Loading...
ගෙදර ඉන්න ටිකේ ඔයාගේ Phone එක Organize කර ගමුද?

අපේ Digital උන මේ ජිවිතේ වැඩියම use වෙන දේ තමා ලග තියෙන Phone එක; තාක්ශනික මෙවලම් වලින් අපි ලොකයට සමීප කරා වගේම අපේ ජිවිතේ නිදහසත් අපෙන් උදුරගත්තා. ඉතිං Digital Minimalism යටතේ Productive විදියට ඔයාගේ Phone එක Organize කරගන්න හැටි අපි අද කතා කරමු.

අනවශ්‍ය දෙවල් නැතුව කරන්න පුලුවන් දේවල් ගැන කෙලින්ම කතා කරමු අපි.

අනවශ්‍ය Applications remove කරගමු

ඔයාගේ Phone එකේ කොච්චර Apps තියෙනවද, 70ක් 80ක් 100ක් ඊටත් වැඩි වෙන්න පුලුවන් නේද , ඉතිං මේ ඔක්කම ඔයා use කරනවද? මාස ගානකින් open නොකරපු apps කොච්චර තියෙනවද? තියෙනවද වත් නොදන්න apps කොච්චර තියෙනවද? ඉතිං පොඩි වෙලාවක් අරන් මේ වැඩක් නැති apps ඔක්කම delete කරන්න. තව ඔයාගේ phone එකේ අනිවාරයෙන්ම එකම දේ වෙන apps ඔනේ තරම් ඇති (ex: camera apps) ඉතිං මේ ඔක්කම අයින් කරන්න.

ඔයාට ඕනෙම apps විතරක් තියාගන්න. ඒ වගේම ඔයාගේ phone එකට calendar ,  reminder වගේ built in apps ගොඩක් එනවා ඉතිං ඔයා මේ apps use කරනවා වෙන්න පුලුවන්. ඒ වගේම google වගේ app developers ලගේ apps use කරනවා වෙන්න පුලුවන්. ඒත් එකම app දෙකක් ඕනේ නෑ නේද. Google calendar app එක නම් ඔයා use කරන්නේ ඇයි stock calendar app එකක් තියන් ඉන්නේ ? ඒ වගේ apps delete කරන්න නැත්තන් disable කරන්න.

Notification ගැන බලමු

අපේ නිදහසට ලොකුම බාධාවක් එල්ල වෙන්නේ මේ අනවශ්‍ය notification නිසා. ඔයා phone එකේ install කරන හැම app එකකින්ම පවා මේ කරදර කාර notification එනවා මේ හැම එකක්ම අවශ්‍යද ඔයාට, නෑ නේද ඉතිං ලේසිම දේ තමා ඔයා most used apps තේරුම් ගන්න එක. ඔයාගේ phone එකේ communication apps ඔක්කම වගේ notification enable කරලා තියාගන්න. ඒත් camera apps , editing apps , productivity apps , gaming apps වල නැත්තන් online shopping apps වල notification ඕනෙද? නෑ නේද ඉතිං ඒ ඔක්කම notification අයින් කරගන්න.

තව හිතන්න Instagram , Facebook වගේ social media apps කොච්චර අපේ කාලේ කනවද. ඉතිං අපි දවසට කීප සැරයක් ඔව්වා බලන එකේ නරකද මේවගෙත් notification අයින් කරලා දාන එක. ඕනෙම නම් notification badge විතරක් තියන්න එතකොට අලුත් දෙයක් තියෙනවා නම් දැනගන්න පුලුවන්, ඔයාලට හැබැයි කරදරයක් නෑ. හැම වෙලේම වදයක් වෙන්නේ නෑ. ඉතිං මේ දේ මං මගේ use case එකෙන් කීවට එක එක්කෙනා අනුව වෙනස් කොහොමත් කෙටියෙන් කියනවා නම් ඔයාට ඕනේ නැති වදකාර notification අයින් කරගන්න.

Phone එකේ settings හා features ගැන බලන්න.

ඔයාගේ phone එකේ ගොඩක් features , settings එනවා ඉතිං මේ ඔක්කම ඔයාට ඕනේ වෙන්නේ නැති වෙන්න පුලුවන් මොකද phone manufacture ලා මේ device හදන්නේ අපිටම විශේෂයෙන් නෙවේ majority එකකට ගැලපෙන්න. ඉතිං පොඩි වෙලාවක් අරගෙන ඔයාගේ phone එකේ settings and features බලන්න ඔයාට අත්‍යවශ්‍යම දෙවල් ඇර අනිත් ඔක්කම off කරලා දාන්න. තව මේ යටතටම ගන්න පුලුවන් App Permissions හිතන්න ඔයාගේ editing apps වලට මොකටද GPS , microphone access ඒ වගේ ඔයා use කරන apps වලට ඕනේ permission විතරක් දෙන්න. විශේෂයෙන් only when using හෝ ask next time වගේ දෙන්න GPS වලට. මේ දෙයින් ඔයාට battery life එක වගේම privacy එකත් improve වෙනවා.

