Loading...
OLED Display ද Use කරන්නේ ? එහෙනම් අනිවාරෙන්ම කියවන්න

Super AMOLED Display Burning

ගොඩක් දවස් ඉදන් කතා කරන්න හිතපු Topic එකක් ගැන අද Post එකක් අරන් එන්න හිතුවා හැමෝම වගේ මේ ගැන ප්‍රශ්න කරලා තිබුනා විසදුම් අහලා තිබුනා. ඉතින් මම දන්න තරමින් අද ඔයාලට මේ Post එක අරන් එන්න හිතුවා. අනිවාරෙන් කියවලා බලන්න. ඒ වගේම දන්න යාලුවන්ටත් දැන ගන්න Share කරන්න අමතක කරන්න එපා.

OLED කිව්වම හැමෝම වගේ ආස කරන Display Panel එකක්. ගොඩක් අය බලන්නේ එයාලා ගන්න Device එක Budget එකක් උනත්, ඒකට OLED Panel එකක් එක්ක ගන්න තමා Try කරන්නේ. කොහොම උනත් මේ Display Panels වල තිබෙන වාසි වගේම ටිකක් ලොකු අවාසියකුත් තියෙන බව සමහර අය දන්නවා වගේම සමහර අය නොදැන පාවිච්චි කරන්නේ. මොකක්ද ඒ අවාසිය?

Display Burning ගැන කතා කරනකොට මෙය LCD Panels වලට බලපාන්නේ ඉතාමත් කලාතුරකින් ඒක හරියටම Burning කියන්නත් බැ ඒ හා සමානව එන තවත් තාක්ෂනික දෝශ වෙන්නත් පුලුවන් නමුත් OLED Display වලට නම් මෙය බලපාන ඉඩ කඩ වැඩි.

CRT Monitor එකක් හෝ TV එක්ක ගත්තොත් Display එකෙහි එකම ස්තානයේ එකම දේ දිගු කාලයක්  ප්‍රදර්ශනය කලහොත් Display Burn වීමට බලපාන හේතුවක් ලෙස දක්වන්න පුලුවන්. Windows XP වල ගත්තොත් සැරින් සැරේ මාරු වෙන Screen Saver එකක් අපිට දැක ගන්න ලැබෙන්නේ මේ Display Burning වලට යොදලා තියෙන එක විසදුමක් ලෙසට.

Android Device වලට හා Apple Device වලටත් මේ Screen Bruning මේ ආකාරයටම බලපාලා තිබෙනවා ගොඩක් දුරට Display එකෙහි Transparent Images මතුවීම Green or Yellow Color වලට Display Color එක මාරු වීම Ghost Images මතු වීම. (කලින් භාවිතා කරපු App එක හෝ Play කරපු Game එකේ Interface එක Device එකේ Home Screen එකට යටින් චායාවක් මෙන් පෙනීම)

සුදු වර්ණයෙන් යුක්ත Wall Paper හෝ Screen එක White යොදා ද මේ Screen Burning Patches හදුනා ගත හැක. මේ වගේ විවිදාකාරයේ ලක්ෂන මතු වෙනවා මෙහෙම Display Burn වෙන්න පටන් ගත්තම. (සාමාන්‍ය භාවිතයේදි අපිට මේක නිකන්ම අදුර ගන්න පුලුවන් Display එකෙහි සිදුවෙන වෙනස් වීම් එක්ක)

pixel burnt iphone x android wedakarayo wadakarayo
Pixel burn වුන iPhone X දුරකථනයක් - Source reddit.com

Display Burn වීමට හේතු මොනවද කතා කරොරොත් ප්‍රදාන වශයෙන් High Brightness යටතේ දිගු කාලයක් Device එක එක දිගට පාවිච්චි ක්‍රීම ගොඩක් දුරට Display Burn විමට හේතුවක් වෙන්න පුලුවන්. තවද කලින් සදහන් කර ආකාරයට එකම Icon එක හෝ යම්කිසි දෙයක් Display එකෙහි එකම තැන දිගු කාලයක් පැවතීම මේ Display Burn වීමට තවත් හේතුවක්. (මෙය ගොඩක් දුරට බලපාන්නේ Home Screen එකෙහි දිගු වේලාවක් Device එක Screen On එකේ පැවතීමෙන්)

