Loading...
රත්තරන් වලට වඩා වටින දත්ත එක්ක ඔබේ ඩිජිටල් උපකරණ පරිස්සන් කරගන්න

ලෝකයම ඩිජිටල් වී ඇති යුගයක ඔබව ඩිජිටල් ලෝකයට සම්බන්ධ කරනු ලබන ඔබගේ පරිගණක සහ දුරකතන කියන්නෙ ඔබට සැබවින්ම ජීවිතයට නැතුවම බැරි උපාංගයන්. මෙම උපකරණවල ඇති විශේෂත්වය වන්නේ ඒවාට කොතරම් වෙළදපල මිලක් නියම කර ඇතිමුත් ඒවා පරිහරණයට ගත් පසු ඔබට ඒවාට මිලක් නියම කරලීමට නොහැකි වීමයි. දත්තයන් ලෙසින් අප සදහන් කරනු ලබන අපට සැබවින්ම මිල කල නොහැකි චායාරූප, වීඩියෝ පට, ලිපි ලේඛණ ආදිය මගින් පුරවනු ලබන ඕනෑම Smart දුරකතනයක් හෝ පරිගණකයක් ඉන්පසු අපගේ ජිවිතයේම කොටසක් වන්නේ ඒවායේ ඇති වටිනාකම මනාව සටහන් කරමිනි. කොතරම් අමිල වුවත් මේ දත්තවල ආරක්ෂාව ගැන නම් අපි සාමාන්‍යයෙන් එතරම් සැලකිල්ලක් නොදක්වන්නේ ඒවා අප සතුව පවතින තාක් අපට ඒවායේ වටිනාකම පසක් නොවන නිසාවෙනි.

වර්තමානය වන විට ඔබ සතුව පවතින බොහොමයක් Smart උපකරණ වලට නිශ්පාදනයේදීම දත්තවල ආරක්ෂාව තහවුරු කරන මෘදුකාංගයන් එක් කරනු ලබන්නේ ඔබට පහසුවෙන්ම ඒවා සක්‍රීය කරගැනීමට හැකි ලෙසිනි. මෙම සේවාවන් බොහොමයක මූලිකම අරමුණ වන්නේ ඔබ සතුව පවතින දත්තයන් නිසි ආරක්ෂාවක් සහිතව ගබඩා කොට තබාගෙන ඔබට අවශ්‍යය වූ විට නැවත ලබාදීමයි. බොහෝ විට දත්ත උඩුගත (Upload) වීම සදහා ඔබට අමතර දත්ත ප්‍රමාණයක් ඔබගේ අන්තර්ජාල සේවාව හරහා ලබාදීමට සිදුවීම නිසාවෙන් බොහෝ පිරිසක් ඒවා ක්‍රියාත්මක නොවන ලෙසින් සකස් කරලීම ඇත්තටම එතරම් නුවණට හුරු ක්‍රියාවක් නොවන්නේ ඔබට දත්ත නැති වූ පසු කොතරම් පසුතැවිලි වූවත් ඒවා නැවත ලබාගැනීමට නොහැකිවන නිසාවෙනි.

Google Drive

Android වර්ගයේ Smart දුරකතන සදහා බොහෝ නිශ්පාදකයන් මෙම යෙදවුම නිශ්පාදනයේදීම එකතු කරන අතර එය ඔබට නොමිලේ 15GB දත්ත ප්‍රමාණයක් දක්වා භාවිතා කරලීමට ඉඩකඩ සලස්වා ඇත්තේ පාරිභෝගිකයන්ගේ මුලික අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් වන පරිද්දෙනි. අවශ්‍යය නම් 30Tb දක්වා වුවද මෙම ප්‍රමාණය වැඩි කරගැනීමට හැකියාව ලබාදී ඇත්තේ රුපියල් 300කට ගිගාබයිට් 100ක් ලෙසින් ආරම්භ වන මුදල් ගෙවා ලබාගත යුතු සේවාවක අවසාන දිගුව ලෙසයි.

