Loading...
Smart Phones ගැන ඇති මිත්‍යා මත

අපි ගොඩක් වෙලාවට අපේ අතේ තියෙන ෆෝන් එක මනින්නේ මිල සහ එකේ දීලා තියෙන ෆීචර්ස් වලින් කියන එක අපි හැමෝම දන්නා එකක්නේ? ඒ වුනාට අපි අපේ ලෝකල් ස්පෙෂලිස්ට්ලා කියන එක එක හේතු ගැන කල්පනා කරලා සමහර වෙලාවට මෙලෝ වැඩක් නැති ෆෝන් එකක් ලොකු මිලක් දීලත් ගන්න වෙලාවල් තියනවා.

අපි ගොඩක් වෙලාවට අපේ අතේ තියෙන හරි යාළුවගේ අතේ තියෙන හරි

ස්මාට් ෆෝන් වල හොඳ නරක සහ පාවිච්චි කරන විදිහ ගැන එක එක ජනප්‍රිය මත අපි අහල තියනව. ඒ උනාට මේ සමහරක් කතා ඇත්තද බොරුද කියලවත් අපි දන්නෙ නෑ. අද අපි කතා කරන්න හදන්නේ අන්න ඒ දේවල් ගැන තමයි.

1. මෙගා පික්සල් වැඩි නම් ෆෝන් එක සුපිරි

ෆෝන් එකක් ගත්තා කිව්වම ගොඩක් අය අහන්නේ “කැමරාව මෙගා පික්සල් කීයද?” කියල තමා. එහෙත් ඔවුන් එහෙම අහන්නේ කාරණාව හරියට දන්නේ නැතුවයි. කැමරාවක පික්සල් ගණන වැඩි වුනාට වැඩක් නැහැ. කැමරා සෙන්සරය වැඩි දියුණු කරන්නේ නැතිව.

ගොඩක් දුරකථන නිෂ්පාදකයින්ට එම සෙන්සරය වැඩි දියුණු කරන්න යන වියදමට වඩා අඩු වියදමක් මෙගා පික්සල් ගණන වැඩි කරන්න යන නිසා. ඔවුන් තෝරා ගන්නේ දෙවෙනි විකල්පය ම තමයි. ඒ කියන්නේ පික්සල් ගණනින් වැඩි කැමරාවක් තමන්ගේ ෆෝන් එකට එකතු කිරීම තමයි.

ඒ හින්දා සෙන්සරේ බලන්නේ නැතුව මෙගා පික්සල් ගාණට රැවටෙන්නේ නැතුව ඉමු.

2. ෆෝන් එකේ බැක්ග්‍රවුන්ඩ් රන් වෙන ඇප්ස් අයින් කලාම ෆෝන් එක ස්පීඩ් වෙනෝ!

ඔන්න දැන් තමයි බොහොමයක් පිරිසකගේ වල්ගය පෑගෙන ටයිම් එක. ඒක නිසා කියවලා බලන්න. තේරුනේ නෑ වගේ නම් ආයෙත් කියවන්න.

හරි, අනවශ්‍ය ඇප්ස් battery savers යූස් කරල kill කරලා අපිට පවර් සේව් කරගන්න පුලුවන්. ඔව් ඇත්ත. සේව් වෙනවා. ඒත් ඇත්තටම සේව් වෙනවද? නෑ ඒකෙන් වෙන්නේ තවත් බැට්‍රි එක ඩ්‍රේන් වෙන එක.

අයිසේ තිමිර, උඹ ගංජ ගහල කියවනවද මනුස්සයෝ..... වෙනවලු වෙන්නේ නැල්ලු.

ඔන්න උඹේ හිතට ආපු දේ.