High Contrast Images දිගු කාලයක් Home Screen Wallpaper එක විදිහට භාවිතා කිරීමද හේතුවක් ලෙස සලකන්න පුලුවන්. ඒ වගේම Mobile Games Play කිරිමේදි උදාහරනයක් ලෙස එකම තැන පවතින Score Boards වගේ එකම තැන දිගු වේලාවක් එකම ආකාරයට රැදෙන මේ ආකාරයේ විවිද දේවල් නිසා Burn වෙන්න තිබෙන ඉඩ වැඩි.

කොහොමද අපි Screen Burns වලින් බේරෙන්නේ ? ඇත්තම මේ ගැන උනන්දුවෙන් සිටියොත් අපිට පුරුද්දක් කර ගන්න පුලුවන් මේ වගේ Burn වෙන්න තිබෙන අවස්තා වලින් මග හැරලා Device එක වෙනදා වගේම පාවිච්චි කරන්න. මෙන්න මෙහෙම සදහන් කරන්නම් Tips ටිකක්.

  1. ඔබට අනවශ්‍ය වෙලාවට Screen Brightness Low මට්ටමක තමා ගැනීම. Screen time out එක Low මට්ටමක තමා ගැනීම
  2. (30 Secs) Mobile Gaming වලදි පැයක් හෝ දෙකක් එක දිගට Screen එක On එකේ නම් පොඩි වෙලාවකට Display එක Off කර On කරන්න.
  3. සැම විටම Full Screen Mode Use කරන්න ( දගූ වේලාවක් භාවිතා කරන Apps වලට)
  4. Dark Mode Dark Wallpapers භාවිතයෙන් Display Burn බොහෝ දුරට අඩු කර ගත හැක. දැනටමත් ගොඩක් Device වලට Dark Mode OS Updates වලින්ම දීලා තිබෙනවා.
  5. You tube Videos නරබන විට එකදිගට දිගු වේලාවක් Normal View එකෙහි නැරබීමෙන් වැලකෙන්න. (Rotate කරලා Full screen මද වේලාවක් හරි නරබන්න) එකම Wallpaper එක දිගු කාලයක් Use කිරීමෙන්ද Display Burn වීමට හැකිය. (High Contrast Wallpapers)

ඉතින් ඔය සදහන් කරේ Mainly අපිට අවශ්‍ය වෙන කරුනු ටික Screen Burn වලින් බේරිලා ඉන්න නම්. මේ කරුනු මතක තියාගෙන වැඩ කරොත් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් ඉතින් මේක හැමෝටම එන අවුලක් නෙමේ කාලාතුර්කින් කිහිප දෙනෙක්ට එන්න පුලුවන් දෙයක්. ගොඩක් අය අහලා තිබුනා Screen Burn උනාම හදා ගන්න පුලුවන්ද කියලා මම දැනට දන්න විදිහට නම් 100% විසදුමක් නෑ.

ගොඩක් දුරට තමන්ගේ Phone එකේ Company Warranty තිබෙනවා නම් Claim වලට දෙන්න (Samsung වල නම් ගොඩ දෙනෙක් ගේ Free Display Replace කරලා තිබුනා)  ඒ වගේම Screen Burn Fixing Apps ගොඩක් Play store එකෙ තිබුනත් 100% Fix කරන්න නම් අමාරුයි ඒ Apps වලින්. තාවකාලික විසදුමක් වගේ ගන්න පුලුවන් ඒ හරහා. ඉතින් Screen Burn Effects නැතුව මේ Apps Use කරන්න යන්න එපා ඒ හරහා මොන වගේ ප්‍රතිඵලයක් එයිද කියන එක ගැන වගකියන්න බැ.

Screen Burn ගැන ඔයාලාගේ අදහස් අනිවාරෙන් Comment Section එකේ පල කරන්න. අනිත් අයටත් දැන ගන්න අනිවාරෙන් Share කරන්න.