මෙම සේවාව Android Smart දුරකතන සදහා පමණක් සීමා නොවන අතර එය ඉතාමත් පහසුවෙන්ම ඔබට ඔබගේ ඕනෑම වර්ගයේ Smart දුරකතනයක් සදහා මෙන්ම ඔබගේ පරිගණක සදහාද ලබාගැනීමට හැකියාව පවතින්නේ ඔබ විසින් තැන්පත් කරනු ලබන දත්තයන් ඕනෑම අවස්ථාවක ඔබට ලබාගැනීමට අවශ්‍යය ඉඩකඩ ලබාදෙමිනි. මෙම වර්ගයේ අනෙකුත් සේවාවන්ට සාපේක්ෂව දත්ත සදහා ඉතාමත් ඉහළ ආරක්ෂාවක් ලබාදෙන Google drive සේවාව මගින් ඔබට ඔබගේ ජායාරූප, වීඩියෝ පට කාර්‍යාලීය වැඩ කටයුතු වලට අවශ්‍යය වන ලිපි ලේඛණ මෙන්ම ඔබගේ දුරකතන නාමාවලිය මෙන්ම WhatsApp වැනි වෙනත් යෙදවුම් වල දත්තයන්ද ආරක්ෂිතව ගබඩා කරලීමටද හැකියාව ලබාදී ඇත්තේ ඉතාමත් පුළුල් ලෙසින් සේවාව භාවිතා කරලීමට ඉඩකඩ සල්ස්වාලමිනි.

Apple iCloud

Apple නිශ්පාදන සදහාම නිර්මාණය කර ඇති මෙම සේවා මගින් ඔබට නොමිලේ ගිගාබයිට් 5ක් දක්වා දත්තයන් පහසුවෙන්ම අරක්ෂිතව තැන්පත් කරලීමට හැකියාව ලබාදෙයි. එමෙන්ම ඔබට මසකට ඩොලර් 0.99ක් හෙවත් ආසන්නව රුපියල් 350ක වැනි මුදලකට අමතර ගිගාබයිට් 50ක් ලබාගත හැකි අතර අවශ්‍යතාව පරිදි එම ප්‍රමාණය ටෙරාබයිට් 2කක් දක්වා පහසුවෙන්ම ඉහළ දමාගැනීමට ඉඩකඩ ලබාදී ඇත.

ඔබ විසින් සාදාගනු ලබන එක් ගිණුමක් සදහා මෙම පහසුකම ක්‍රියාත්මක වන අතර එමගින් ඔබට එම ගිණුම හරහා පාලනය වන සියලුම ඇපල් උපකරණ වල දත්ත පහසුවෙන්ම කළමනාකරණය කරගැනීමට මේ හරහා ඉඩකඩ සල්ස්වා ඇත්තේ තවත් අමතර වාසියක්ද ඔබට ලබා දෙමිනි. මෙම සේවාවන් වලට අමතරව DropBox, OneDrive, PCloud ආදී ලෙසින් තවත් සේවාවන් බොහොමයක් ඔබට අන්තර්ජාලය හරහා සොයාගැනීමට හැකියාව ඇති අතර ඒවා සියල්ලම පාහේ ක්‍රියාත්මක වන්නේ එකම ක්‍රමවේදයකට නිසාවෙන් ඔබට පහසුවෙන්ම ඒවා භාව්තා කරලීමට ඉඩකඩ ඇත්තේ ඔබගෙ දත්තයන් ඔබගේ අවශ්‍යතාවය පරිදි කළමනාකරනය කරමින් ආරක්ෂාකරගැනීමට ඉඩකඩ සලසා දෙමිනි.

