Loading...
Origin of C language

මගේ පලවෙනි ලිපියේ කිව්ව විදියට Dennis Ritchie කියන මහත්තයා තමයි C language ලිව්වේ. Ken Thompson මහත්තයා ලියපු B  language තිබුණේ typeless (everything is a word) ක්‍රමයක් ඉතිං ඒ වෙනුවට static types system හදපු එක තමයි Dennis Ritchie මහත්තයා කලේ.

strcopy(sl,s2)
{
	auto i;
	i = 0;
	while (lchar(sl,i,char(s2,i)) != '*e') i++;
}

ඔය උඩ තියෙන්නේ B වලින් ලියපු code උදහරණයක්. auto කියන keyword තමයි veritable හදලා තියෙන්නේ. C වල වගේ void, int, char, double හ float වගේ data types නෑ ඔක්කොටම තියෙන්නේ auto විතරයි.  ඒ කාලේ හැටියට C වලින් ලැබුණු ලොකුම ප්‍රයෝජනය තමයි Assembly language වලින් කලින් ලියපු apps C වලින් හුගක් හොදට ගොඩක් කාලයක් තියෙන විදියට ලියන්න පුලුවම් උන එක.

Unix kernel තමයි assembly වලින් නැතුව C වලින් ලියපු පලවෙනි kernel.

Timeline of language development

Year C Standard
1972 Birth
1978 K&R C
1989/1990 ANSI C and ISO C
1999 C99
2011 C11
2017/2018 C18
Other Variations of C - Christian Rey Ompad - Medium

K&R C

1978  Brian Kernighan හා Dennis Ritchie කියන මහත්වරු දෙන්නා එකතු වෙලා ලියපු The C Programming Language කියන පොත අනුව හදපු C version තමයි K&R C කියලා කියන්නේ.

The cover of the book The C Programming Language, first edition, by Brian Kernighan and Dennis Ritchie

වගේ දේවල් මුලිනම එලි දක්වන්නේ K&R C වලදී තමයි.

ඒ පොතේ දෙවෙනි edition දී ANSI C ප්‍රමිතියට අනුව තමයි එලි දක්වන්නේ.

ANSI C and ISO C

1983 දී  American National Standards Institute (ANSI) පත්  කරපු X3J11 කමිටුව තමයි ANSI සම්මුතිය නිර්මාණය කලේ.
1990 දී  International Organization for Standardization (ISO) ANSI C ISO/IEC 9899:1990 ව්දියට හදලා එලියට දැම්මා. C89 හා C90 කියලා හදුන්වන්නෙත් ඔය ISO C තමා. අද අපි පාවිච්චි කරන හුගක් C compilers පාදක කරගෙන තියෙන්නේ C89 තමා.

ANSI C වලදී හදුන්වා දුන් දෑ :

C99 and C11

1999 C99 (ISO/IEC 9899:1999) ත් 2011 දී C11 නුත් හදුන්වා දුන්නා.

>> Don't forget to say hello to the search box for further details.