Loading...
හදිස්සියේම අපිට ආදරෙන් අපිව පෝසත් කරන්න එන පිරමීඩ ජාවාරම්කරුවන් හඳුනා ගනිමු

Title එක දැක්කාම තේරෙන්න ඇති අද ටිකක් අමුතු කතාවක් කියන්න යන්නෙ කියලා. පිරමීඩ ජාවාරම් ගැන නොදන්න කෙනෙක් ඉනවනම් වෙන්න බෑ. ඒත් වැඩේ තියෙන්නෙ මේක ගැන දැන දැනත් මිනිස්සු මේකට අහුවෙන එකයි. මේ පිරමීඩ ව්‍යාපාර ඇත්තටම මුලු සමාජයටම පිළිලයක්. මටත් මේක තිත්ත වෙලා තියෙන්නෙ. ඒක නිසා තමයි මේ ගැන ලියන්න ඕනෙ කියල තීරණය කලෙත්.

මේ Covid වසංගතයත් එක්ක මේ පිරමීඩ ව්‍යාපාර ජාවාරම ජයටම කෙරීගෙන යනවා. මම අද මේ පිරමීඩ ව්‍යාපාරයක් කියන්නෙ මොකක්ද කියන එක ගැන ලොකුවට කියන්න යන්නේ නෑ මම හිතනවා මේ වෙනකොටත් මේ පිරමීඩ ව්‍යාපාරයක් කියන්නෙ මොකක්ද කියන එක ගැන ඔක්කොමලා දන්නවා ඇති කියලා. අද මම කතාකරන්න යන්නේ මේ පිරමීඩ ව්‍යාපාරිකයො, මගේ භාෂාවෙන් කිව්වොත් 'පිරමීඩ කාරයෝ' නැත්නම් 'ඊජිප්තු කාරයෝ' මේ වැඩේට මිනිස්සුන්ව අල්ලගන්න කියන ලස්සන සුරංගනා කතා ගැන. ඉතින් ඒ කියන කතා ගැන මම පිළිවෙලට කතා කරගෙන යන්නම්. කියවගෙන යද්දි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයාටත් මේ වගේ සුරංගනා කතා කියපු යාලුවෝ හිටියද කියල. මෙතනින් පස්සේ මේ පිරමීඩ ව්‍යාපාරිකයන්ට මම X කියල කියන්නම් මොකද එයාලට ව්‍යාපාරිකයෝ කියල කියන එක හොඳ වැඩියි වගේ.

ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ දවසකට පැයක් දෙකක් වියදම් කරලා ලොකු ගානක් හොයමුද?

ඔය උඩ තියන එක කියලා තමයි මේ X කට්ටිය වැඩෙට බහින්නේ. මෙතන විශේෂත්වේ තමයි ඔයාට ඔතනින් එහාට දැනගන්න ඔනේ නම් ඔයාට Direct Message කරන්න වෙනවා. මොකද ඔය X කට්ටිය දන්නවා ඕක ප්‍රසිද්ධියේ කියන්න ගියොත් වැඩේ දෙල් වෙලා යන බව. ඔතන ඉදන් මේ අය ඔයාගේ ඔලුව පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරන්න ගන්නවා. මේ වැඩේට ඔයාව බොහෝ වෙලාවට ඇදලා ගන්න හදන්නේ ඔයාගේම යාලුවෙක්ම තමා. ඒ වෙනකොටත් ඔයාගේ යාලුවාගෙත් ඔලුව ඔය X කට්ටිය වෙනස් කරලා ඉවරයි. ඔය පහල තියෙන Image එක බලන්න ඒ විදියට තමා මේ කට්ටිය වැඩේ පටන්ගන්නේ.

"මෙතන ලොකු දෙයක් කරන්න ඔනේ නෑ බං. පොඩ්ඩක් මහන්සි උනා නම් නිකන්ම මාසෙට දහපහලොස් දාහක් ගන්න පුලුවන්. හැබැයි මුලින්ම වැඩේට පොඩි ගානක් වියදම් කරන්න වෙනවා. අපි එකතු වෙලා වැඩේට බහිමු" ඔන්න ඔහොම තමයි බහුතරයක් X කට්ටිය කතාව පටන් ගන්නේ.

මේකට කියන්නේ Network  Marketing කියලා

"ඇත්තටම මේකට කියන්නේ Network Marketing (නෙට්වර්ක් මාකටින්/ඩිරෙක්ට් සේල්ස්/මල්ටි ලෙවල් මාකටින්) කියල.මේ ගැන නොදන්න මිනිස්සු මේකට පිරමීඩ් කියලා කියනවා. මේක මුලු ලෝකේම පිලිගත්ත ව්‍යාපාර ක්‍රමයක්. ඒක නිසා මේ ගැන බයවෙන්න කොහෙත්ම අවශ්‍ය නෑ" ඕක තමා මේ X  කට්ටියගේ ඊලග රුවන් වැකිය. ඇත්ත ලෝකේ Network Marketing කියල දෙයක් තියෙනවා තමයි, හැබැයි එතනදී මූලික වෙන්නේ විකුණන භාන්ඩය.

