Loading...
තවත් එක Google product එකක් නොවී Gmail වලට සමුදෙමු

අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ Gmail සහ ප්‍රධාන පෙළේ Email services පාවිච්චි නොකර ඉන්න හේතු සහ වඩා හොඳ Email Services මොනවාද කියන එක ගැන.

මේ වෙනකොට, අපි කතා කරලා ඉවරයි Googleලගෙ පැටිකිරිය ගැන. ඒ ගැන කියපු නැති අයට කියවන්න මම ආයෙත් අර සුපුරුදු ලිංක් වලින් කොටසක් දාන්නම්.

ඉතින්, Google ම දෙන Gmail වලත් privacy සිදුරු ගොඩයි. ඒ මොනාද කියලා අපි කතා කරමු.

Gmail වල පරමාර්ථය

Google සමාගම සල්ලි හොයන ප්‍රධානම මාර්ගය තමයි ඔන්ලයින් වෙළඳ දැන්වීම්. Google සමාගම ඇඩ් වලින් හොයන්නෙ ඩොලර් බිලියන ගණන්. මේ වෙළඳ දැන්වීම් ඔක්කොම වගේ target advertising, ඒ කිව්වෙ, අන්තර්ජාලයේ ඔයාගෙ හැසිරීම පරීක්ෂා කරලා, ඔයා මේ වගේ කෙනෙක් වෙන්න ඇති කියලා හිතලා ඔයාට වෙළඳ දැන්වීම් ඔයාට ගැලපෙන විදියට පෙන්වීම. මේ ගැන අපි කලින් ලිපි වල කතා කරලා තියෙනවා.

මෙන්න මේ විදියේ target advertising කරන සමාගමකට email කියන්නෙ රන් ආකරයක් වගේ එකක්. මොකද කිව්වොත්, අපි "හිතන් ඉන්නෙ" Gmail කියන්නෙ පෞද්ගලික දේවල් වුණත් යවන්න පුළුවන් වෙන කාටවත් නොපෙනෙන තැනක් කියලා. නමුත්, ඔයාගෙ Gmail Inbox එක නම් එහෙම නෑ. Google සමාගමට ඔයාගෙ Gmail Inbox එක එයාලගෙ බූදලයක් විතරයි. එයාලට අවශ්‍ය ඕනම වෙලාවක (නිතරම) එයාලගෙ බොහොම බලසම්පන්න software වලින් ඔයාගෙ inbox එක scan කරනවා. එහෙම කරන්නෙ ඔයා යවන සහ ඔයාට එන ඊමේල් අධ්‍යනය කරලා ඔයා ගැන අවබෝධයක් ලබාගන්න.

2010 අවුරුද්දෙ Google CEO හිටිය Eric Schmidt කිව්වෙ, “We know where you are. We know where you’ve been. We can more or less know what you’re thinking about.” සිංහලෙන් කිව්වොත්, "අපි දන්නවා උඹ ඉන්නෙ කොහෙද කියලා, අපි දන්නවා උඹ කොහෙද හිටියෙ කියලා. (ඒ කියන්නෙ උන් අපි ආගිය තොරතුරු ඔක්කොම දන්නවා කියන එක), අඩු වැඩි වශයෙන්, අපිට පුළුවන් දැනගන්න උඹලා හිතන්නෙ මොනාද කියලත්!"

අවුරුදු ගානකට පස්සේ, සෑහෙන නඩු වැඩිලා. බිලියන ගණන් දඩ ගෙවලා, කෙළවුණාට පස්සෙ, Google සමාඟම කිව්වා වෙළඳ දැන්වීම් පෙන්වීමේ බලාපොරොත්තුවෙන් එයාලා ආයෙ Gmail inboxes scan කරන්නෙ නෑ කියලා. හැබැයි වෙන වෙන හේතු වලට නොකරනවා කිව්වෙ නෑ, එහෙම නොකර ඉන්නෙත් නෑ.

මොකද, වයිරස් ස්කෑන් කරන්නයි කිය කිය හැම මගුලම තවමත් Gmail එකෙන් ස්කෑන් කරනවා.

