Loading...
Apple Silicon M1 chipset එක නිපදවීමේ කොන්ත්‍රාත්තුව Samsung Electronics සමාගමට හිමිවන ලකුණු

Apple සමාගම Intel සමාගම විසින් නිෂ්පාදනය කරන chipset වෙනුවට භාවිතා කිරීමට සූදානම් වන තම Apple Siliconහි කොටසක් ලෙස M1 chipset එක ප්‍රකාශය කරනු ලැබුවා. මෙහි වාසිය අත්වී ඇත්තේ Samsung Electronics සමාගමටයි.

BusinessKoreaහි වාර්තාවකට අනුව මෙම නවතම M1 chipset නිෂ්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව Samsung Electronics සමාගමට වසර 05ක කාලයකට හිමිවීමට නියමිතය.

මේ වන විට M1 chipset නිෂ්පාදනය කිරීමේ කටයුතු වල සිටින්නේ Thaiwan Semiconductor Manufacturing Company හෙවත් TSCM වන අතර, ඔවුන්ට මෙම chipset වලට අදාල ඉල්ලුම සම්පූර්ණ කිරීමට ඉදිරියේදී ඇති වන අපහසුතා පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව Apple සමාගම ඒ සඳහා වන ඇණවුම් Samsung Electronics වෙත අබා දීම පිළිබඳව මෙ වන විට සලකා බලමින් සිටින බව එහි වැඩි දුරටත් සඳහන් වී ඇත.

අළුතෙන්ම එලිදැක්වූ M1 chipset නිෂ්පාදනය කිරීම සඳහා 5nm process node එක අවශ්‍ය වන අතර ලෝකයෙන්ම මේ වන විට 5nm process node හරහා chipset නිපදවීමේ හැකියාව පවතින්නේ TSCM සහ Samsung සමාගමට පමණි.

මෙම M1 chipsetහි ට්‍රාන්සිස්ටර්ස් බිලියන 16ක් ඇති අතර iPhone 12 series එක සඳහා භාවිතා කරන A14 Bionic chipset එක සඳහා ට්‍රාන්සිස්ටර්ස් 11.8ක් භාවිතා කෙරේ. මීට අමතරව මෙහි CPU cores 8ක් පවතින අතර එයින් 4ක් high-performance cores වන අතර 4ක් high-efficiency cores වේ.

මීට අමතරව චිත්‍රණ රූප (graphics) සහ කෘතීම බුද්ධිය (artificial intelligence) සඳහාම වෙන්වූ පරිපථයක් අඩංගු වන අතර එය M1 chipset එක තුලම අඩංගු වේ.

Apple සමාගම විසින් ප්‍රකාශ කර සිටින ආකාරයට ඔවුන්ගේ මෙම නවතම M1 chipset එක භාවිතා කර නිපදවන Mac උපාංග මීට පෙර Intel නිෂ්පාදන උපයෝගී කරගෙන නිපදවූ Mac උපාංග වාට වඩා 3.5x වේගයකින් ක්‍රියා කරෞ ලබයි.

Source: Gizmochina