කලබල වෙන්නේ නැතුව බලමු ඔය මාන්දමික සීන් එක වෙන්නේ කොහොමද කියල. ඔය බෑක් ග්‍රවුන්ඩ් එකේ රන් වෙන ගොඩක් ඇප්ස් හදල තියෙන්නෙ ෆෝන් එකේ ස්ටෝරේජ් එක ප්‍රොසෙසර් එක නෙට්වර්ක් එක යූස් වෙන්න කියල අපි දන්නවා. ඉතිං ඔය කියන ඇප්ස් කිල් කරාට ටික වෙලාවකින් ආයෙත් රන් වෙනවා. හොඳටම ගන්න පුළුවන් උදාහරණය තමයි අර ක්ලීන් මාස්ටරේ, බැට්‍රි ඩොක්ටරේ වගේ ඇප් වලින් ඇප් කිල් කරල විනාඩි 15කින් තව පාරක් ඇප් කිල් කරද්දි අර ඇප් ටික ආයෙත් කිල් වෙනව. ඒ කියන්නේ ඒ ටිකට විනාඩි 15කට කලින් කිල් කරපු ඇප් ආයෙත් බෑක්ග්‍රවුන්ඩ් එකේ වැඩ. උඹ ඔය විදිහට ඇප් කිල් කරන කරන වාරයක් පාසා ඒ ඇප් උඹට නෝන්ඩියට වගේ ආයෙත් බෑක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙනව. ඉතිං කිල් කරන්නයි, ඔය ඇප් රීස්ටාර්ට් වෙන්නයි ගියාම ඒ ඇප් නිකාං කිල් නොකර ඔහේ රන් වෙන්න ඇරියම වැයවෙන බැට්‍රි ලයිෆ් එකට වඩා වැඩ් පවර් එකක් යනව කිල් කරන්නයි රීස්ටාර්ට් වෙන්නයි ගියාම.

ඉතිං හොඳම දේ තමයි ඔය පාඩුවේ රන් වෙන ඇප්ස් වලට රන් වෙන්න අරින එක. ඒ වගේමයි ඔයාට ඇත්තටම නිතරම ඕනේ නැති, ඒත් හදිස්සියකට ඕන වෙයි කියල හිතෙන බෑක්ග්‍රවුන්ඩ් රන් වෙන ඇප් එකක් තියෙනව නම් ඒක සෙටින්ග්ස් වල ඇප්ස් වලට ගිහින් Force Stop හරි disable කරල දාන්න. එහෙමත් නැතුව වැඩක් ගන්නෙම නැති ඇප් තියෙනව නම් මහදෙයක් නෑ uninstall කරල දාන්න. වැඩක් නැත්තම් වැඩක් නෑ.

ඔන්න දැන් කට්ටිය වල්ගය පාගගෙන ඉන්නේ මේ වෙලාව වෙනකොට. විශේෂයෙන්ම රූට් යූසර්ස්ලා. නෑ නෑ, මේ උඩ ටික කියල තියෙන්නෙ Non-root යූසර්ස්ලාට විතරයි. රූට් කරපු උංට අමුතුවෙන් මම කියන්න ඕනේ නෑනේ Greenify, Amplify, PowerNap වගේ xposed module වලින් wakelocks, alarms හැන්ඩ්ල් කරල බැට්‍රි ලයිෆ් එක සුපිරියට ඔප්ටිමයිස් කරගන්න විදිහ ගැන. ඒක නිසා ඔයාල මේක ගැන කලබල වෙන්න එපා.

ඉස්සරහට Greenify, PowerNap, Amplify දාල කොහොමද ඩිවයිස් එකේ ඉනැක්ටිව් ටයිම් එකේ පවර් කන්සම්ප්ශන් එක අඩු කරගන්නෙ කියන එක ඇප් එකෙන් එකට පෝස්ට්ස් දාල කියල දෙන්නම්. හැබැයි සමාවෙන්නෝනේ. රූට් කරල Xposed Module එක දාල තියෙන අයට විතරයි ඒක අදාල වෙන්නේ.

මේ කියල තියෙන්නෙ වෙනම අපි ප්ලේස්ටෝ එකෙන් දාන ඇප් ගැන මිසක ඕඑස් එකට සෙටින්ග්ස් වල එන ලොව් පවර් මෝඩ්, පවර්සේවර්ස් ගැන එහෙම නෙවෙයි ඈ.

අපි හිතනවට වඩා අපේ ෆෝන් ස්මාර්ට් නිසා, ඇප් දෙකතුනක් එකට වැඩ කලත් වැඩ කරමින් සිටින ඇප් එක හැරෙන්නට අනික්වා ක්‍රියාත්මක වීම නතර කරනු ලබනවා. ඒ නිසා අමුතුවෙන් අපි ඇප් ක්ලෝස් කරන්නට අවශ්‍ය නැහැ. මේ නිසා මේ වැඩේ කරන්න එපා.

