Loading...
නිරුවත් ඡායාරූප, ලිංගික දර්ශන සහ ශ්‍රී ලංකාවේ නීතිය: "සමාජ ජාල ඔස්සේ හුවමාරු කර ගැනීමත් වරදක්"

ඔබට මතක ඇති පසුගිය දිනක බාලවයස්කාර දැරියක් අන්තර්ජාල ඔස්සේ ලිංගික ක⁣ටයුතු සදහා අලෙවි කිරිමේ සිද්ධියට අදලව අධිකරණ විසින් ළමයින් අසභ්‍ය වෙබ්අඩවි වෙත පිවිසිම වැලැක්වීම සදහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට, පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර මෙලෙස වෙබ්අඩවිවලට අමතරව සමාජ මාධ්‍ය ජාලා යොදා ගනිමින් ලිංගික කටයුතු සදහා කාන්තාවන් අලෙවි කිරීමේ කටයුතු  සිදු වන බවට හඳුනා ගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

ඒ ඔස්සේ අදහස් ප්‍රකාශ කල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා විසින් සදහන් කර සිටියේ "ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පිටු, ගිණුම්, ගෲප්, වට්ස්ඇප් ගෲප් ඔස්සේත් මේ කටයුතු සිදු වෙන බව වාර්තා වෙනවා," යනුවෙනුයි.

එමෙන්ම මේ වෙන විට පවතින Covid වසංගත තත්වයත් සමග සමාජ මාධ්‍ය ජාලා ඇතුළු අන්තර්ජාල භාවිතය ඉහළ යාමත් සමග ඒවා යොදා ගනිමින් කාන්තාවන් සහ බාලවයස්කරුවන් ලිංගික ක්‍රියාවල යෙදවීමේ වර්ධනයක් දක්නට තිබෙන බවත් නිරුවත් පිංතූර, අසභ්‍ය වීඩියෝ ආදිය බෙදා හරින Facebook ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල Page, Group පවතින බවත්, මේවා ඔස්සේ එම නිරැවත් පිංතූර හා අසභ්‍ය දර්ශන හුවමාරු කර ගැනීමේ වර්ධනයක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පවසා තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ නිරැවත් හා අසභ්‍ය දර්ශන හුවමරැ විම සම්බන්ධයෙන් පවතින නිතිමය පසුබිම

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ පවසන පරිදි ;

ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව පුද්ගලයෙකු විකිණීමට හෝ සැපයීමට හැකියාවක් නොමැති වෙන අතර එය නිති වි⁣රෝධි කටයුත්තක් වෙනවා.

නිරැවත් පිංතූර හෝ අසභ්‍ය දර්ශන Forward කිරිම, Share කිරිම හෝ අන්තර්ජාල වෙත මුදා හැරෙන නිරැවත් දර්ශන හෝ අතිශය පෞද්ගලික දර්ශන සහිත Videoවලට අදාල Link ලබා දෙන ලෙස කරන ඉල්ලිම් ද නිති විරෝධී කටයුත්තක් වෙනවා. එනම් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ අසභ්‍ය ප්‍රකාශන බෙදා හැරීම, තව කෙනෙකුට දීම වරදකි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සි⁣ටියේ මේ වෙන විට අන්තර්ජාලය තුළ සැරිසරමින් අපරාධකරුවන් හඹා යාම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි. පොලිස් පරිගණක අපරාධ ඒකකය, පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), ළමා හා කාන්තා කාර්යාංශය ඒ සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු කරනු ඇති බවත් ඔහු විසින් පවසා සිටියා.

Source : BBC