මීට අවුරුදු ගානකට කලියෙන් අපි ගත්තු සමහර phones වලට ඉතාම කුඩා ප්‍රාථමික මට්ටමේ camera එකක් බලා ගන්න පුලුවන් උනා. නමුත් කාලයත් සමඟ අපි මිලදී ගන්න phone එකට කැමරාවක් අඩංඟු වීම විනා, අපි මිලදී ගන්න කැමරාවට phone එකක් අඩංඟු වීම සිදුවුනා.

මං එහෙම කිව්වෙ අද කාලෙ අපි phone එකක් ගන්න ගියාම ඕනම කෙනෙක් අහන දෙයක් තමයි “මේකේ MP ගාන කියද? මේකේ sensor එක මොකක්ද? Auto focus ද fixed focus ද?" වගේ ප්‍රශ්න. මොකද කිව්වොත් අපි අද පාවිච්චි කරන phone වල අනිත් හැම දේකටම වඩා manufactures ලා පවා උනන්දු වෙන්නෙ camera quality එක ගැන.

ඉතින් camera එක ගැන කතා කරද්දි ඔය sensor එක මොකක්ද, MP ගාන කීයද වගේ විස්තර හැමෝම දන්නවනෙ. ඒත් ගොඩක් අය නොදන්න දෙයක් තමයි මොකක්ද මේ OIS සහ EIS කියන්නෙ කියල. අද අපි කතා කරන්න යන්නෙ මොකක්ද මේ OIS සහ EIS කියන්නෙ කියල.

OIS සහ EIS භාවිතා කිරීමට හේතුව වෙන්නෙ අපි ලබා ගන්න චායාරූප හා වීඩියො දරශන වල පැහැදිලි බාවය තබා ගැනීමටයි. ඒ කියන්නෙ photo එකක් blur නොවී එහෙමත් නැත්නම් බොඳ නොවී ලබා ගැනීමට, Video එකක් හෙලවෙන්නෙ නැතුව smoothly record කර ගන්න. මේ OIS සහ EIS සෑහෙන උදව්වක් වෙනවා.

OIS. එහෙමත් නැත්නම් Optical Image Stabilization:-

මෙකේදි වෙන්නෙ කැමරාව හෙලවීමට සාපේක්ශව camera Sensor එකට Lenses හරහා එන ආලෝක තරංග වල දිශාව වෙනස් කරමින්, ඒ ආලෝක තරංග sensor එක මතට නිවැරදිව ලැබීමට සැලැස්වීමයි. මෙම ආකාරයේ camera modules වලට අපි ටිකක් ලං වෙලා බැලුවොත් අපිට බලා ගන්න පුලුවන් පැහැදිලිවම මේ modules වල camera lens එක fixed නොවන බව. ඒක ඇඟිල්ලකින් උනත් එහා මෙහා කරන්න පුලුවන් විදියට හදල තියෙන්නෙ.

image Sourse:- JerryRigEverything

මේක කොහොමද වෙනව ඇත්තෙ?

අද වන විට ආපු ගොඩක් phones වලට තියෙනව gyroscope sensor එකක්. ඒකෙන් වෙන්නෙ phone එකක X Y Z කියන axis වල අගයන් නිවැරදිව ගණනය කර ගන්න එක. ඉතිං ඔයා phone එක අතේ තියන් හෝ මේසයක් මත තියල තියෙන වෙලාවක සිද්ද වෙන ඕනම සෙලවීමකදි මේ gyroscope එකේ අගයන් වෙනස් වෙනවා. ඉතින් මේ data වලින් පුලුවන් phone එකට තීරණය කරන්න මේ වෙලාවෙ phone එක තියෙන්නෙ මොන විදියටද කියල උනත්. මෙන්න මේ කිව්ව gyroscope sensor එකේ data අපිට උදව්වක් වෙනව අපේ OIS එක හරියට වැඩ කරන්න. මොකද camera එකේ lenses මං කලින් කිව්ව වගේ තියෙන්නෙ fixed නෙමෙයි. ඒවා තියෙන්නෙ movable විදියට.

හැබැයි ආවට ගියාට එව්ව හෙලවෙන්නෙ නෑ. Lenses වල frame එක වටේ හතර පැත්තෙන් අපිට බලා ගන්න පුලුවන් පොඩි electromagnets කිහිපයක් හා ඒ කෙලින්ම වගේ permanent magnets කිහිපයකුත්. Electromagnets කිව්වම ඕන කෙනෙක් දන්නව ඒකට supply voltage එකක් නැත්නම් ඒක නිකන් කම්බි දඟරයක් විතරයි කියල. ඉතින් මේ කම්බි දඟර වලට අවශ්‍ය කරන power එක හම්බෙන්නෙ අර gyroscope sensor එකෙන් ලැබෙන data මතයි. ඉතින් මේකෙදි ඔයාගෙ phone එක හෙලවෙන පැත්තට විරුද්දව තමයි lens එකේ movements ඔක්කොම වෙන්නේ. එහෙම කරල පුලුවන් තරම් lens එක හරහා එන ආලෝකය camera sensor එකට හරි විදියට ලබෙන්න සලස්වනව.

