Loading...
Prey 2022 චිත්‍රපට​යේ සිංහල Review එ​ක

Warning Spoiler alert!!!

ගොඩක් අයට මේක එච්චර සෙට් නැහැ කියලා කියනවා මම දැක්කා. මම හිතන්නෙ සෙට් නැහැ කියලා කියන්නෙ කලින් මුවිස් වල තිබ්බ වෙපන් අරගෙන කැලෙ කුඩු කරාගෙන ගිය වය්බ් එක මේකෙ තිබ්බ නැති නිසා වෙන්ඩ ඇති. හැබැය් මේකෙ ඉන්න Predator ගේ සිද්ධිය වෙන්නෙ Arnold ලොක්කගෙ සිද්ධිය වෙන්ඩ අවුරුදු 250 කට හරි 300කට හරි කලින්වගෙ කාලෙක. හරිනන් ටය්ම් ලය්න් එකෙ හැටියට මේ තමා පළවෙනි ප්‍රෙඩේට වෙන්ඩ ඕනෙ. පෘථිවි ජිවින් ගැන කිසිම අවබෝදයක් නැති යන්ග් ප්‍රෙඩේට කෙනෙක්. අලුතින් දේවල් ඉගෙන ගන්න අලුත් දෙවල් හදා බලන ප්‍රෙඩේට කේනෙක්.

මේ ෆිල්ම් එක ගැන මගෙ මතය සහා විහ්‍රහ කිරිම ක්‍රම කිහිපයකින් පැහැදිලි කරන්නම්. පළවෙනි එක වෙපන් ගැනත්,දෙවෙනි එක ප්‍රෙඩෙටගෙ මාස්ක් එක ගැනත්,තුන් වෙනි එක ලෙස කතාව ගලා යන අකාරය හා කතාව ගලාගෙන ගිය අකාරය ගැන මගෙ මතය විස්තර කරන්නම්.

ඔයාලා ෆිල්ම් එක හොඳින් බැලුවනන් දකින්ඩ ඇති වෙනදට Predator ගේ දැකපු සමහර වෙපන්ස් ගැජට් කෑලි ගොඩක් මේකෙ නැහැ කියලා. එ වගේම සමහර වෙපන්ස් පාවිච්චි කරෙ වෙනස්ම විදිහකට කියලා. ගොඩක් අයට ෆිල්ම් එක අවුල් වෙලා තිබුනෙ මෙන්න මෙ හේතුව නිසා තමා. හරි කමක් නැහැ මම ප්‍රෙඩෙටගෙ වෙපන්ස් ගැන විස්තර කරන්නම්කො.

Wrist blades

මෙ Wrist blades කියන්නෙ ප්‍රෙඩෙටගෙ දකු​ණු අතින් ආව blade දෙක

Net Gun

මේකනන් කලින් ආපු ෆිල්ම් වලත් තිබුනා හරි කමක් ඒකත් මම විස්තර කරන්නම්කො.

ඔයාලට මතක ඇති 2වෙනි ෆිල්ම් එකෙ මේ Net එක තියෙන්නෙ තුවක්කුවක් වගෙ ගැජට් එකක් ඇතුලේ ඉතින් ඒක අතට අරගෙන තමා මේ දැල විදින්නෙ.නමුත් ඊයෙ බලපු prey එකේ අපිට බලාගන්න පුලුවන් වුනා predator මේ දැල විසික් කරෙ ලෑන්ඩ් මය්න් එකක් වගෙ ගැජට් එකක් අතට අරගෙන කියලා.

Plasma Caster

මේක තමා predator  ගේ ප්‍රධාන ආයුධය වෙන්නෙ. මේක උරහිස්සෙත් සෙට් කරාගෙන පාවිච්චි කරන්ඩ පුලුවන්. අතට අරගෙන තුවක්කුවක් වගේ පාවිච්චි කරන්නත් පුලුවන්.හැබැයි අපි බලපු prey එකෙ එකෙන් ආවේ Plasma Blast එකක් වෙනුවට උල් යකඩ කූරු තුනක් වගෙ දෙයක්. සමහර විට අපි බලපු ආනෝඩ්ගෙ ෆිල්ම් එකෙ කාලෙ වෙද්දි මේක අප්ග්‍රේඩ් වෙලා Plasma blast එකක් ආවා වෙන්ඩත් බැරි නැහැ.