ඒකත් පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුව. හැබැයි මේ X කට්ටියගෙ මූලික අරමුණ කිසිම වැඩකට නැති භාණ්ඩයක් (වෙලදපලේ මිලටත් වඩා වැඩියෙන්) විකුණන මුවාවෙන් තව තවත් පිරිස එකතු කරගන්න එක. වැඩියෙන් එකතු කරගන්න ගානට තමා වැඩි වැඩියෙන් ආදායම ලැබෙන්නේ. මේ කට්ටිය නම් කියන්නේ අපි Tv එකේ ඇඩ් දාන්නේ නැති නිසා මේ ඇඩ්වලට යන මුදල අපි ඔයගොල්ලෝ අතරේ බෙදලා දෙනවා කියලා තමයි.

දැන් අපේ යාලුවෙක් බලෙන්ම වගේ අපිව මේ වැඩේට කැමති කරගත්තා කියමුකෝ. ඊලගට මේ X කට්ටිය කරන්නෙ මේ වැඩේ ගැන අපි තුල විස්වාසය ඇති කරන එක. එකට මේ වෙද්දි නම් මේ වැඩේට Zoom Meetings පාවිච්චි කරනවා. මේ Meetingවලදී අපිට කතා කරන්නවත් Message දාන්නවත් බෑ. ඒ ඔක්කොම මේ අය බ්ලොක් කරලා තියෙන්නේ. කෙලින්ම කියනවනම් මේ Meetingsවලදී කරන්නෙ Brain Wash කරන එක. හේදිල්ල කොච්චරද කියනව නම් මේකට ගියපු කෙනෙක්ට අපි ආයේ මොනවා කිව්වත් වැඩක් නෑ.

මාත් එක දවසක් ගියා ඔය Zoom Meatings එකකට මොනවද කියන්නේ කියල බලන්න. මට ඇත්තටම කලකිරුනා ඒක දැකලා. සමහර වැඩිහිටියෝ මේ ෆුල් සූට් ගහලා දේශනා තියන ගොබිලයෝ කියන එව්වා පොත්වලත් ලියාගන්නවා. හැබැයි ඉතින් මොනවා උනත් සුරංගනා කතා ටිකනම් ලස්සයි. "මම මේ වැඩේට එද්දි මට මොකුත් තිබුනෙ නෑ.හැබැයි දැන් මට BMW කාර් එකකුත් තියෙන්වා. ඔයාලටත් ලේසියෙන්ම මම වගේ වෙන්න පුලුවන්" කොච්චර ලස්සනයිද නේ..

මේක රජයේ ලියාපදිංචි ව්‍යාපාරයක්

ඕක තමයි ඊලග එක 'මේක රජයේ ලියාපදිංචි ව්‍යාපාරයක්. ඕනෙ නම් Registration Letter එකත් පෙන්නන්නම් '. ඔව් ඒක ලියාපදිංචි කරලා තමයි තියෙන්නෙ හැබැයි පිරමීඩ කරනවා කියලා නෙවෙයි වෙන මොකක් හරි කරනවා කියල. ඔන්න ඕක පෙන්නපුවාට පස්සේ තමයි  මිනිස්සු 'ආනේ ඇත්තමයි නේද' කියල මේකට අහුවෙන්නේ.

ඔය පහලින් දාලා තියෙන්නේ මහ බැංකුව මගින් ඉදිරිපත් කරපු වාර්තාවක් ඒකත් කියවල බලන්න.

මේ වෙන විට මේ X අය Network  Marketing කතාවෙන් නවතින්නෙ නැතුව Cryptocurrency පදනම් කරගත් පිරමීඩ ජාවාරමකුත් කරගෙන යනවා. ඒ ගැනත් පොඩ්ඩක් පරිස්සමින් ඉන්න.

ඔය ඔක්කොම ඉවර උනාට පස්සේ, පිරමීඩේ උඩම ඉන්න අය හම්බකරගෙන පනීවී. ඔබට සමාජයට මුහුණ දීමට බැරි වේවි. අවසානෙට කියන්න තියෙන්නෙ මේවා ගැන තමනුත් දැනුම්වත් වෙලා තවත් කෙනෙක්වත් දැනුම්වත් කරන්න කියන එක තමා. මම කතා කරපු විදිය පොඩ්ඩක් අව්ල් වගේ තමා ඒකට සමාවෙන්න. කට්ටියට දැනෙන්න ඕන නිසා එහෙම දැම්මෙ.

එහෙනම් මේ වගේ වැදගත් ලිපියකින් ආපහු හම්බවෙමු.