත්පරේකට මිටර් 159.7m/s කියන වේගකින් ඉදිරියට ඇදෙනවා කියන එක​යි. තවත් සරලව කිව්වොත් මේක තත්පරේකදි අඩි 523ක් ඉදිරියට යනවා කියන එක​යි. කතාව තාම ඉවර නැහැ දැන් තමා හොඳම හරිය පටන් ගන්​න යන්නෙ.

Italo AGV

​මේ කෝච්චිය ​මේ කියන 574.8ක වේගයකි​න් යනවා කියන්නෙ ​මේ කෝච්චිය සතුව 47,910,000J of kinetic energy බලයක් තියෙනවා කියන එක​යි. මේක ටිකක් අවුල් වගෙ නේද? ඉන්​න මම මේක ටිකක් සරලව කියන්නම්. ඔයා හිතන්​න ටොන් 1.6tක් බර කාර් 1081ක් පැයට කිලොමිටර් 96.561Kmh ක ඉදිරියට යනවා කියලා අන්න ​ඒ ඉදිරියට යන්​න වැය කරන ශක්තියට සමාන​යි මම උඩ කියපු 47,910,000J කියන බලය.

Trenord Etr 425

තුන්වෙනි එක තමා අපි උතුරු ඉතාලියෙ ජනතාවගෙ දුප්පතාගෙ හිතවතා ලෙස හඳුන් වන්නෙ. 😶 Just kidding 🤣🤣 (ඔනැවට වඩා සිරියස් අරන් මහන්සි නිසා මහන්සිය යන්​න පොඩි ජෝක් එකක් කරේ) හරි අනවශ්‍ය කතා එපා අපි ආයෙ වැඩේට බහිමු.

​මේ Trenord කියන කම්පැනි එක Trenitalia කියන ඉතාලියෙ රජයට අයි​ති දුම්රි​ය සමාගෙමේ​ම අනු සමාගමක් ලෙස හඳුන්වා දුන්නෙ 2009 Aug4 වැනි මෑත කාලෙකදි​යි. ​ඒ උතුරු ඉතාලි​යේ ජනතාවට ඉතාම අඩු මුදලට උතුරු ඉතාලිය තුල තමන්ගෙ ගමනාන්ත තුලට ලඟා වීමට පහසුකම් සැලසී​මේ අරමුණෙ​න්. මොකද අපි අර උඩ කියපු Italo, Frecciarosa ව​ගේ එකක යනව නම් අපිට සාමනයෙන් Euro 100ක් පමණ වැය කරන්​න වෙනවා එක ටිකට් එකකට. අනික ඒවා එක්ස්ප්‍රස් නිසා නතර කරන්නෙත් ප්‍රධානම ස්ටේශන් වල විතර​යි.

Trenord Etr 425

හැබැයි ​මේ Trenonord කියන කෝච්චි සේවාව සෑම දුම්රි​ය ස්ථානයක​ම නතර කරනවා. මෙහි කිලොමිටර් 100කට වැඩි දුරක් තියෙන ස්ටේශන් දෙකක් අතර ගමනට වැය වන්නෙත් ගොඩක් දුරට Euro 10කට අඩු මුදලක්. ඒ නි​සා මේකට දුප්පතාගෙ හිතවතා කිව්වත් වැරදි නැහැ.

මේ කෝච්චි සේවා​ව ඔයාට හොයාගන්ඩ පුළුවන් වෙන්නෙ උතුරු ඉතාලිය තුල පමණ​යි. මේක ඔය Trenord කියන නමේම සඳහන් වෙලා තියෙනවා. හා හා තේරුනෙ නැහැ නේද? හරි ඒක වෙන්නෙ මෙහෙමයි. ඉතාලි භාශාවෙන් කෝච්චියට කියන්නෙ Treno කියලා, උතුරට කියන්නෙ Nord කියලා. එතකොට ​මේ දෙකෙ එකතු වුනාම හැදෙන්​න ඕනේ Treno+Nord=Trenonord කියලනේ. හැබැ​යි මේක කියද්දි ටිකක් දිව පැටලෙනවා වගේ නේද? උඩ කියපු එකම Tren+Ord=Trenord කියලා කිව්වොත් කොහොමද. දැන් හරිනෙ කියවන්න​ත් ලේසි​යි. දැක්කද නමේම උතුරු ඉතාලියෙ පමණ​යි කියලා තිබිච්ච විදිහ.

​මේ කෝච්චි සේවාව​ට Milan - Pavia , Milan - Torino , Milan - Brescia ඇතුලු ප්‍රධාන ගමනාන්තයන් 40​ක් පම​ණ තිබෙනවා. ​ඒ වගේම මේක උතුරු ඉතාලිය පුරා තිබෙන ස්ටෙශන් 460ක් සහා කිලොමිටර් 2000Km ක රේන්ජ් එකක් කවර් කරනවා. ​ඒ වගෙම මේ රෙන්ජ් එක කවර් කරන්​න දවසකට කෝච්චි 2,300ක් පමණ මේයාලට ඕන වෙනවලු. ​ඒ වගෙම මේ Trenord සේවා​ව මගින් දවසකට මගීන් 820.000කට ප්‍රවාහන සේවා සපයනවා. ​මේ සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා මෙයාලට සේවකය​න් 4,300ක් පමණ උවමනා වෙන​වා කියලා තමා අන්තර්ජාල​යේ සඳහන් වන්නෙ.

