Loading...
Samsung Cloudහි ඇති ඔබේ දත්ත OneDrive සඳහා මාරු කරන්නේ කෙසේද?

Samsung ආයතනය එයාලගේ Samsung Cloud එකේ තියන Gallery Data ටික අයින් කරගන්න කියලනේ තියෙන්නේ. ඒ ගැන අපි කලින් විස්තරයක් ගෙනාවා. ඒක බැලුවේ නැත්තම් මෙතනින් බලන්න.

අද මම ඔයාලට ගෙනාවේ Samsung cloud එකෙන් ඒ data ටික අපි download නොකර කොහොමද OneDrive එකට save කරගන්නේ කියල.

මේකට ඔයාලට OneDrive Account එකක් තියෙන්න ඕන. තව OneDrive App එක install කරල තියාගන්න එකත් ලේසි වෙයි ඔයාට මේ අදාල data ටික බලාගන්න.

හරි අපි දැන් යන්න ඕන settings ඇප් එකට. ඊට පස්සේ ඒකේ තියනවා Accounts and backup කියල එකක්. අන්න ඒකේ ඇතුලේ තියනවා Samsung Cloud කියල එකක්. දැන් ඒක ඇතුලට ගියයින් පස්සේ අපිට පහත මෙන්න මේ වගේ එකක් බලාගන්න පුලුවන්.

Samsung cloud Menu

ඉතින් ඔයාලා දැනටමත් මේ Gallery එකේ පොටෝ වීඩියෝ දාගෙන ඉන්නවනම් මේ වගේ message එකක් ඔයාට බලාගන්න පුලුවන්. දැන් ඒ තියන Start with OneDrive කියන එක select කරල ඉස්සරහට යන්න.

ඒ message එක එතන නැතිනම් පහත විදියට ඒ තැනට යන්න පුලුවන් දකුනු පැත්තේ තියන menu icon එකට ගිහින්.

Samsung cloud Sub Menu

ඊලගට ඔයාලට බලාගන්න පුලුවන් පහත දැක්වෙන menu එක. අපි ඒකේ connect කියන එක click කරන්න ඕන.

Move to OneDrive

ඊට පස්සේ ඔයාලට දැකගන්න පුලුවන් ඊලග රූපයේ විදියට Connect කරන්න ඕන විදිය. ඒකට නැවතත් Connect Accounts කියල click කරන්න ඕන. ඊට පස්සේ අපිට එනවා අදාල OneDrive එකේ username password දෙන තැන. අපි එතන අපේ OneDrive එකේ විස්තර දීලා setup කරගන්න විතරයි තියෙන්නේ.

Move to OneDrive

ඊට පස්සේ අපිට OneDrive එකෙන් permission ගන්නවා කියල menu එකක් පෙන්වනවා, ඒකටත් අපි Accept කරන්න ඕන. ඒකත් Accept කරයින් පස්සේ අපිට පහත විදියට බලාගන්න පුලුවන් අපිට දෙන විශේෂ features ටිකක්. ඒත් එක්කම අපිට පහලින් බලාගන්න පුලුවන් Next button එක. ඊලගට අපි ඒක ඇතුලටත් යන්න ඕන.

දැන් ඔයාලට බලාගන්න පුලුවන් versions දෙකක්. ඒ දෙකෙන් උඩ තියෙන්නේ සල්ලි දීලා ගන්න ඕන එක. යට තියෙන්නේ නොමිලේ භාවිතා කරන්න පුලුවන් එක. අපි මේ දෙකෙන් යට තියන එක select කරන්න ඕන. දැන් ඔයාට පොඩි popup message එකක් එයි Bonus Storage Add කරන්නද කියල. ඒකත් Accept කරලම ඉස්සරහට යන්න. ඊට පස්සේ අපේ වැඩේ ඉවරයි.

දැන් අපිට Notification වල බලාගන්න පුලුවන් Transfer වෙනවා කියල. ඊට පස්සේ ටිකකින් සේරම ටික Transfer වෙනවා Samsung Cloud එකේ ඉදන් OneDrive එකට. මේ සදහා අපේ දුරකථනට මේ Data download වීමක් නම් වෙන්නෙ නෑ. ඒ නිසා ඒ සදහා අමතර ඩේටා අපිට වැය වන්නෙත් නෑ.

Transferring data Notification
Transferred data Notification

අන්තිමට අපිට නැවතත් Samsung Cloud එකට ගියාම බලාගන්න පුලුවන් Gallery data ටික open කරාම ඉබේම OneDrive එක හරහාම open වෙනවා කියල.

එහෙනම් තවත් වටින Article එකකින් ආයෙත් හමුවෙමු. ඔයාලගේ අදහස් යෝජනා සහ අඩුපාඩු comment කරන්නත් අමතක කරන්න එපා. සුභ දවසක්.