Loading...
Nvidia විසින් 24GB GDDR6X වලින් සමන්විත RTX 3090 ඇතුලු ඔවුන්ගේ නවතම RTX 30 GPU හඳුන්වා දේ

Nvidia සමාගම විසින් පරිගණක ක්‍රීඩකයන් සඳහා හඳුන්වාදෙන ඔවුන්ගේ නවතම graphic card series එක වන RTX 30 series එක RTX 3070, RTX 3080, සහ RTX 3090 සමඟින් හඳුන්වා දෙනු ලැබුවා. මෙම නවතම graphic cards හරහා ඔවුන් විසින් පසුගිය පරම්පරාවට වඩා දෙගුණයක performances සහ, 1.9x අගයක බලශක්ති පිරිමැසුම් කාර්‍යක්ෂමතාවයක වර්ධනය කර ගැනීමක් සිදුකරගැනීමට සමත් වෙලා තියෙනවා.

මෙම නව RTX 30 Series එකේ GPU,  RTX 20 series එකේ GPU සමඟ සැසඳීමේදී FP32 ප්‍රතිදානය දෙගුණයකින් වැඩිවී ඇති අතර processing power එක 30 Shader-TFLOPS අගයක් ගෙන තිබෙනවා. එමෙන්ම ray tracing සඳහා 58 RT-TFLOPS processing power එකක් ලබා දෙනවා.

එමෙන්ම RTX 30 series එකේ GPU වලදී, ගිය වසරේදී RTX cards සඳහා භාවිතා කල DLSS තාක්ෂණය භාවිතා කර තිබෙනවා. කෙසේ වුවත්, මෙම RTX 30 සඳහා මෙහිදී Nvidia DLSS සමඟම තෙවන පරම්පරාවේ Tensor Cores භාවිතා කර තිබෙනවා. මේ හරහා ඔවුන් භාවිතා කරන AI හරහා බලගැන්වෙන තාක්ෂණික ක්‍රියාවලිය වේගවත් හා කාර්‍යක්ෂම කරගැනීමට ඔවුන් සමත් වෙලා තියෙනවා.

RTX 3070, 3080 සහ 3090හි භාවිතා වන්නේ Nvidia සමාගම Micron සමාගම සමඟ නිපදවූ GDDR6X memory කියන තාක්ෂණයයි. මෙහිදී Nvidia සමාගම සහතික වෙනවා මෙම Graphic cardsහි දත්ත සම්ප්‍රේශණ වේගය 1TB/sට ආසන්න අගයක් ගන්නා බව. ඒ හරහා අපට මෙම නව GPU හරහා වඩාත් හොඳ කාර්‍ය සාධනයක් ලබා ගත හැකි වෙනවා.

RTX 30 Series එක සමඟින් හඳුන්වා දූ නවතම GPU වල specifications - Source: Nvidia

RTX 30 වර්ගයේ GPU මිලදී ගන්නා තම පාරිභෝගිකයන්ට Watch Dogs: Legion සඳහා GeForce Nowහි වස්රක subscription එකක් සීමිත කාලයක් තුලදී බලා දීමට Nvidia සමාගම තීරණය කර තිබෙනවා.

මේ සමඟම ray tracing enabled graphics සහිතව Fortnite, Call of Duty: Black Ops Cold War යන පරිඝණක ක්‍රීඩා දෙකෙහි updates නිකුත් වීමට නියමිත බව ප්‍රකාශ කර තිබෙනවා.

Cover imageහි දැක්වෙන්නේ RTX 3090හි founders editionහි ඡායා රූපයක් වන අතර ඉදිරියේදී වෙළඳ පලට නිකුත් වන RTX 3090 අඩංගු GPU මීට වඩා වෙනස් විය හැක.

Source: Nvidia