Loading...
Samsung M Series හි ප්‍රථම 5G device එක වන Galaxy M42 5G එළිදක්වයි

Samsung සමාගමේ Galaxy M series හි නවතම සාමාජිකයා වන Galaxy M42 5G ළඟදීම නිකුත් වීමට නියමිතයි.

බැලු බැල්මට Galaxy A42 5G එක වගේ පෙනුනත් මෙම devices දෙක වෙනස් වෙන තැනක් තමයි specs.

Image Source: GSMArena

Specifications

  • Display - 6.6-inch Super AMOLED display with HD+ resolution
  • Main Camera - 48MP primary camera, 8MP ultrawide lens, 5MP macro, 5MP depth
  • Selfie Camera - 20 MP (wide)
Image Source: GSMArena

මෙහි කැමරා features සඳහා Single Take (shutter එක click කර phone එක එහා මෙහා කරමින් විවිධ කෝණයන්ගෙන් චායාරුපයක් ගැනීමට.), Night Mode, Hyperlapse, Super-Slow motion, Scene Optimizer, and Flaw Detection ආදී දැනට සාමාන්‍යයෙන් high-end galaxy phones වල තිබෙන බොහෝ features ඇති බව සඳහන් වනවා.

  • Chipset - Snapdragon 750G (8nm)
  • RAM/Storage - 6/8GB RAM, 128GB storage (microSD expandable upto 1TB)
  • Battery - 5,000 mAh, 15W charging
Image Source: GSMArena

මෙහි battery capacity ගැන Samsung හි වාර්තා වලට අනුව නම්, එක් charge එකකින් පැය 36ක talk time ද, පැය 22ක internet browsing හා පැය 34ක video play ද ඇති බව සඳහන් වෙනවා. කෙසේ වුවත් මෙම සංඛ්‍යාවන් වෙනස් විය හැකි බව ඔබ දන්නවා.

දැනට තිබෙන විදෙස් වාර්තා වලට අනුව ඉන්දියාවේ මිල ගණන් දැක්වෙන්නේ 6/128GB model එක ඉන්දියානු රුපියල් (INR) 21,999 ($295) කටද,  8/128GB model එක INR 23,999 ($322) කටද ලෙසයි.

ඉන්දියාවට නිකුත් වී දින කීපයකින්ම ශ්‍රී ලංකාවෙත් නිකුත් වෙයි කියා අනුමාණ කරන්න පුළුවන්.

Full Specifications

Source: GSMArena