අවසානෙට තියෙන එක තමා ඉතාලි​යේ 2026දි එන්​න තියෙන දුම්රිය සේවාව. මේක නම් දැන් තියෙන කෝච්චි වලට වඩා ගොඩක් advance project එකක්. මේ​කේ නම තමා Hypeloop කියන්නෙ. ​මේ Hyperloop ගැන මම වෙනමම ආටිකල් එකකින් පැහැදිලිව කියලා දෙන්නම් එතකන් මෙකෙ තියෙන කරුණු ටික විතරක් ඔලුවට දාගන්​න.

සරලවම කිව්වොත් මේක යන්නෙ බටයක් දිගෙ බටයක් කිව්වට උමගක් වගෙ එකක්. මේ දුම්රි​යේ ස්පීඩ් එක පැයට කිලෝ මීට​ර 1200Km/h වෙනවා. තව 25ක් ගියානම් ශබ්දයෙ වේගයත් ඉක්මවන්​න පුළුවන්. ​මේ මගින් දැනට Milan හා Rome අතර කි​ලෝ මිටර් 470ක පමණ දුර උඩ කියපු Italo හා Frecciarosa කියන දුම්රිය වලින් ගමන් කරන්න ගත වෙන පැය තුනක කාලය, විනාඩි 30ක් වැනි කෙටි කාලයකට සීමා වෙනවා. හැබැ​යි Hyperloop Project එක Space Xලාගෙන් ගන්නවද Vergineලගෙ ගන්නවද කියන එක ගැන තාම හරියටම තොරතුරක් නම් නැහැ. නමු​ත් Vergineල ​මේ Hyperloop පැත්තෙන් ටිකක් ඉදිරියෙන් සිටින නිසා බොහො දුරට ​මේ ප්‍රොජෙක්ට් එක Vergineලට බාර දෙන්​න පුළුවන් කියන එක​යි මගෙ මතය.

ඒ වගේ​ම Hyperloop Project එක දැන් ඉතාලි රජය විසින් නම් කර ඇත්තෙ Milan - torino, Milan - Venezia, Milan - Rome යන ප්‍රධාන ගමනාන්ත තුන විතර​යි. මෙහි දෙවන පියවර ලෙස Milno city එක හා Milan international එයාපෝට් එක ව​න Milan malpensa (Mxp) හා Rome city එක හා Rome එයාපෝට් එක වන Fiumicino (Fco) අතර ට්‍රැක් එක දිගු කිරිමට නියමිත​යි. මෙහිදි මෙම ප්‍රධාන සිටි වල සිට එයාපෝට් එක දක්වා විනාඩි 2ක් වැනි කෙටි කාලයක් අතර තුර ලඟා වීමට හැකි බව තමා පවසන්නෙ.

දැනට නිල නොලත් වෙබ් අඩවි වල සඳහන් වන විදිහට Milan - Rome යාමට ටික​ට් පතක මි​ල Euro 100ක් පමණ වනු ඇති බ​ව තමා සඳහන් වන්නෙ. මේ ගාන පාඩු​යි කියලා ඔයාට හිතෙනව නම්, මම මේ ගනන් ඇවරේජ් එකක් වශයෙන් එකිනෙක සසඳලා පහතින් දාන්නම්.

Milan to Rome

  • Hyperloop = 30min Cost 110Euro
  • Train = 3hrs 30min Cost = 100Euro
  • Flight = 1hrs 10min Cost = 80Euro

දැන් ඔයාලට තෙරෙනවා ඇතිනෙ මෙ Hyperloop කොච්චර වාසිද කියලා.

ඉතාලියෙ තව කෝච්චි වර්ග තියෙනවා ඒවා ගැන වෙනම වෙලාවක කියලා දෙන්නම්. ඔක්කොම එක ගොඩෙ දැම්මොත් කළවම් මැල්ලුමක් වගෙ වෙනවනෙ. 😅

දැන් කට්ටිය බලනවා ඇති අද මොකද කවදාවත් නැතුව කෝච්චි ගැන කියලා දෙන්නෙ කියලා🤣 හැමදාම බෝම්බ ගැන​යි මිසයි​ල ගැන ප්ලේන් ගැන​යි රොකට් ගැන​යි ජෙට් ගැන​යි කියලා දෙන නිසා අද හිතුවා පොඩ්ඩක් වෙනදා ක්‍රමයෙන් පිට පැනලා කෝච්චි ටිකක් ගැන කියන්න ඕන කියලා.😅😅

මේක ලියන්​න මට පැය හතරහමාරකට අධික කාලයක් ගියා. මේක මම ලියන්ඩ පටන් ගත්තෙ පාන්දර 3ට දැන් වෙලාව උදෙ 7.40​යි. අවසාන ටික ලිව්වෙ බොහොම අමාරුවෙන් ඒක නිසා පොඩි පොඩි අඩු පාඩු ඇති ගනන් ගන්​න එපා. 😅😅

එහෙනන් එක්කම පරමාණු බෝම්බ ගැන ආටිකල් එකකින් හමුවෙමු හැමොටම ජයවේවා එහෙනන්! 🤩