Loading...
පැරණි iOS සංස්කරණයකට ඔබගේ Apple iPhone ජංගම දුරකතනය downgrade කරන්න උදව් වන SHSH Blobs

Apple සමාගම විසින් අලුත් iOS version එකක් රිලීස් කරලා ටික දවසක් ගියාම පරන iOS version එක unsigned කරනවා. ඉතින් එතකොට අපිට iTunes වලින් restore කරලාවත් 3u tools වලින් flash කරලාවත් පරන version එකට යන්න බැහැ. මෙතනදී තමා SHSH වැදගත් වෙන්නේ.

මොකක්ද මේ SHSH කියන්නේ?

apple ලා අපේ iPhone run වෙන version එක මොකක්ද කියලා verify කර ගන්නේ මේ shsh වලින් තමා.

හිතන්න ඔයා දැන් පාවිච්චි කරන්නේ iOS 13 ඔයාට දැන් ඕන iOS 14 update වෙන්න ඒත් iOS 14 ට update කලාම ඔයාගෙ phone එක battery ඉක්මනට බහිනවානම්, phone එක slow නම්, ඔයාට ඕන වෙනවා නැවතත් iOS 13 downgrade කරන්න. ඒත් දැන් අපිට එහෙම කරන්න බෑ මොකද IOS 13 දැනටමත් unsigned කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ අවස්තාවේ තමා SHSH save කරලා තිබීමේ වැදගත් කම් මතුවෙන්නේ. iOS 14 update කරන්න පෙර iOS 13 දී ඔයා SHSH save කරගෙන තිබුනා නම් ලේසියෙන්ම ඔයාට iOS 13 downgrade වෙන්න පුලුවන් කම තිබෙනවා.

දැන් බලමු කොහොමද SHSH save කරන්නෙ කියලා

  1. පළමුව, ECID අංකය ලබා ගත යුතුය. මේ සදහා iPhone එක iTunes වෙත connect කර serial number එක මත tap කිරීමේන් මෙය ලබා ගත හැක.

2.  දැන් ඔබගේ පරිගනකයේ web browser එක open කරන shsh.host සයිට් එකට යන්න. image 2 පෙන්වා ඇති ආකාරයට එය සම්පූර්න කර request APTickt click කරන්න

3. ඉන් පසු image 3 ආඅකාරයට ඔබට save කරගැනීමට අවශ්‍ය version එක තෝර එය download කර ගන්න.


4. න් verify my >> select your APTicet ගොස් image 4 ආකාරයට download කර ගත් file එක upload කර ගන්න.

5. දැන් ඔබට save උන SHSH file එක දැක ගත හැක.