මේ වෙන විට ශ්‍රී ලංකා රජය විසින් සියලුම සමාජ මාධ්‍යයන් අවහිර කිරිමට ක්‍රියා කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වෙන විට බොහෝ දෙනා VPN යොදා ගනිමින් නැවත් සමාජ මාධ්‍යයන් වෙත ප්‍රවේශ වී තිබෙනවා.
ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වෙන නාමල් රාජපක්ෂ මහතා විසින් ද Twitter සටහනක් පළ කර තිබුණේ මෙලෙස සමාජ මාධ්‍යයන් අවහිර කිරිමට නිශ්ඵල ක්‍රියාවක් බවත් ඒ පිළිබඳ තමන් විසින් අදාල අංශයන් දැනුම්වත් කළ බවයි.
I will never condone the blocking of social media. The availability of VPN, just like I’m using now, makes such bans completely useless. I urge the authorities to think more progressively and reconsider this decision. #SocialMediaBanLK #SriLanka #lka
— Namal Rajapaksa (@RajapaksaNamal) April 3, 2022
එමෙන්ම මේ වෙන විට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දී තිබෙන්නේ සමාජ මාධ්‍යයන් අවහිර කිරීම වහාම ඉවත් කරන ලෙසයි.
සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රිය කරන්න - මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති විදුලි සංදේශ නියාමන කොමිසමට සහ සියලුම ජංගම දුරකතන ක්‍රියාකරුවන් වෙත දන්වයි.
Source: News First