Loading...
Password අමතක වෙනවද ? හොද Password Manager එකක් use කරමු.

එන්න එන්නම අපේ ජිවිත Digital කරණය වෙනකොට , අලුත් social media flatform introduce වෙනකොට , මේ හැම Account එකකටම Log වෙන්න Password ඕනේ වෙනවා නේද? ඉතිං මෙ ඔක්කම මතක තියාගන්න පුලුවන්ද ? සමහරවිට ඔයා එකම password එක හැම Account එකකටම දාලා ඇති නේද, ඉතිං මේ කරදර විදින්නේ නැතුව හොද Password Manager එකක් use කරන්න. අද අපි ඒ ගැන කතා කරමු,

Password එකක් කියන්නේ අපිට ගොඩක් personal දෙයක්. ඉතිං එක එක වෙලාවට අපි හදන account වල එකක password දානවා අපි. වෙලාවකට ඒ password එක ආයේ ඔනේ වෙන්නේ අලුත් phone එකක් ගත්තම. ඒ වෙද්දි මතකත් නැ මොකද්ද දැම්මේ කියලා. ගොඩක් දෙනෙක් අනාරක්ෂිත keep me logged in විදියට දෙනවා browser වල මේ password enter කරන්න තියෙන කම්මැලී කමටම. මේ හිසරදෙන් ගැලවෙන්න තියන හොදම වැඩේ තමා password manager එකක්.

හොද password manager එකක key features ගොඩක් තියෙනවා. ප්‍රධානම දේ අපිට accounts and password save කරගන්න පුලුවන්. මේ දේ වෙනම මේ ඇප් එකට ගිහින්ම කරන්න ඕනේ නෑ. ඔයාට තියෙන්නේ phone එකේ නැත්තන් computer එකේ browser එකෙන් ඕනෙම web site එකකට log වෙන එක. එතකොට ඔයාගෙන් auto ම අහනවා password manager එක save කරගන්නද කියලා. මෙතන save දුන්නම ඒ site එකට log වෙන්න ඕන ඔයාගේ user name and password save වෙනවා. ආයේ ඔයා log වෙද්දි මෙ කිසිම දෙයක් enter කරන්නේ නැතුව biomatrix authentication වලින් log වෙන්න පුලුවන්. ඒත් මේක password manager එකක තියෙන basic ම feature එකක්.

ගොඩක් password managers වල password generator එකක් තියෙනවා. ඉතිං මේ password generator එකකින් random password එකක් අපිට හදලා දෙනවා. අපිට ඕනේ characters ගාන 30-40ක් උනත් දෙන්න පුලුවන්. මේක ගොඩක් වැදගත්, මොකද ඒ වගේ password එකක් guess කරන්න බෑ. අපි හිතලා දාන password එකකට වඩා secure මේ වැඩේ. මොකද අපි හිතලා දාන password ගොඩක් අපිට related අපේ සුරතලෙක්ගේ නමක්, වාහනයක්, ඔයාගේ girlfriend ගේ හරි boyfriend ගේ හරි නම, ඔයාගේ නම වගේ මොනම හරි කොටසක් දානවනේ. එවා guess කරන්න ලේසී. ඒ නිසා අපි වත් නොදන්න random password එකක security එක වැඩී අපිට මතක තියාගන්නත් ඕනේ නැති නිසා auto ම fill වෙන නිසා කරදරයක් නෑ ඒ වගේම secure.

Password manager වල digital accounts විතරක් නෙවේ අපේ credit card, debit card information ඒවගේම bank account details වගේ එවත් store කරන්න පුලුවන්. ඔය ගොඩක් අය වගේ debit card එකේ pin එක කොලෙක ලියලා wallet එකේම දාගෙන ඉන්නවට වඩා මේ වැඩේ කොහොමත් secure ඒ වගේම ඔයාලගේ ID Card , Drivers License, Student Cards වල details උනත් save කරන්න පුලුවන්. ඔයාලට මේ වගේ ඔනෙම information එකක් හදිස්සියකදි ඉක්මනට හොයාගන්න මේක ගොඩක් ලේසි වැඩක්. මේ දේවල් විතරක් නෙවේ ඔයාලට Notes තියන්නත් පුලුවන් රහසිගතව.

