Loading...
නුදුරේදී​ම එළිදැක්වීමට සූදානම් වන Coca-Cola ජංගම දුරකතන​ය?

Realme සමාගම විසින් ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ Teaser Video Clip එකක් පල කර තිබෙන්නේ 'Something is fizzing at #realme' යන්නත් සමගිනුයි. ඒත් සමග ඇති Link එකට පිවිසි විට යොමු වන වෙබ් පිටුවේ ද ඇති පිරිදි මෙය යම් වෙළද සන්නාමයක් සමග හවුල්කාරීත්වයෙන් නිපදවන Smart Phone එකක් යැයි යම් අදහස් ගත හැකි වෙනවා.

මේ වන විට මේ පිළිබඳ වාර්තා වන තොරතුරුවලට අනුව මෙය බොහෝ විට Coca-Cola Branded Smartphone එකක් වි​ය හැකි අතර ඉදිරි සති කිහිපය තුළ මෙය නිල වශයෙන්ම එළිදැක්වෙනු ඇතැයි ද යන්නත් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

realme on Twitter

එමෙන්ම ඔවුන්ගේ නිල Twitter ගිණුම ඔස්සේ පළ කර තිබෙන Teaser Video Clip එකේ සහ එහි තිබෙන Link එකෙන් යොමු වන වෙබ් පිටුවේ ද රතු පැහැයෙන් යුතු සෝඩා බුබුලු ආදිය නීරික්ෂණය කළ හැකි වන අතර මෙය  Coca-Cola Brand එකේ Colour Theme එකට අනුරෑප වන බවත් හදුනා ගන්න හැකියි.

Image via Event Realme

කෙසේ වෙතත් මෙය දැනට Realme සමාගම විසින් නිකුත් කර තිබෙන Smart Phone එකක Rebrand වීමක් ද නැතිනම් නව Smart Phone එකක එළිදැක්විමක් ද යන්න පිළිබඳ තවමත නිශ්චිත වශයෙන් තොරතුරු වාර්තා නොවන අතර වාර්තා වන තොරතුරුවලට අනුව මෙය බොහෝ විට Realme 10 Pro Smart Phone එකේ Rebrand Version එකක් විය හැකි බවටත් තොරතුරු පළ වෙනවා.

Source: androidpolice.com www.gsmarena.com au.pcmag.com