ඒ වගේම තමා predator මෙ plasma Blaster එක පාවිච්චි කරන්න කලින් ටාගට් එකට Aim කරා ගන්නෙ, හැබැය් මෙතනදි ප්‍රෙඩෙටගෙ Mask එකෙන් එන ලේසර් ලයිට් එක පාවිච්චි කරලා. අර ත්‍රිකෝණාකාර  රවුම් තුන. ඒ රවුම් තුන තුන් පැත්තටක විහිදුවලා පැති තුනකට ශූට් කරන්න පුලුවන් කියලා අපිට මෙ මූවි එකෙදි පලවෙනි වතාවට බලාගන්න පුලුවන් වුනා.

ප්‍රෙඩෙටර් ගේ Mask එක.

මේ Mask එක දැම්මම predator  ට පේන ප්‍රධාන විශන් එක තමා Thermal Vision තමා කලින් ෆිල්ම් වල මෙ වගෙම තමා තිබුනෙ. හැබැයි ඒත් මෙකෙදි මාස්ක් එක ගලවපුවාම පෙනෙන vision එක නැති එකනම් පොඩි අඩුපාඩුවක් වගෙ දැනුනා. මතකෙ හැටියට Arnoldගෙ ෆිල්ම් එකෙදිනම් ප්‍රෙඩේටට Mask එක ගැලෙව්වම මාස්ක් එක ගලවපුවාම ඔක්කොම පෙනුනෙ තද රතු පාටින්. සමහර විට මෙකෙත් එහෙම වෙන්ඩ ඇති කියලා අනුමාන කරන්ඩ පුළුවන්. Prey එකෙ දෙවෙනි කොටසක් හො ඉදිරි ෆිල්ම්ස් කිහිපයක් ආවොත් සමහරවිට අපිට එ විශන් එකත් පෙන්නය් කියලා හිතමු.

දැන් එමු මෙකෙ Plot එක පැත්තට.

එ කියන්නෙ කතාව ගලාගෙන ගිය අකාරය ගැන විස්තර කරන කොටසට.

අපිට මේ පාර ෆිල්ම් එකෙදි එක්තරා විශේශ කාරනයක් බලාගන්න පුලුවන් උනා ඒ තමා මෙ predator අපේ කතාවෙ කතා නාය්කාව උන නාරුව මරන්න උනන්දු වුනේ නෑ කියන එක. ඒත් එයා අන්තිමට ඇටෑක් කරන්න ගත්තම තමා predator නාරුට ඇටැක් කරන්ඩ පටන් ගත්තේ.

මෙකෙදි එක්තරා තැනක නාරු කියනවා ප්‍රෙඩෙට මාව තර්ජනයක් විදිහට දකින්නෙ නැහැ කියලා. සමහර විට ඒක හේතූවක් වෙන්න පුලුවන් ප්‍රෙඩේට නාරූට ඇටෑක් නොකර ඉන්ඩ.

කොහොමවුනත් නාරූව මුල ඉදලම සටනක් දෙන්න පුලුවන් කෙනෙක් විදිහට නාරුගෙ ගොත්‍රයෙ අය වගෙම ප්‍රෙඩෙටත් දැක්කෙ නෑ කියන එකනම් පැහැදිලිය්. මතකනෙ නාරූගේ ගෝත්‍රයෙ අය පවා හිතුවේ එයාට හරියට දඩයම් කරන්නවත් බැහැ කියලනෙ. එවගෙම තමා ප්‍රෙඩෙටත් නාරූ ගැන වැඩිය care කලෙ නැහැ. හැබැය් අවසානෙදි නාරු තමා හොඳටම කරෙ 😅

අනිත් එක මෙතනදි අපි දැක්ක තවත් ප්‍රධානම දෙයක් තමා ප්‍රෙඩෙටගෙ invisible cloak එක වතුරට deactivate වෙන්නෙ නෑ කියන එක. හැබැයි ඕයාලට මතක ඇති කලින් Arnoldගෙ එකේදි පෙන්නවා මේක වතුරට Deactivate වෙනවා කියලා.