Home එක නැත්තන් user interface එක organize කරගන්න

මෙහෙම හිතමු, ඔයාගේ තියෙන Apps ගොඩක්ම social, productivity, gaming, entertainment , photo and editing වගේ category වලට බෙදාගන්න.  ඒවා වෙනම folders හරි home page වලට හරි ඇඩි කරගන්න. එතකොට ඔයා දන්නවා ඔයාට ඕන දේ කොතනද තියෙන්නේ කියලා. ඉක්මනට වැඩ කරගන්න මේක ලොකු උදව්වක් වෙයි. ඒ වගේම widgets use කරනවා නම් ලස්සනට තියන් ඉන්නේ නැතුව වැඩක් වෙන්නේ නැත්තන් එවත් අයින් කරලා දාන්න. මෙහෙම කරාම ඔයාලට ලොකු නිදහසක් දැනෙයි. ඒ වගේම ඔයා නිතරම use කරන apps ලගම තියාගන්න මුල් පිටුවේ හරි dock එකේ හරි.

Productive වෙන්න.

Phone එක  හැම වෙලේම ඔයාට ඕන දේ ඉක්මනින් වේගයෙන් කරගන්න tool එකක් කරගන්න. Phone එකට ඔයාව control කරන්න නොදී ඔයා phone එක control කරන්න. Task manager එකක් reminder app එකක් notes නැත්තන් voice memo app එකක් financial management app ( spending manager ) එකක් හා password manager එකක් use කරන්න. නිකන් phone එකේ එල්ලිලා ඉන්නවා වෙනුවට phone එකෙන් වැඩක් ඇති වැඩක් ගන්න .

Gallery වගේ apps ඇතුලේ තියෙන අනවශ්‍ය කහල ගොඩවල් අයින් කරගන්න අවුරුදු ගනන් ගහපු screen shot වගේම එක වගේ photo කොච්චර ඇද්ද. ඒ ඔක්කම අයින් කරගන්න මේ දේට duplicate photo finder apps උදව් කරගන්න. මේකෙන් ඔයාට ඔනේ දේ ඉක්මනට හොයාගන්න වගේම storage එකත් ඉතුරු වෙනවා. තව Google Photos වගේ service එකක් use කරන්න, googleලගේ recognition capabilities වලින් ඔයාට ඕන දේ ඉක්මනට හොයාගන්න පුලුවන් ඉතිං දාස් ගනන් photos තියන අයට ගොඩක් වටින දෙයක් මේක.

ඒ වගේම contact clean කරගන්න ඔයාට ඔනේම contacts favorite වලට add කරන්න ඒ වගේම duplicate finder app එකකින් duplicate තියන contacts හොයන් අයින් කරන්න. තව ගොඩක් දෙනෙක් ගේ email app වල දාස් ගනන් mails එක එක service වලින් එවපු එවා. ඉතින් පුලුවන් තරමක්, මේවා clear කරගන්න. ඒ වගේම important stuff වලට වෙනම email එකකුත් අනම් මනම් sites, apps වලට දෙන්න තව email එකකුත් තියාගන්න. එතකොට අවශ්‍ය දේ ඉක්මනට හොයාගන්න පුලුවන් වෙයි ඔයාලට. ඒ වගේම social accounts වලින් එන අනවශය emails අයින් කරගන්න; ඒ ඒ social media site වලට ගිහින් email notification very important විතරක් දෙන්න. මොකද ගොඩක් අයගේ email වල වැඩියම තියෙන්නේ වැඩක් නැති social media notifications.

ඉතිං මේ හැම දේකින්ම ඔයාලට මේ Digital උන අපේ ජිවිතේ ඇතුලේ නිදහසක් හොයාගන්න උදව් වෙයි කියලා හිතනවා මම. ඒ වගේම අලුත්ම OS updates වල එන digital well being features අනිවාරයෙන්ම use කරන්න ඔයාලගේ phone වල වැඩිපුරම use කරන්නේ මොනවද කොච්චර කාලයක් වැය කරනවද කියන එක හිතලා ඒ හැමදේම අඩු කරගන්න.

Take Your Phone's Control to Your Hand !