2015 දෙසැම්බර් පළමු වන දා ලොව සුපතල ගේමි නිෂ්පාදන ආයතනයක් වන Ubisoft මගින් Playstation Windows සහ Xbox සඳහා Tom Clancy's Rainbow Six Siege Game එක එළිදැක්වූවා.මෙය ඉතා ජනප්‍රිය ලොව පුරා විහිදුන ගේම් එකක් බවටත් පත් වූවා.
එසේම දිනෙන් දින ජංගම දුරකථන ක්‍රීඩා වලට අත් වන ජනප්‍රියතාව නිසා Ubisoft ආයතනය Developers ලා කිහිපදෙනකු සමඟ Pc හා Playstation හා Xbox වලට පමණක් සීමා වී තිබූ මේ ගේම් එක Multiplayer mode එක සමග ජංගම දුරකථන වලට ගෙන ඒමට කටයුතු කරමින් යන බව ඔවුන් ඔවුන්ගේ Twitter ගිණුමේ trailer වීඩියෝවක් මගින් දන්වා තිබුණා.
Welcome Operators to Rainbow Six Mobile!
— Rainbow Six Mobile (@Rainbow6Mobile) April 5, 2022
Rainbow Six Mobile will bring the same tactical shooter gameplay that you love to your mobile devices.
Sign-up now to receive the latest updates and get a chance to play before the release 👇https://t.co/Jvbs6dHXau pic.twitter.com/gWjH2I2bSm
එසේම මේ ගේම් එකේ වෙබ් පිටුවට තවදුරටත් සවිස්තරාත්මකව දන්වා තිබුණේ, මෙහි කණ්ඩායම් දෙකකට බෙදා ඇති බවත්/5 VS 5 Player ඒවා කණ්ඩායමකට ක්‍රීඩකයින් 5 බැගින් ආරක්ෂකයන් සහ ප්‍රහාරකයන් ලෙස පිල් දෙකක් ඇති බවයි. ඒසේම Rainbow Six Siege හි Bank සහ Broner වැනි Maps ජංගම දුරකථන Platform එක වෙත ලබා දීමෙන් ක්‍රීඩකයන්ට උපායශීලීව වෙඩි තැබීමේ හැකියාව ලබාදෙන බව ඔවුන් අවධාරණය කර තිබුණා. ඉදිරියේදී තවත් Maps ලබාදෙන බවද ඔවුන් තවදුරටත් දන්වා සිටියා.
තවද අද්විතීය හැකියාවන් සහිත චරිත කිහිපයක් ඔවුන් ඉදිරිපත් කර තිබුනු අතර, Mute, Valkyrie, Smoke, Caveira හා Bandit ලෙස ආරක්ෂක චරිතත්, Ash, Sledge, Twitch, Thermite හා Hibana ප්‍රහාරක චරිතත් වේ.
Ubisoft සඳහන් කළ අයුරින් වසර තුනක් පුරා නව UI එකක් සමග මෙය නිර්මාණය කරමින් සිටින බවත්, මෙය Pc හා Console සගයන් සමගද බෙදා ගාමින් ක්‍රීඩා කළ හැකි බවයි.
නමුත් තවමත් මෙය එළි දක්වන කාලරාමුවක් පිළිබඳ ඔවුන් දන්වා නැත. එසේම දැනට වැඩිවුනු කිරීමට ක්‍රීඩකයන්ගෙන් ප්‍රතිපෝෂණ රැස් කරන බවත් ඔවුන් තවදුරටත් තිබුණා.
Rainbow Six Mobile Game එක කොහොම වේවිද? ඔබේ අදහස් දක්වන්න.
Source: BeeBom