තව මතක් නොකරම බැරි කාරනයක් තමා තඩි අර වලහා එක්ක තිබ්බ ෆය්ට් එක ඒක නම් අමු පිස්සුවක්.ප්‍රෙඩෙටට දෙවෙනි නැති වලහා වලහට දෙවෙනි නැති ප්‍රෙඩේට ඒත් අන්තිමට වලහාට දෙනවා punch එකක් කෙලින්ම වලහා ශකබුම් වෙලා යන්ඩ.😅

අනික අර හාවා පස්සෙ පන්නගෙන ආපු වෘකයට දුන්න ෆය්ට් එක, ඒකත් අමුම පිස්සුවක්. අනික මෙක ඔයාලා හොඳ අවදානෙන් බැලුවනන් පේන්ඩ ඇති කූඹියව මීයා කනවා. මීයව සර්පයා කනවා.සර්පයව ප්‍රෙඩෙට මරලා දානවා එකෙන් අදහස් වෙන දෙ තමා ආහාර  දාමයේ ප්‍රධානියා වගෙම උඩම ඉන්නෙ ප්‍රෙඩේට කියන එක. මේක ෆිල්ම් එකෙ පෙන්නන විදිහනම් තණිකරම Mind-blowing.😶 මම ෆිල්ම් එකක දැක්ක ලස්සනම සීන් වලින් එකක් තමා ඒක 💪😎

හරි හරි අනවශ්‍ය කතා ඕනෙ නැහැ ආයෙ අපි අපෙ කතාවට එමු.

මෙකෙදි අන්තිමට නාරු ප්‍රෙඩේටගෙ ඔලුව අරගෙන ගොත්‍රයෙ අයගාවට ගියාම එතනදි අනිත් අයට කියනවා  එලියෙ ලොකු විනාශයක් තියෙනවා කියලා ඒක නිසා අපි වෙන තැනකට යන්න අවශ්‍ය වෙනවා කියලා. එකෙන් අදහස් වෙන්නෙ වෙන්නෙ බොහො දුරට මේ Prey එකෙ අවසානය නෙමෙ කියන එක. තව ෆිල්ම් එකක් හො කිහිපයක් බොහො දුරට එන්ඩ පුළුවන්.(අනුමානයක් විතර​යි.)

ප්‍රෙඩෙටර් කෙනෙක්ගේ Mask එකේ එයාට සිද්ධ වෙච්ච එයා කරපු හැම දෙයක්ම වගේ Record වෙනවා. ඒක අපිට හරියටම බලාගන්ඩ පුළුවන් උනා AvP එකේදි. ඒක නිසා මේ predator මැරුණට පස්සේ ස්වයංක්‍රීයවම එයා ආපු ප්ලැනට් එක වෙන Yautja Prime එකට සිග්නල් එකක් යැවුවා වෙන්ඩ බැරු නැහැ. එකෙන් අර ප්‍රෙඩේටර් මැරුණ විදිහ පරික්ෂා කරන්න predator   ලා එක්කෙනෙක් හෝ කිහිප දෙනෙක් සමහර විට එන්න පුලුවන්.

ඒ ඇවිල්ලා සිද්ධ වෙච්ච දේ බලලා නාරූ ඇතුලු මුලු ගෝත්‍රෙටම ශොට් එක දෙනවා. වෙන්ඩත් බැරි නැහැ. ඒ කෙලලා නාරුගෙ තුවක්කුවත් අරගෙන යනවා සිහිවටනයක් විදිහට. ඊට පස්සෙ පසු කාලෙක ආයෙ පෘථිවියට ආවය්න් පස්සෙ ඒක තමා අන්තිමෙදි මයික්ට elder predator දෙන්නෙ වෙන්ඩත් පුලුවන්. කොහොමත් මෙක මගෙ මතෙ විතරය් බොහොදුරට ඉදිරියෙදි තවත් Prey මූවී එකක් එය් කියලා බොහොදුරට අනුමාන කරන්ඩ පුළුවන්. මේ නාරු ගැන තව කාරනයක් කියන්ඩ ඕන ඒ තමා මේ නාරුට ඉන්න Amber Midthunder කියන්නෙ ඇත්තටම රතු ඉන්දියානු සම්භවයකින් පැවත එන කෙනෙක් කියන එක.

අවසාන වශයයෙන් කියන්ඩ තියෙන්නෙ Imax වගෙ ලොකු ස්ක්‍රීන් එකක් බලන්ඩ ඕන ෆිල්ම් එකක් මෙ විදිහෙ ස්ට්‍රිමින් ප්ලැට්ෆෝම් එකකට දුන්න එකනම් අපරාදෙ කියලා. මගෙ රේටින් එක 9.0/10