Loading...
AR Guns ගැන සිංහලෙන්ම - PUBG GUN STATICS Part 1 (AR GUNS)

අපි හැමෝම වගේ Pubg Play කරාට මේ Game එකත් සමග එන අලුත් දේවල් සහා දැන ගත යුතුම දේවල් ගැන තවමත් නොදන්න පිරීසක් සිටිනවා හරියටම කිව්වොත් Game එක ගැන ටිකක් හොයන අයට ( ආතල් එකට ගහන අයට නෙමේ එයාලත් කියෙව්වා කියලා පාඩුවක් වෙන්නැ ) ඉතින් අද කතා කරන්න යන්නේ මේ Post Series එකේ පලවෙනි Post එක වෙන Pubg AR Gun Statics යන Topic එක ගැන කතා කරන්න හිතුවා. වැඩි කතා ඔනේ නැ ඔන්න එහෙනම් Topic එකට බහින්නම්.

AR Guns කිව්වම 90% ම වගේ සෙල්ලම් කරන Guns Set එකක් මේ Guns වල තිබෙන Flexibility එක නිසාම ගොඩක් Players ලා Automatic Rifles වලට ඉබේම පුරුදු වෙලා තියෙනවා ( මාත් ඔය කිව්ව ගනයේ එක්කෙනෙක් තමා ) තවත් සුවිශේෂි දෙයක් තමා ඕනම Combat Scenario එකකට මේ කිව්ව AR Guns Use කරන්න පුලුවන් කම. CQC (Close Quarter Combat). එ වගේම Long Range Rifle එකක් විදිහටද අපිට මේ Guns භාවිතා කරන්න පුලුවන් කම ලැබෙනවා. ඉතින් මේ Guns භාවිතා කරලා විතරක් මදි අපි දැන ගන්න ඕන තවත් දෙයක් තමා Enemies ලාගේ Damage Areas ගැනත්. AR Gun එකකින් Close Range Fire කරනවා නම් ගොඩක් දුරට Enemies ලාගේ Head Chest Shoulders යන Areas Target කරනවා නම් අපිට වැඩි Damage එකක් ලබා ගන්න පුලුවන් Most Damage Area එක විදිහට අපිට Headshots හදුන්වන්න පුලුවන් 0% අගයක් ලෙස ගත්තොත් AR Rifle එකකින් Head එකට Fire කිරීමේදී 230% වගේ අගයක් සටහන් කර තිබෙනවා දැනට පලවෙන තොරතුරු අනුව.

AR Rifles Damage Areas -

Head - 230%
Chest 100%
Shoulders - 100%
Neck - 75%
Legs - 50%

ඉතින් අපි Enemies ලාගේ Damage Areas ගැන කතා කරා වගේම Close Range වලදි Damage වැඩි Guns මොනාද කියලත් මේ Post එකෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙතනදි හැම AR Gun එකක්ම කතා කරන්න යන්නේ නැ Top Ranking වල තිබෙන Guns ගැන සදහන් කරන්නම්. ඉතුරු ටික Chart එකකින් පහතින් Attach කරන්නම්.

Top Ranked Guns -

01 - MK47 Mutant ( Based Damage 49 )
02 - Groza ( Based Damage 47 )
03 - AKM ( Based Damage 47 )
04 - M762 ( Based Damage 46 )
05 - M16A4 ( Based Damage 43 )

Top 5 තියෙන Weapons ටික එහෙම සදහන් කරා කොහොම උනත් අපි වැඩියෙන්ම භාවිතා කරන M416 වගේ Guns Top 5 වල නැත්තේ ඇයි බලනවා ඇති M416 Gun එක Based Damage 41 යන Range එකේ G36C AUG A3 QBZ SCAR-L යන Guns සමග තමා Compare වෙන්නේ. මෙතනදි Damage වැඩි උනත් Weapon එකේ Accuracy එකත් මේ හා සමානවම බලපානවා මොකද කිව්වොත් Enemies ලට Aim කිරිමේදි සහා Enemies ලට Target කරන Speed එක අනුව එය වෙනස් වෙනවා ( පෞදගලිකව මම නම් දකින්නේ හසුරවන්නා ගේ දක්ශතාවය අනුව මෙය වෙනස් වෙනවා ) තවත් අපි දැනුවත් විය යුතු දෙයක් තමා මේ සදහන් කර AR Guns වල Average Gun Distance ඒ කියන්නේ මේ සදහන් කර Guns වල Fire කරන්න පුලුවන් උපරිම දුර ප්‍රමානයක් තියෙනවා ඒ අතර AUG A3 Gun එක 24.3m Distance එකකට Fire කිරීමේ හැකියාව තිබෙනවා. මේ අනුව පිලිවෙලින් M16A4 23.6m ද Groza 21.18m යන දුර ප්‍රමානයන් වලට වෙන් කරන්න පුලුවන්. අනෙකුත් Guns සියල්ලම Under 20m Range එකේ තමා පවතින්නේ. AR Guns වල Reload Duration එක ගැනත් ගොඩක් අය අහලා තිබුනා 100% Confirm කරලා කියන්න බැරි උනත් ගොඩක් Guns වල තප්පර 3 සහා 4 යන කාල පාරාස වල තමා තිබෙන්නේ.

මේ Post එක ගැන ඔයාලාගේ අදහස් අනිවාරෙන්ම Comments Section එකේ පලකරන්න. මීලග Post එක Sniper Guns හෝ Guns Attachments ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා.