Loading...
Realme සමාගම විසින් Realme 10 Pro 5G Coca-Cola Edition ජංගම දුරකතනය එලිදක්වයි

Realme සමාගම විසින් Coca-Cola Themed Smartphone එකක් පිළිබඳව ඉඟි පළ කළ බව අපි වාර්තා කළා ඔබට මතක ඇති. මෙසේ මෙම Coca-Cola Theme එක යොදා ඇත්තේ Realme 10 Pro 5G Smartphone එක සඳහා වනවා.


The rumored Coca-Cola phone turns out to be a rebranded Realme 10 Pro - Coca-Cola smartphone is "The Real Thing"

මේ වන විට, Realme සමාගම විසින් Realme 10 Pro 5G Coca-Cola සංස්කරණය එළිදක්වා ඇති අතර, මෙහි පිටුපස වම් පැත්තේ කළු පාට තීරුවක් දිවෙන අතර රතු සහ සුදු වර්ණ වලින් කොකාකෝලා ලාංඡනය පිටුපස ඉතිරි කොටසේ යොදා තිබෙනවා.

Realme 10 Pro Coca-Cola Edition arrives with refreshing design and rich  retail box - GSMArena.com news

මෙම Coca Cola Theme එක UI එකටත් එක් කොට තිබෙනවා. මීට අමතරව Defualt Wallpaper, System Apps සඳහා සහ Charging Effect එකටත් Coca Cola Colours එක් කොට තිබෙනවා.

තවද Ringintone එකට Coca Cola Commercial සඳහා යොදා ගනු ලබන Sounds සහ Notification Sound එකට Cool Bubble Sound එකක් යොදා තිබෙනවා.

Special Coca-Cola sounds on Realme 10 Pro

Camera එකේද Cola නම් නව Filter කිහිපයක් ද Camera එකෙන් Photo එකක් Capture කරන විට Shutter Sound එක ලෙස Coke Bottle එකක ටොනික් පියන ඉවත් කරන විට නැගෙන ශබ්දය ද මේත් සමඟ එකතු කර තිබෙනවා.

තවද UI එකේ සියලුම Icons Coca Cola වලට ගැළපෙන පරිදි Redesign කොට තිබෙනවා.

Coke-themed icons found on the phone - Coca-Cola smartphone is "The Real Thing"
Coke-themed icons found on the phone via Phone Arena

මෙහි Box එක තුළ Smartphone එකට අමතරව Realmeow නමින් හඳුන්වන Action FIgure එකක්, Coca Cola බෝතලයට ටොනික් පියනක හැඩයෙන් යුත් Sim Card Tool එකක් සහ Coca Cola - Realme මේ Combination එකට සම්බන්ධ Stickers ද ඇතුළත් වනවා.

Specifications

මෙම Smartphone එක බලගැන්වෙනු ලබන්නේ Snapdragon 695 Chipset එකෙන් වන අතර 120Hz Refresh Rate එකකින් යුතු LCD Display එකක්, 33W Wired Charging සහිත 5,000mAh Battery එකක් සහ 108MP සහ 2MP Dual rear Camera දෙකකින්ද මේ Smartphone එක සමන්විත වනවා. තවද මෙහි RAM එක 8GB වන අතර Internal Storage එක 128GB වනවා.

මිල ගණන්

මෙය පෙබරවාරි 14වනදා සිට ඇමෙරිකානු ඩොලර් 255කට මිලදී ගත හැකි වනවා. ඇමරිකාවේ මෙම මුදලට Coke Can 525ක් මිලදී ගත හැකියි.

Sources: theverge.com androidauthority.com phonearena.com Isa does tech-Youtube Channel