Gmail හරහා වන තෙවන පාර්ශ්වීය දත්ත මංකොල්ලය

2014 අවුරුද්දෙ ඉඳන්, Gmail විසින් තුන් වන පාර්ශ්වීය apps වලට gmail වල API එක භාවිතා කරන්න ඉඩ ලබා දුන්නා. ඒ කියන්නෙ, Facebook Apps වගේ. මේ Aps වලින් ඔයාගෙ email කියවන්න permission ඔයාට නොදැනිම ගන්නවා. ඊට පස්සෙ මුළු ඉන්බොක්ස් එකම කියවනවා. ඒ විදියට personal data (inbox එක එහෙම්පිටින්ම) leak වුණ අවස්ථා වාර්තා වෙලත් තියෙනවා.

අන්න ඒ වගේ, Gmail වල Third Party Apps/Add-ons වලටත් ඒ වගේම විනාශයක් කරන්න පුළුවන්.

ඉතින්, තවත් මොකටද අපි මේ විශ්වසනීයත්වයක් නැති Gmail පාවිච්චි කරන්නෙ? ඊට වඩා හොඳ විකල්ප තියෙද්දිත්?

විකල්ප Email සේවාවන්

මුලින් කියන්න ඕන, Gmail වල ඉඳන් වෙන service එකකට යන එක මාරම අමාරු වැඩක්, මොකද Online Account හැම එකකටම අපි දීලා තියෙන්නේ අපේ පරණ Gmail ගිණුම නෙ. මොකද අපේ නොදැණුවත් බාවය නිසා ප්‍රසිද්ධියට රැවටිලා ඔයාලා වගේම මමත් Gmail වලින් තමයි හැම එකක්ම පටන් අරන් තියෙන්නෙ. ඔයාලට අන්තර්ජාලය ගැන බණ දේසනා කරන මටත් තවම හරියට Gmail වලින් ගැලවෙන්න බැරි වුණා. හැබැයි, දැනට 75%ක් විතර මගේ ගිණුම් වඩා හොඳ Email සේවාවකට මාරු කරලා ඉවරයි. ඒක එකපාරකට කරපු දෙයක් නෙවෙයි, අවුරුද්දක් විතර තිස්සේ ක්‍රමක්‍රමයෙන් එකින් එකට තමයි මාරු කළේ.

ගොඩක්ම හොඳයි ඔයාගෙම Mail Server එකක් හදාගන්න පුළුවන් නම්, අපි ගොඩ දෙනෙක්ට ඒක කරන්න අමාරු දෙයක් නිසා අපි බලමු වඩා හොඳ සහ End to End Encryption වගේ බොහොම ආරක්ශිත සේවා සපයන, ඔයාගෙ පෞද්ගලිකත්වයට ගරු කරන Email Services මොනාද කියලා. (මෙතන මම ඔයාලට දෙන්නෙ නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් සේවාවන් විතරයි, මොකද අපිට සල්ලි ගෙවලා Email ගිණුමක් පවත්වන් යන්න අමාරු නිසා.)

Secure email: ProtonMail is free encrypted email.
ProtonMail is the world’s largest secure email service, developed by CERN and MIT scientists. We are open source and protected by Swiss privacy law
Disroot | Disroot
Disroot is a platform providing online services based on principles of freedom, privacy, federation and decentralization.
Secure email: Tutanota makes free encrypted emails easy.
Tutanota is the secure email service, built in Germany. Use encrypted emails on all devices with our open source email client, mobile apps & desktop clients.
Yandex
Yandex is a technology company that builds intelligent products and services powered by machine learning. Our goal is to help consumers and businesses better navigate the online and offline world. Since 1997, we have delivered world-class, locally relevant search and information services. Additional…
මෙතන අන්තිමට මම Yandex දැම්මෙ මම කාලයක් පාවිච්චි කරපු සේවාවක් නිසා, Yandex කියන්නෙ රුසියානු සමාගමක්. මෙයාලගෙ Email සේවාව Gmail වලට වඩා හොඳයි, ඒ මොකද කිව්වොත් මේ සේවාවෙන් පුළුවන් ඔයාගෙ domain එකකට වුණත් email address එක හදාගන්න, හරියට contact@prabhashlk.com වගේ. කෝක වෙතත්, Google තරම් නම් Yandex නරක නැතුව ඇතු කියලා හිතෙනවා.

හොඳයි, එහෙනම් අදට මෙපමණයි, තවත් ලිපියකින් මුණගැසෙමු. ජය!