ඔබ විසින් තෝරාගන්නා ලැබූ සේවාව සදහා ඔබ සම්බන්ධවී සිටින අතරතුර ඔබගේ සියලුම දත්තයන් සේවා සපයන ආයතන මගින් නඩත්තු කරනු ලබන ආරක්ෂිත සර්වර් පරිගණක වල තැන්පත් කරනු ලබන අතර තවදුරටත් ඔබගේ දත්තයන් වල අමතර පිටපතක්ද ආරක්ෂිතව තවත් පරිගණක කිහිපයක තැන්පත් කරනු ලබන්නේ අමතර ආරක්ෂාවක්ද ඔබගේ දත්ත වෙත ලබා දෙමිනි. ඔබගේ පරිගණකය හෝ ජංගම දුරකතනය අහිමිවීමකදී ඔබට තව දුරටත් ඔබගේ දත්ත අහිමිවීමක් මෙම සේවාවන් නිසාවෙන් සිදු නොවන අතර ඒවා නැවත ලබාගැනීමට ඔබට අවශ්‍යය වන්නේ එම සේවාවන් වල ගිණුම් සෑදීමට ලබාදුන් ඊමෙල් ලිපිනය සහ මුරපදය පමණක් වීම මෙහි ඇති විශේෂත්වයයි.

දත්ත සෑම විටම පිටපත් කොට තබාගැනීම මෙන්ම දත්තයන් ගබඩා කර ඇති දුරකතන සහ පරිගණකද ආරක්ෂිතව තබා ගැනීම සෑම විටම වැදගත් වන්නේ බොහොමයක් අවස්ථවලදී ඒවායෙ පාලනය ඔබගෙන් ගිලීහීම ඔබට අනවශ්‍යය කරදර රැසකට මුල් වන නිසාවෙනි. වර්තමානය වන විට අපට අප විසින් භාවිතා කරනු ලබන උපකරණ වල ආරක්ෂාව විදික්‍රම දෙකකට සලසා ගත යුතුව ඇත්තේ අන්තර්ජාලය හරහා එල්ල වන හැකර් ප්‍රහාර වෛරස් ප්‍රහාර හරහාද ඔබගේ දත්තයන් පහසුවෙන් අන්සතු වීමට මෙන්ම අහිමිවී යාමට ඉඩ ඇති නිසාවෙනි.

මේ වන විට බොහෝ විට හැකර් ප්‍රහාර සහ වෛරස් ප්‍රහාර ආදිය මගින් පිටස්තරයන් බලාපොරොත්තු වන්නේ ඔබට මිල කල නොහැකි ඔබගේ දත්ත වලට අසාධාරණ ලෙස මිලක් නියම කොට ඔබගෙන් මුදල් ලබාගැනීමයි. මෙවැනි ප්‍රහාරයන්ට ලක්වූ විට ඒවා මගින් හානි වන දත්ත නැවත ලබාගැනීම බොහෝ අවස්ථාවන් වලදී කල නොහැකි කාර්‍යයක් වනවා මෙන්ම අනවශ්‍යය ලෙස ඔබගේ දත්ත නිරාවරණය වීම නිසා ඔබගේ පෞද්ගලිකත්වයටද හානි සිදුවන්නේ ඒවා පිටස්තරයන් අතට පත්වන නිසාවෙනි.

එමෙන්ම මේවායේ ඇති අනෙක් බැරෑරුම්කම වන්නේ ඒම හානිදායක මෘදුකාංග මගින් පහසුවෙන්ම ඔබගේ දත්ත ගබඩාවලට ලගාවී ඒවාටද හානි සිදු කරලීමට ඔවුන්ට හැකියාවක් ලැබීම නිසාවෙනි. එමෙන්ම සමහර අවස්ථාවන් වලදී ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම්ද මේවායේ පහසු ඉලක්ක බවට පත්වී ඇත්තේ හානිය තව දුරටත් දරුණු කරමිනි. බොහෝ විට මෙවැනි සිදුවිම් වලක්වා ගැනීමට අපට ගත හැකි සරලම පියවර වන්නේ යාවත්කාලීන (Update) කරන ලද ප්‍රතිවෛරස් (Anti Virus) මෘදුකාංග භාවිතා කරලීමයි. Avast, Kaspersky, Mcafee වැනි ඉතාමත් ජනප්‍රිය ප්‍රතිවෛරස් මෘදුකාංග රැසක් මේවන විට වෙළදපලේ ඇති අතර බොහොමයක් ඒවා නොමිලේම භාවිතා කරලීමට අවශ්‍ය ලෙසින් ඔවුන්ගේ සේවාවන් ගෙන් කොටසක් නිකුත් කර ඇති නිසාවෙන් මේවායේ සේවාව ඉතාම පහසුවෙන් මෙන්ම මුදලක් වියදම් කිරීමෙන් තොරවද ඔබට ලබාගැනීමට හැකියාව පවතී.