DSLR camera එකක lens එක තුල ඇති Image stabilizer කොටස

අපිට මෙමඟින් ඉතාම හොඳ මට්ටමේ result එකක් ගන්න පුලුවන් still images එහෙමත් නැත්නම් photos වලට. නමුත් මේකේ එක disadvantage එකක් තියෙනවා. ඒ තමයි videos වලට මේක ටිකක් කරදරයි. මොකද සමහර වෙලාවට videos වල jello effect (video එක නලියනව වගේ පේන එකට අපි කියන්නෙ jello effect කියල) එක එන පුලුවන්. ඒකට හේතුව sensor එකට ආලෝකය එන්න හදනකොටම ඒක පුලුවන් තරම් හරිගස්සල එවන්න lens එක හැම වෙලාවෙම උත්සහ කරනවා. ඉතින් ඒ movable parts වල delay එක නිසා video එකක් record කරනව කියන්නෙ ඒ හැම data එකක්ම save වෙනව කියන එක...

ඒ නිසා මේ option එක still photography වලට නම් ගොඩක් හොඳ feature එක විදියටයි මං දකින්නෙ.

EIS. එහෙමත් නැත්නම් Electronic Image Stabilization:-

මේක නම් OIS එකට වඩා ටිකක් වෙනස් විදියකට වැඩ කරන්නෙ.. මුල් ටික ඒ කියන්නෙ stabilization එකට අවශය කරන data ලබා ගැනීම calculations ඔක්කොම කලින් විදියමයි. (Gyroscope sensor එක හරහා)

නමුත් ඊට පස්සෙ ඒ data වලින් වැඩ ගන්නෙ ටිකක් වෙනස් විදියට. මේකට electronic stabilization කිව්වට වෙන්නෙ software පැත්තෙන් ලොකු වැඩ කොටසක්. ඔයාල අහල ඇතිනෙ optical zooming සහ digital zooming ගැන මීට කලින්.. ඉතින් මේ digital zooming එකකදි වෙන්නෙ image එක crop වීමක්. එහෙම crop වෙන image එක නැවත resize කිරීමක් කරනවා. එතකොට image එකේ quality එක සෑහෙන දුරකට අඩු වෙන නිසා තමයි ගොඩක් අය digital zoom වලට අකමැති.

මෙතනදි වෙන්නෙත් ආන්න එහෙම දෙයක්. අපිට display  එක හරහා පේන්නෙ image sensor එකට අහුවෙලා තියන කොටසනෙ. ඒත් මෙතනදි sensor size එකට වඩා තව 10%ක් වගේ zoom වෙලයි තියෙන්නෙ. නමුත් ඒ  ටික පාවිච්චි වෙන්නෙ අපේ video එකේ stabilization proses එකට. මේ ක්‍රමේ නම් videography වලට ගොඩක් සාර්තකයි. OIS එකේදි වගේ jello effect එන එක මේකෙදි ගොඩක් අඩුයි. මොකද මේකේ stabilization proses එක වෙන්නෙ සම්පූර්ණම video එක උනාට පස්සෙ මිසක් video එක වෙන අතරතුර නෙමෙයි.

හැබැයි මේකෙත් අවාසි කිහිපයක් තියෙනව. ඒ තමයි still image වලට මේක ටිකක් කරදරයි, image එක blur වෙන්න පුලුවන්. ඒ වගේම video එක උනත් digital zooming වල වගේම crop වෙලා එන නිසා video quality එක තරමක් අඩු වෙන්න පුලුවන්..

ඉතින් ඕක තමයි මේ OIS සහ EIS අතර වෙනස. මේ ක්‍රම දෙකේම වාසි වගේම අවාසිත් තියෙනව කියල ඔයාලට තේරෙන්නෙ ඇතිනේ. ඉතින් ආයෙ phone එකක් ගන්නකොට තමන්ට මේ දෙකෙන් වඩා හොඳයි කියල හිතෙන එක තෝරගන්න වගබලා ගන්න. දැං නම් හැබැයි අලුතෙන් එන ගොඩක් flagship smartphone වල මේ options දෙකම තියෙන නිසා ඔයාල පාවිච්චි කරන වෙලාවට හරියන option එක පාවිච්චි කරනව නම් හොඳ result එකක් ගන්න පුලුවන්.