3. ෆෝන් එක බැටරිය චාජ් කරන්න ඕනෙ සම්පුර්ණයෙන්ම බැහැලා ගියාම

ඔව් මෙහෙම කරන්නෝන කාලයක් තිබ්බා. ඒ තමයි අර අපි නයි ගේම් ගහපු චූටි චූටි ෆෝන් තිබ්බ කාලේ. හරියටම කියනව නම් නොකියා, මොටොරොලා, සෝනි "එරික්සන්" වගේ ෆෝන් වලට ගහන්න ෆෝන් තිබ්බ නැති කාලේ. ඒකට හේතුව ඒවගේ තිබ්බේ Ni-Cad (Nickel Cadmium) සහ Ni-MH (Nickel Metal Hydride) කියන බැට්‍රි වර්ග දෙක. අර සීයා කාලේ ෆෝන් වල විතරක් නෙවෙයි, කාලයක් යනකන් ස්මාර්ට් ෆෝන් වලටත් ඕය කියන බැට්‍රි ආවා. දැන් ඔය කියන Ni-Cad සහ Ni-MH බැට්‍රි වල තිබ්බා අවුලක්. ඒකට කියනව Memory effect කියල. මේ කියන effect එක නිසා ඔය කියන ජාතියේ බැට්‍රි වල memory එක lose වෙනවා.

බැට්‍රියට කොහෙද යකෝ මෙමරියක්. අනේ තිමිරයෝ ගොං කතා නොකියා වැඩක් බලා ගනින්. ඔන්න දැන් බොට හිතුණු දේ. දැන් බලමු ඔය කියන හුට්ටප්පරේ මොකක්ද කියල.

ඔය කියන මෙමරිය අපි හිතන මෙමරි එක නෙවෙයි. මේ මෙමරි එක වෙනස්. දැන් ඔය කියන එක වෙන්නේ මෙහෙමයි. අර කිව්ව ජාතියේ බැට්‍රියක් තියෙනව 1000mAh කැපෑසිටි තියෙන. ඕකේ 20% පවර් එක තියෙනව (200mAh). ඒ තියෙද්දි අපි චාර්ජ් එකට ගහනව. ගහල ෆුල් චාර්ජ් එකක් දෙනව. එතකොට ඔය බැට්‍රි දෙජාතිය එයාගේ සම්පූර්ණ කැපෑසිටිය අඳුර ගන්නේ 800mAh විදිහට. අර තිබ්බ 200mAh මතක් නෑ. එතකොට දැන් මෙයා හිතන්නේ අර චාර්ජ් වෙච්ච් 80% තමයි එයාගේ ෆුල් කැපෑසිටි එක කියලා. ඉතිං ෆෝන් එක ඔන් එකේ තියෙන ටයිම් එක අඩුයි. මොකද අර 20% දැනටමත් ලොස්ට්. ඔන්න ඕකයි ඒ දවස් වල කිව්වේ ෆෝන් එක Battery low වෙලා off උනාම (full discharge උනාම) ෆෝන් එක චාර්ජ් කරන්න කියල.

දැන් එමු Lithium-Ion දිහාට. Li-Ion කියන්න ඉස්සර හිටපු Ni-Cad, Ni-MH කියන නට් ලූස් වෙච්ච සීය පප්ප ටයිප් බැට්‍රි එකක් නෙවෙයි. ඌ ඇවිල්ලා අමුතුම ජාති ඩයල් එකක්. හරියටම කියනව නම් නව පරපුරේ ඩෑල් එකක් (අර ලැම්බොගිනි ඉල්ලන ජාතියේ නෙවෙයි). 1000mAh Li-Ion බැට්‍රි එකක 20%ක චාර්ජ් එක තියෙද්දි අපි ෆෝන් එක චාර්ජ් එකට ගැහුවම එයා දන්නව, හරි මගෙ දැනට 200mAh තියෙනව, මගේ බඩ පිරෙන්න තව කන්න ඕනේ 800mAh කියල. ඉතිං ඔහොම චාර්ජ් එකට ගහල තියෙද්දි 80%දී ගැලෙව්වොත් ඒත් බැට්‍රි එක දන්නව මගේ බඩ පිරිල තියෙන්නෙ 80% කියල. ඉතිං දැන් එන ස්මාර්ට් ෆෝන් වල තියෙන්නෙ Li-Ion නිසා ඕනම වෙලාවක චාර්ජ් එකට ගහල ෆුල් චාර්ජ් වෙන්න කලින් ගැලෙව්ව කියල අවුලක් යන්නේ නෑ අර කලින් කියල තියෙන බැට්‍රි ජාතියේ වගේ.

