Loading...
සුඛෝපභෝගී ගුවන්‍ යානයක යනවා වගේ බිමින් යමුද- Rolls-Royce Phantom 2020

අද කතා කරමු රාජකීයන් වෙනුවෙන් නිපදවපු ලෝකෙ තියන සැපම මෝටර් රථය ගැන.

ඔබ පැමිණි ලෝකය ඔබට පෙන්වීමට අවශ්‍යද? එසේ නම් ඔබට ෆැන්තම් එකක් අවශ්‍යයි."

Roll Royce (රෝල්ස්-රෝයිස්) බැලූ බැල්මට තනි නමක් ලෙස පෙනුනද මෙය නම් දෙකක එකතුවකි. Henry Royce සහ Charles Rolls යන පුද්ගලයින් දෙදෙනා විසින් ගොඩනැගූ මෙම අධිසුඛෝපභෝගී මෝටර් රථ සන්නාමය අද වන විට කිසිඳු මෝටර් රථයකට දෙවෙනි නොවන සැප පහසුවකින් යුක්තය.

අද අපි කතා කරන්න යන්නෙ 2020 ට මෙයාල එලියට දාන අලුත්ම Rolls-Royce Phantom 2020 (රෝල්ස්-රෝයිස් ෆැන්තම්) එක ගැන.

මොනවද මේ අවුරුද්දෙ අලුතින් දීලා තියෙන්නෙ?

Roll-Royce ලාගේ flagship sedan වෙන phantom එකට මේ 2020 වර්ෂය සඳහා ඔප දැමූ ලෝහ ඉන්ධන පිරවුම් තොප්පියක්(තෙල් ටැංකි මූඩිය),අවශ්‍ය නම් පමණක් ලබා ගත හැකි බේස්පොක් ඩෑෂ් ඔරලෝසුවක්(Bespoke dash clock)(optional) සහ තමන්ට අවශ්‍ය මෝස්තරයක් යෙදූ දොර පැනල(අභ්‍යන්තරයට පමණි)යනාදිය ලබාදී ඇත.

තමන්ට අවශ්‍ය මෝස්තරයක් යෙදූ දොර පැනල

හොඳ බලයක් තියනවද?

මෙහි 563-hp twin-turbo V-12 එන්ජිමක් ඇති අතර මෙම අධිසුඛෝපභෝගී දැවැන්තයාට 0- 60mph දක්වා ගමන් කිරීමට තත්පර 5.1ක වගේ පොඩි කාලයක් තමයි වැයවෙන්නෙ.

තෙල් කොච්චර වැඩද?

ඇත්තටම මේ වගේ අධිසුඛෝපභෝගී වාහනයකින් ලොකු ඉන්ධන කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු වෙන්න කොහොමටවත් අමාරුයි.මේ අලුත්ම Rolls-Royce phantom එකේ සාමාන්‍ය නගර සීමාව තුලදී ලීටරයකට කිලෝමීටර 5.1  ක් විතර යන්න පුලුවන් අධිවේගී මාර්ගයක යනවනම් ලීටරයකට කිලෝමීටර 8.5  ක් වගේ තමා යන්න පුලුවන් වෙන්නෙ.

කියන තරම් මේක සුඛෝපභෝගීද?

Roll-Royce නිශ්පාදනය කරන්නෙ ඉතා විශාල මිලක් නියම වන මෝටර් රථ පමණයි.බොහෝ දෙනෙකු අහන්නෙ ඇත්තටම මේක මෙච්චර ලොකු මුදලක් ගෙවලා ගන්න වටිනවද කියන එක.මෙහෙම දෙයක් තියනවා මේතරම් අධික වටිනාකමින් යුක්ත වාහන නිශ්පාදනය කරන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට නෙවේ.ඇත්තම කිව්වොත් ලෝකෙ ලොකුම ව්‍යාපාරිකයන්ට,සිනමා/ගායන තරු වලට තමන්ගෙ තත්ත්වය පෙන්නන්න තමයි මේ වගේ අධිසුඛෝපභෝගී අධිමිල මෝටර් රථ නිශ්පාදනය කරන්නෙ.Roll-Royce phantom එක ගුවන් යානයක පළමු පංතියක තරම් සැපපහසුවකින් යුක්ත වාහනයක්.මේකෙ උපරිම සැප ගන්න ඕනෙ නම් පසුපස ආසන 2ක තමා භාවිතා කරන්න ඕනෙ.විශිෂ්ට නිමාවකින් යුතු දැව කොටස්,උසස්ම ප්‍රමිතියේ ලෙදර්,වටිනා ලෝහ වර්ග,ඉහළින් සවිකර ඇති තරු වැනි ලයිට්(sky roof),මසාජින් සීට් (massaging seat),කූල් බොක්ස් වැනි එකී මෙකී නොකී උපරිම සැපපහසුව ලබා දෙන අංග උපාංග ගණනාවක් මෙම මෝටර් රථය තුල තියනවා.

මේකෙ මාදිලි 2ක් තියනවා

  1. Sedan - $452,750
  2. Extended Wheelbase - $494,925

ආරක්ෂාවක් තියනවද?

මෙම රථ වල අඩු විකුණුම් අගය(රථ කිහිපයක් පමණක් නිශ්පාදනය කිරීම) සහ ඉතා ඉහළ මිල හේතුවෙන් මෙම රථ ජාතික මහාමාර්ග ගමනාගමන ආරක්ෂක පරිපාලන අධිකාරිය සහ මහාමාර්ග සුරක්ෂිතතා සඳහා වන රක්ෂණ ආයතනය විසින් කිසිඳු බිඳවැටීම් පරීක්ෂණයක් (Crash test)සිදුකර නොමැත.මෙහි නයිට් විෂන් සහ පැහැදිලි ලේසර් ආලෝක පද්ධතියක් ඇතුළත් වේ(Lights).මෙහි,

  1. සම්මත ඉදිරි ඝට්ටන අනතුරු ඇඟවීම.(Standard forward collision warning)
  2. සම්මත මංතීරු වලින් පිටවීමේ අනතුරු ඇඟවීම (Standard lane-departure warning )
  3. අනුවර්තී ස්වයං පාලනය(Adaptive cruise control) වැනි ආරක්ෂක ක්‍රමද,එයාර් බෑග් 8ක් ද අන්තර්ගත වේ.