මෙම මෘදුකාංග සියල්ලම පාහේ සෑම විටම නවතම වෛරස් මෘදුකාංග සම්බන්ධයෙන් යාවත්කාලීන වන මුත් සමහර අවස්ථාවන් වලදී අපගේ නොසැලකිල්ල නිසාවෙන් ඒවා මගින් ලබාදෙන ආරක්ෂාවද ඉක්මවා හැකර් ප්‍රහාරයන්ට ලක්වීමට ඉතාමත් විශාල ඉඩකඩක් ඇත්තේ කොපමණ මෘදුකාංග නිර්මාණය උවද සෑම විටම ප්‍රවේසම්කාරී ලෙසින් අන්තර්ජාලය භාවිතා කරලීමේ ඇති වැදගත්කම මනාව පෙන්වා දෙමිනි. ඔබ මොන තරම් දත්තවල ආරක්ෂාව වෙනුවෙන් පිලියම් යොදා තිබුනද ඒවා සියල්ලම වැදගත් වන්නේ ඔබගේ දුරකතනය හෝ පරිගණකය අස්ථාන ගතවී හෝ නැවත භාවිතා කරලීමට නොහැකි අයුරෙන් විනාශවී ගියහොත් පමණි.

ඔබට දත්තවල වටිනාකම මෙන්ම ඉතාමත් විශාල මුදලක් වියදම් කරමින් මිලදීගත් ඔබගේ ජංගම දුරකතනය සහ පරිගණකය ඔබට මිල කල නොහැක්කේ වර්තමානය වන විට ඒවායේ මිලද අධික ලෙස ඉහල ගොස් ඇති නිසාවෙනි. අනතුරකින් සිදුවන හානි වලක්වා ගැනීමට ඔබට ඇත්තේ සීමිත ඉඩකඩක් වුවත් ඔබට ඔබගේ දුරකතනය අස්ථාන ගතවීමකදී පහසුවෙන්ම සොයාගැනීමට අවශ්‍යය තාක්ෂණික ක්‍රියාමාර්ගයන් නම් බොහොමයක් ඉන් පෙරදී ස්තාපානය (Install) කරලීමට හෝ ඒවා ක්‍රියාත්මක කරලීමට (Active) අවශ්‍යය පහසුකම් නිශ්පාදනයෙදීම නිශ්පාදකයන් විසින් ලබාදීඇත්තේ බොහොමයක් සිදුවන අස්ථාන ගතවීම් වලට ඉතාමත් හොද පිළිතුරක් ලබාදෙමිනි.

ඔබගේ ජංගම දුරකතනයේ වර්ගය කුමක් වුවත් වර්තමානය වනවිට සෑම දුරකතනයකම පාහේ ඇති ප්‍රධානම පහසුකමක් වන්නේ GPS තාක්ෂණයයි. මෙම තාක්ෂණය භාවිතාවෙන් ඔබගේ දුරකතන වලට නිශ්පාදනයේදීම එක්කොට ඇති මෘදුකාංග මගින් සෑම අවස්ථාවකදීම බොහොමයක් දුරකතන වල අවසන් වරට තිබූ ස්ථානයේ GPS සලකුණු ඒවා ගබඩා කරලීමට සකස් කර ඇති සර්වර් පරිගණකය තැන්පත් කරනු ලබන්නේ ඔබටම පමණක් ලබාගැනිමට හැකි ලෙසිනි. මෙම දත්තයන් මගින් ඔබට පහසුවෙන්ම ඔබගේ නැති වූ දුරකතනය සොයාගැනීමට හැකියාව ලැබෙන අතර ඔබ භාවිතා කරනු ලබන්නේ Android වර්ගයේ Smart දුරකතනයක් නම් එක පහසුකම ඔබට Google හරහා ලබාදෙන අතර එම සේවාව ඔබට https://www.google.com/android/find/ යන වෙබ් ලිපිනය ඔස්සේ ලබා ගැනීමට හැකියාව පවතී.