දැන් මෙහෙම මේ පෝස්ට් එක කියවල හිතුණු හිතුණු වෙලාවට චාර්ජ් එකට ගහන්න යන්නත් එපා. සාමාන්යෙන් Li-Ion තියෙන ෆෝන් එකක් චාර්ජ් එකට දාන්න ඕන ප්‍රශස්ත බැට්‍රි ලෙවල් එක 15% - 20% අතර කියල. ඒත් ඒකේ සත්‍ය අසත්‍යතාවය හෝ ඒකේ තියෙන ලොජික් එක නම් මං දන්නේ නෑ. ඒත් ගොඩක් අය එහෙම කියන්නේ හේතුවක් තියෙන නිසා වෙන්නත් පුළුවන්. මමත් මේ තාම ඒ ගැන හොයනව. හරි තොරතුරක් තාම ලැබුනේ නම් නෑ. ඒත් ඇපල් එකේ අයියලා නම් මෙන්න මෙහෙම කියල තියෙනවා.

"Charge your Apple lithium-ion battery whenever you want. There’ s no need to let it discharge 100% before recharging. Apple lithium-ion batteries work in charge cycles. You complete one charge cycle when you’ve used (discharged ) an amount that equals 100% of your battery’s capacity, but not necessarily all from one charge. For instance, you might use 75% of your battery’ s capacity one day, then recharge it fully overnight. If you use 25% the next day, you will have discharged a total of 100%, and the two days will add up to one charge cycle. It could take several days to complete a cycle. The capacity of any type of battery will diminish after a certain amount of recharging. With lithium-ion batteries, the capacity diminishes slightly with each complete charge cycle. Apple lithium-ion batteries are designed to hold at least 80% of their original capacity for a high number of charge cycles, which varies depending on the product."

දැන් තේරුණානේ මොකද්ද ආදී කාලේ උන සීන් එක මොකක්ද, දැන් කාලෙ වෙන්න මොකක්ද කියලා. ඉතිං දැන් ඔය සේරම කියලත් තව කොස්සක් තියෙනව. ෆෝන් හදන උං කියනව මාස තුනකට සැරයක්වත් බැට්‍රි එක ෆුල් ඩිස්චාජ් කරල ෆුල් චාර්ජ් එකක් දීල බැට්‍රි එක calibrate කරන්න කියල. දැන් ඔහොම ෆුල් ඩිස්චාර්ජ් කරල ෆුල් චාර්ජ් එකක් දුන්නම බැට්‍රි එකේ චාජින් ලයිෆ් සයිකල් එකක් එහෙම්මම ඉවර වෙනව. ඔන්න ඔය ප්‍රශ්නේ නිසා දැන් එන ෆෝන්ස් වලට digital calibration tool built in එවනවා බැට්‍රි එකත් එක්කම. ඉතිං දැන් අපිට ඔය ඉස්සර කරා ගේ මාස ගාණකට සැරයක් calibrate කරන්න ඕන වෙන්නේ නෑ.

