රුසියානු රජය විසින් එරට වැසියන්ට Facebook වෙත ප්‍රවේශ විම සීමා කිරිමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ Zvezda TV channel, The RIA Novosti news agency, The Lenta.ru සහ Gazeta.ru Internet ආදි රුසියානු මාධ්‍ය ආයතනය 04ක Facebook ගිණුම් Restrict කිරිමට Meta සමාගම කටයුතු කිරිමත් සමගයි.
ඊයේ දිනයේදි ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු තාක්ෂණික හා සන්නිවේදන නියාමක විසින් සදහන් කර තිබුණේ Facebook සමාජ ජාලය විසින් රුසියානු පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිදහස උල්ලංඝනය කරන බවත්, 2020 ඔක්තෝබර් මාසයේ සිට මේ වෙන විට Facebook සමාජ ජාලය විසින් වාරණය කිරිම් 23ක් පමණ සිදු කර තිබෙන බවයි.
එමෙන්ම ඔහු විසින් Meta හි පරිපාලනයටද රුසියානු මාධ්‍ය සඳහා Facebook සමාජ ජාලය විසින් පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙසත්, එලෙස සීමාවන් යෙදිමට හේතු පිළිබඳ පැහැදිලි කිරිමක් ඉල්ලා සිට ඇති අතර Meta විසින් මෙම ඉල්ලීම් නොසලකා හැර ඇති බවත් දක්වා තිබෙනවා.
මෙම ප්‍රකාශයට පිළිතුරු ලෙස Meta හි ගෝලීය කටයුතු පිළිබඳ සභාපති වෙන Nick Clegg විසින් ප්‍රකාශ කර ඇත්තේ රුසියානු රජය ඉල්ලා ඇති පරිදි ඔවුන්ගේ Content සදහා Fact-checking and labelling කිරිම නවතා දැමිය නොහැකි බවයි.
Ordinary Russians are using @Meta's apps to express themselves and organize for action. We want them to continue to make their voices heard, share what’s happening, and organize through Facebook, Instagram, WhatsApp and Messenger. pic.twitter.com/FjTovgslCe
— Nick Clegg (@nickclegg) February 25, 2022
එමෙන්ම ඔහු විසින් Twitter සටහනක් නිකුත් කරමින් දක්වා තිබෙන්නේ මෙලෙස ඔවුන් රුසියානු රජයේ ඉල්ලිම ප්‍රතික්ෂේප කිරිමත් සමග ඔවුන් විසින් Facebook භාවිතය සීමා කිරිමට මේ වෙන විට කටයුතු කර ඇති බවයි.
Source : The Verge