එමෙන්ම ඔබ භාවිතා කරනු ලබන්නේ Apple වර්ගයේ Smart දුරකතනයක් නම් එම සේවාව https://www.apple.com/icloud/find-my/ හරහා ලබාගත හැකි අතර මෙම සේවාවන් භාවිතා කරලීමේදී ඔබ විසින් දුරකතනයේ තිබූ ඊමෙල් ලිපිනය සහ ඒ සදහා භාවිතා කල මුරපදය ලබාදිය යුතු අතර ඉන්පසු මීටර කිහිපයක නිරවද්‍යතාවකින් යුතුව ඔබට අවසන් වරට ඔබගේ දුරකතනය රැදී තිබූ ස්ථානය පෙන්වනු ලබයි.මෙම සේවාව ඔබට ලැප්ටොප් වර්ගයේ පරිගණකයදී හෝ ඔබගේ ඩෙක්ස්ටොප් වර්ගයේ පරිගණයක් සදහා භාවිතා කරලීමට නොහැකි වුවත් ඒවාද වර්තමානය වනවිට IP Address හෙවත් අන්තර්ජාලයට සම්බන්ධවීමේදී අන්තර්ජාල සේවාදායකයා (ISP) විසින් ලබාදෙන ලිපිනය හරහා හදුනාගැනීමට හැකියාව පවතී.

මෙ නිසාවෙන් ඔබ විසින් මෙම භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදුන් ඉන්වොයිස් පත්‍රය ප්‍රවේසමෙන් තබාගත යුත්තේ එය සමග පොලීසියට ඉදිරිපත් කරනු ලබන පැමිණිල්ලක් හරහා ඔබට ඔබගේ නැතිවූ පරිගණකය හෝ ජංගම දුරකතනය නැවත ලබාගැනීමට යම් අවස්ථාවක් ලැබෙන නිසාවෙනි.මෙම පහසුකම් සියල්ලම ඔබට නොමිලේම ලබාදෙන සේවාවන් මගින් මෙන්ම අවශ්‍යය නම් Avast, Kaspersky වැනි මෘදුකාංග හරහා අමතර මුදලක් වැය කරමින් තව දුරටත් වැඩි දියුණු කරන ලද ආරක්ෂාවක් සහිතව ලබාගැනීමට හැකියාව පවතින්නේ ඒවා මගින් ලබාදෙන වෛරස් මෘදුකාංග ආරක්ෂාවට අමතර පහසුකමක් ලෙසයි.

බොහෝ විට කාර්‍යාලීය භාවිතාවන් සදහා සුලු මුදලක් ලබාදී මෙවැනි ආරක්ෂක මෘදුකාංග ලබාගැනීමට යොමුවීම සැබවින්ම නුවැණිති කාර්‍යයක් වන්නේ ගෙවන මුදලත් සමග ඔබට අමතර වගකීම් සහතිකයක්ද ඔවුන් විසින් ලබා දෙන නිසාවෙනි.මෙම සියලුම පියවරවල් ඔබ විසින් දුරකතනය හෝ පරිගණකය අස්ථාන ගතවීමට ප්‍රථම ලබාගත යුතු ඒවා වන නිසාවෙන් හැකි සෑම පියවරක්ම නිවැරදිව භාවිතා කරලීම ඔබට අනාගතයේ සිදුවීමට ඇති කරදර රාශියකින් ඔබව පහසුවෙන්ම ආරක්ෂා කරලීමට මග පාදනු ඇත්තේ තාක්ෂණය කොතරම් දියුණු වුවත් සෑම විටම පෙර සූදානමේ ඇති වැදගත්කම නැවත නැවත සිහි ගන්වමිනි.