හරි එහෙමයි කියල ජීවිත කාලෙටම calibrate නොකර ඉන්න වෙන්නෙත් නෑ. මේකෙන් වෙලා තියෙන්නෙ calibrate කරන්න ඕන වාර ගණන අඩු කරන එක විතරයි. අපි හිතමු ෆෝන් එක අවුරුද්දක් ඔහොම යූස් කරනව. එක පාරටම බැට්‍රිය ෆුල් අන්දොස් වෙලා වඩිගපටුන නටනව. අන්න ඒ වෙලාවට අපි අර විදිහට calibrate කරන්න ඕන. අර පිස්සු නටන ඒවට උදාහරණයක් මං දෙන්නම්. බැට්‍රිය ෆුල්චාර්ජ් එකට ගහල 100% පස්සෙ යූස් කර කර ඉද්දි එක පාරටම හෙණ ගැහුව වගේ ලොකු සයිස් percentage එකකින් බැට්‍රියේ චාර්ජ් එක අඩු වෙනව. 100% ඉඳලා 25%ට වගේ බහිනව එක සෙනෙකයකින්. අන්න බැට්‍රිය කියනව calibrate කරපිය මාව කියල. අන්න ඒ වගේ වෙලාවට ෆෝන් එක ඕෆ් වෙන්නම යූස් කරල ෆෝන් එක ඔෆ් කරල චාර්ජ් එකට ගහල ෆුල් චාර්ජ් එකක් දීල බැට්‍රිය calibrate කරගන්න ඕනේ. ඒ කරලත් අන්දොස් නටවනම් ඒ කියන්නේ බැට්‍රියේ කාලේ හරි, මාරු කරපං කියල තමයි කියන්නේ.

දැන් ඉතිං ඉතිරි ටික. මේ කියපු දේවල් අදාල වෙන්නේ ඔරිජිනල් ඇක්සසරීස් වලට විතරයි. නැතුව කොටුවේ පේමන්ට් එකේ 200ට ගන්න තියෙන බැට්‍රියට, අලිඑක්ස්ප්‍රස් එකේ $5ට ගෙන්නපු බැට්‍රි එකට, ලංකාවේ කඩවල තියෙන 500 බැට්‍රියට මේව අදාල වෙන්නේ නෑ.

ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනේ, දැන් කාලේ ෆෝන් ගන්න ගොඩක් අය බලන්නේ chip-set එක, RAM එක, Camera එක ඇරුනම front cam එකෙන් ගැහුවම සුදු පාටට පේනවද, කුරුලෑ නැති වෙනවද, වටේට බොඳ වෙනවද, ඩුවල් ලෙන්ස්ද, ඔලුබක්කො නටනවල විකුණනවද, වෙන රටවල විකිණිච්ච ෆෝන් ප්‍රමාණය වගේ එකී නොකී මෙකී ලඳ බොළඳ දේවල් මිසක ෆෝන් එකේ හදවත වගේ තියෙන බැට්‍රිය ගැන ලොකු අවධානයක් දෙන්නේ නෑ. බැට්‍රිය ගැන හෙව්වත් හොයන්නේ කැපෑසිටිය ගැන විතරයි. මං අර උඩ කිව්ව වගේ digital calibration tool එකක් ෆෝන් එකත් එක්ක inbuilt එනවද නැද්ද වගේ දේවල් ගැන හොයන්නේම නැති තරම්. ඉතිං අද ඉඳලවත් ෆෝන් එකක් ගන්න යනකොට ඒ ෆෝන් එකේ බැට්‍රියේ කැපෑසිටි එක විතරක්ම හොයන්න එපා. අනිත් දේවලුත් හොයන්න. හොයල බලල ගන්න. ගන්නම් වාලේ ගන්න එපා.

4. රැයක් පුරා ෆෝන් එක චාජ් කරන්න එපා

ඇත්තටම ස්මාර්ට් ෆෝන් overcharge වෙනවද? දැන් තියෙන Smart phone සාමන්යෙන් පැය පැයකින් දෙකකින් charge complete කියන තත්වෙට පත්වෙනව, ඒ උනත් කවදවත් overcharge වීමක් වෙන්නේනෑ. ඔය සුපිරි කියන පට්ට කියන ෆෝන් හදන කම්පණිවලින් ෆෝන් එකේ හම හුට්ටප්පරයක්ම ස්මාර්ට් විදිහට හදල අර හද්දා පරණ technology එකේ විදිහට ෆෝන් එකක බැට්‍රි එක overcharge වෙන්න හදල හමන්නල එවයි කියල හිතනවද? අර සෙන්සරේ මේ සෙන්සරේ, ඇහැ තිබ්ඇ, ඇඟිල්ල ගැහුවම අන්ලොක් වෙන සෙන්සර් වගේ නානාප්‍රකාර සෙන්සර් දාල හදල රටේ නැති කතා කියල අපි ගාවට එවන ෆෝන් වල බැට්‍රි එකටත් සෙන්සරයක් තියෙනව. CPU Z වගේ ඇප් වලින් ඔය එක එක ටෙම්පරේචර් එහෙම අපිට පෙන්නන්නේ අන්න ඒ වගේ සෙන්සර් තියෙන නිසා.