ඒ වගේම password manager එකකින් අපේ accounts password වල security එක ගැන අපට ගොඩක් උපදෙස් දෙනවා වගේම කොච්චර පරණයිද ඔයාගේ password කියන එකත් ඔයාට දැනුම් දෙනවා. තව හිතන්න මොකක් හරි website එකක data leak එකක් වෙලා තියෙනවා නම් ඒ web site වල accounts අපි ගාව තියෙනවා නම් ඉක්මනටම අපිට warnning එකක් දෙනවා password change කරන්න කියලා. තව ඔයා එකම password එක කොච්චර account වලට දාලා තියෙනවද ඔයාගේ password කොච්ච්ර guess කරන්න ලේසිද කියලත් අපිට information දෙනවා. ඉතිං ඔයාගේ passwords වල ආරක්ෂාව ගොඩක් වැඩි කරගන්න පුලුවන් මේ දේවල් වලින්.

සමහර password managers වල code authenticators එනවා මේවත් ගොඩක් වැදගත් code authenticator එකකින් කරන්නේ ඔයාගේ two step verification වලින් එන code එක generate කරලා දෙන එක. මේක ගොඩක්ම travel කරන ඔයාලට වැදගත්, මොකද ඔයාලා travel කරද්දි phone number එක මාරු උනොත් හරි වැඩ නැති උනොත් flight එකේදි ඔයාට two step code එක ගන්න බැරි වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවට verify කරලා තියෙන authenticator එකකින් මේ two step pins ලෙසියෙන් ගන්න පුලුවන්.

තව සමහර password manager වලින් special features දෙනවා. ඒවා තමා dark web monitoring හා email monitoring මේ features වලින් ඔයාගේ email address එක කොච්චර spammersලට leak වෙලා තියෙනවද, කොච්චර spam emails ඔයාට එනවද කියලා බලාගන්න විතරක් නෙවේ එවා autoම block වෙන්න උනත් දෙන්න පුලුවන්. ඒ වගේම Dark Web monitoring වලින් ඔයාගේ account details dark web එකේ leak වෙලා තියෙනවද කියලා හොයලා බලනවා. ඒ වගේම එහෙම දෙයක් උන ගමන් ම ඔයාට දැනුම් දෙන්නත් පුලුවන් notification මගින්.

Password Manager එකක් use කරනවා නම් ඔයාට ජීවිතේටම මතක තියාගන්න වෙන්නේ password manager එකේ master password එක විතරයි එකත් නිතරම ඔනේ වෙන්නේ නෑ මොකද ඔයාගේ device වල biomatrix security මගින් ලෙසියෙන්ම log වෙන්න පුලුවන් නිසා. ඒ වගේම මේ password manager වලට දාන කිසිම දත්තයක් මේ apps create කරන company වලට යන්නේ නෑ ඒ ඔක්කොම military grade encryption එකක් යටතේ ඔයාලගෙම cloud account එකකටයි backup වෙන්නේ (ex : icloud, dropbox, google drive) ඒ වගේම මේ password manager හැම එකක්ම ලොකේ ප්‍රසිද්ධම platform හැම එකකම වගේ වැඩ කරනවා. ඒ කියනේ cross platform support එකක් ඔයාට තියෙනවා. එතකොට ඔයා Android use කරත් iOS use කරත් Windows , MacOS use කරත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ වගේම multiple device support නිසා ඔයාගේ password සේරම ඔයාගේ device ඔක්කොටම auto ම sync වෙනවා.

මේ password managers අපේ ජිවිතේ ලේසී පහසු කරගන්න ලොකු උදව්වක් වෙනවා කියලා ඔයාලට තෙරෙනවා. දැනට තියෙන හොදම වගේම ලෝකෙම ප්‍රසිද්ධ Password managers දෙකක් තමා Dashlane සහ 1Password කියන්නේ. මේ දෙක වගේ තව ගොඩක් password managers ලා ඉන්නවා ඉතිං ඔයත් මේ tools වල උදව්වෙන් ඔයාගේ Digital ජිවිතය ආරක්ෂිත වගේම පහසු කරගන්න.