Loading...
Samsung Galaxy Note Series එකේ ආගමනය - Part 01

ඔන්න ගොඩ කාලෙකට පස්සේ Samsung Users ලා වගේම Samsung Note Series එකට ආස කරන හැමෝටම Post එකක් අරන් ආවා මේ ටිකේම Post ගේන්න බැරි උනා YouTube Channel එකේ වැඩත් සමග රැකියාවේ වැඩක් කරගෙන යන්න තිබුන නිසා කොහොම උනත් මගේ Post එකක් එනකන් බලන් හිටිය කට්ටියව අමතක කරේ නැ.

ඔන්න අද Post එකක් අරන් ආවා Samsung Galaxy Note Series එක කොහොමද පටන් ගත්තේ කියලා. දැනටමත් ඔයා Note User කෙනෙක් වෙන්න පුලුවන් නොවෙන්නත් පුලුවන්, කොහොම උනත් හැමෝම වගේ නොදන්න කරුනු කාරනා ගොඩක් අද මේ හරහා දැන ගන්න පුලුවන් වෙයි. Post එක කියවලා බලලා වටිනවා වගේ නම් අනිවාරෙන් Share කරන්න අනිත් අයටත් දැන ගන්න.

මෙන්න මෙහෙමයි Samsung ලා එයාලාගේ Note Series එක පටන් ගන්නේ ( මාර සීන් ටිකක් වෙලා තමා මේක පටන් ගන්නේ මෙයාලා ) Samsung ලා මෙයාලාගේ 1st Note Phone එක Release කරන්නේ 2011 October වල වගේ ඉතින් මේ වෙනකොටත් එයාලාට නොයෙකුත් කතා ඒ වගේම Hints ගහන්න පටන් ගත්තා මේ Phone එක Release එකටත් කලින් ( සමහර අය මේ වගේ කතා කිව්වා )

මේක ඉතාමත් ලොකු Phone එකක් ඉතින් මේක අරන් යන්න වෙනම සාක්කුවක් හදන්න වෙයි
මේක නම් Phone එකක් නෙමේ Tab එකක්. වැඩකට නැති Series එකක්

ඉතින් ඔය වගේ දහසක් දේවල් කියන්න ගත්තා Samsung ලට දිගටම මේ වගේ දේවල් වලට මුන දෙන්න උනා. නමුත් කවුරුත් දැනන් හිටියේ නැ ඒ වෙනකොටත් මේ Samsung Galaxy Note කියන Series එක Smart Phone Industry එකේ Landscape එක වෙනස් කරයි කියලා. මේ Device එක Release එකෙන් පසුව සැම Mobile Company එක්කමපාහේ මේ වගේ Large Screen Size Device හදන්න පටන් ගත්තා. මෙතන හොඳම කාරණය තමා Apple ලා විසින් Samsung ලට ගොඩක් විරුද්ධ අදහස් පල කරා මේ Large Screen Size Phones ගැලපෙන්නේ නැ කියලා. කොහොම උනත් අන්තිමේදී Apple ලටද Samsung Note ගිය අඩි පාරේ යන්න උනා මම මේ කතාව බොහොම කෙටියෙන් කිව්වේ නොදන්න අයට දැන ගන්න.

Samsung ලා එයාලාගේ පලවෙනි Galaxy Note Device එක රිලීස් කරනවා කලින් සදහන් කරා වගේ 2011 October වල ඉතින් මේ Phone එකේ Specs බැලුවොත් දැනට නම් ඔයාලට පුදුම හිතෙයි මොකද දැනට 2020 දි තිබෙන Device එක්ක මේ Specs බැලුවම විහිලුවක් වගේ. කොහොම උනත් අපි යමු 2011 ට ඒ වෙනකොට 2MP Front Camera වක් සහා 8MP Back Cam එකක් ද සහිතව Exynos 4210 SOC එකක්ද 16GB/32GB 1GB Ram වගේ specs වලින් බලා ගන්න පුලුවන් උනා. 2500mah battery එකක්ද මේ සමග ලැබුනා මතක් කරන්න ඕන මේක Removable Battery එකක්.

කොහොම උනත් මුලින් පල කරපු Criticisms Trolling සමග පැමිනි Galaxy Note Device එක පලමු වසර තුලම Device මිලියන 10ක් විකිනීමට සමත් වෙනවා ( Troll කරපු සෙට් එකේ කටවල් Sales වලින් වැස්සුවා ඒ වෙනකොටත් Samsung ලා ) මේ වැටුන අඩිතාලම තමා Samsung ලට ඒ වෙනකොටත් Galaxy Note 2 Device එකකට යන්න පුලුවන් කියන විශ්වාසය ලබා දුන්නේ.

අදට මම මෙතනින් නතර කරනවා මොකද තවත් මේ Post එක දිග් ගස්සනවට වඩා Post Part 2 එකෙන් අරන් එන්නම් ඔයාලාගේ අදහස් අනිවාරෙන් Comment Section එකේ පල කරන්න Post Part 2 එකක් ඕනද ? ඔයාලා මේ Topic එක ගැන උනන්දුවක් දක්වනවද කියලා