ඔන්න ඔය කියන බැට්‍රි සෙන්සර්ස් වලින් detect කරනව බැට්‍රි එකේ හීට් එකයි චාර්ජ් එකයි. බැට්‍රි එක ෆුල් චාර්ජ්ඩ් නම් ඒ සෙන්සර්ස් වලින් ඔටෝම චාර්ජින්ග් ප්‍රොසෙස් එක නවත්තනවා. හදීසියේවත් බැට්‍රි එකේ temperature එක ඕවර් ගියොත් එතනදිත් චාර්ජින්ග් ප්‍රොසෙස් එක නවත්තනවා.

අනික තමයි ෆෝන් වල තියෙන්නේ Lithium-Ion බැට්‍රි. ඒ බැට්‍රි වල built in protection circuit එකක් එනව overheating සහ overcharging අඳුර ගන්න. ඒ කියපු circuit වලින් ෆෝන් එකේ බැට්‍රි එක චාජ් උනාට පස්සේ බැට්‍රි එකට එන පවර් එක කට් කරල trickle කරනව. ඒ කියන්නේ ෆෝන් එකේ බැට්‍රි එක ෆුල් චාජ් උනාට පස්සේ ෆෝන් එකේ බැට්‍රි එක ඩිස්චාර්ජ් වෙන රේට් එකටම බැට්‍රි එක චාර්ජ් වෙනව. උදාහරණයක් විදිහට ගත්තොත්, ටැංකියක තියෙනව overflow pipe එකක්. ඒකෙන් තප්පරේකට ලීටරයක් එළියට යනව. ඒ වගේම ඒ ටැංකියට water in pipe එකක් තියෙනව. ඒකෙන් වතුර ටැංකියට පිරෙනව තප්පරයකට ලීටරයක රේට් එකෙන්. ඉතිං ටැංකියේ වතුර මට්ටම අඩු වෙන්නේ නෑ. ඕකම බැට්‍රි චාර්ජ් එකේදිත් වෙනව. එහෙම වෙන්නේ ෆුල් චාර්ජ් උන බැට්‍රි එකේ charging level එක ඒ විදිහටම තියාගන්න.

ඉතිං ෆෝන් එක දවසම උනත් චාර්ජ් එකට ගහල තිබ්බට මුකුත් වෙන්නේ නෑ. හැබැයි මේ දේවල් මේ විදිහටම වෙන්නේ ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එකේ ඔර්ජිනල් ඇක්සසරීස් වලට විතරයි. අනිත්වට නම් මොනව වෙයිද කියල කියන්න බෑ

දැන් මේක කියෙව්වම සමහර අයට ප්‍රශ්නයක් එයි, Note 7 පිපිරුවා, තව තව ෆෝන් පිපුරුවා. තව කට්ටියකගේ ෆෝන් චාර්ජ් එකට ගහල නිදාගත්තම පුපුරල සමහර අය මැරුනා කියල. ඒවට හේතු වෙනම තියෙනවා. අපි ඒව තව පෝස්ට් එකකින් කතා කරමු.

මෙතන කියල නෑ ජීවිත කාලේම ගහල තියපං කියල. ජීවිතේට කීප වතාවක් වෙන්න පුලුවන් දෙයක්නේ ඕක. උඹට හෙට 4ට ගමන්ක් යන්නෝනේ. අද රෑ 9ට බලද්දි බැට්‍රි ලෙවල් 10%. චාර්ජ් වෙන්න ගහනව. නින්ද යනව. ඕක ෆුල්චාජ් වෙනකන් ඇහැරල ඉන්නයැ. අන්න ඒ වගේ දේවල් උනාට අවුලක් නෑ කියල මිසක දිගටම ගහපං කියල නෙවෙයි කියන්නේ. හරිය.

දැන් ඉතිං පෝස්ට් එක කියෝලා සේරම මුළු රෑම ෆෝන් එක චාර්ජ් එකට දාන්න එපා ඈ. කලාතුරකින් කරන්නම බැරි අවස්ථාවක කරාට අවුලක් නෑ. පුරුද්දට තියා ගන්න එපා. මේක දිගටම කරොත් එන්න පුලුවන් ලෙඩ ගැන තව පෝස්ට් එකකින් කියන්නම්.

5. වෙන ෆෝන් වල චාජරේකින් ඔබේ ෆෝන් එක චාජ් කරන්න එපා

ඉස්සර මේ අවුල තිබුණා. මොකද එක ෆෝන් වර්ගයක චජරේ අනිත් ෆෝන් වර්ගෙට නොගැලපෙන නිසා. නමුත් දැන් එන ගොඩක් ෆෝන් වල චාර්ජින් පින්ස් එක්කෝ USB C type එහෙම නැතිනම් Mini USB. අනික ගොඩක් ෆෝන් වල තිබෙන්නේ එකම වෝල්ටීයතාවය සහ වොට් ගණනින් යුතු බැටරි නිසා මේ අවුල දැන් මතුවෙන්නේ නැතිම තරම්.

අපි කවුරුත් අතර තියෙන මතයක් තමයි ෆෝන් එක charge කරන්න ඕනේ ඔරිජිනල් චාජර් එකෙන්මයි කියල. මෙන්න මේ කියන දේ හරිත් නෑ වැරදිත් නෑ. හරියටම කියනව නම් මේක 50%ක් හරි 50%ක් වැරදී. බොහොමයක්ම ෆෝන් හදන කම්පණි මාකටින්ග් ට්‍රික් එකක් තමයි ඔරිජිනල් charger එකකින් charge කරන්න කියන එක. මොකද වැඩි ගාණකට එයාලගේ ඇක්සසරීස් විකුණ ගන්න පුළුවන් නිසා.

අපි දන්නව ෆෝන් එකක් එක්ක charger එකක් එනවා ෆෝන් එක චාර්ජ් කරන්න. ඒ charger එකේ තියෙන දේවල් අපි හොඳට කියවලා බැලුවොත් අපිට බලා ගන්න පුලුවන් ඒකේ තියෙනව OUTPUT කියල ලයින් එකක්. මේ පෝස්ට් එකේ තියෙන ඉමේජ් එකේ තියෙනව. ඒකේ බලන්න 5V & 1500mA කියලා. ඉතිං ඔය charger එක එන SONY මොබයිල් එකට ඔය අවුට්පුට් එකම තියෙන SAMSUNG/LG ෆෝන් වලට එන charger එහෙකින් charge කරාට ෆෝන් එකට කෙල වෙන්නේ නෑ. මොකද අදාල ප්‍රශස්ථ මට්ටමේ විදුලු ධාරාවකින් බැට්‍රිය charge වෙන නිසා.

ඒත් මෙහෙමයි. ඔය ඩීටේල්ස් දාල එන ෆේක් චාර්ජර්ස් මාකට් එකේ තියෙනව. ඔය 150ට 250ට 500ට කියල බාල කාඩ්බෝඩ් පෙට්ටියක දාල විකුණන්නේ අන්න ඒ වගේ ඒව. ඒවගෙත් ඔය කියන විදිහට ඩීටේල්ස් දාල තියෙනව උනාට ඒව ෂුවර් නෑ. ඉතිං මම මේ පෝස්ට් එකේ උඩින් අර විදිහට වෙන ඒවගෙන් චාර්ජ් කරාට අවුලක් නෑ කිව්වට මම උනත් කියන්නේ ඔරිජිනල් චාජරේ තරම් ෂුවර් වෙන එකක් නම් නෑ කියල. හරියට මේ ලෝකේ විශ්වාස කරන්න පුලුවන් එකම ගැහැණිය අම්මා වගේ.

දැන් යන්නේ ඔරිජිනල් චාජරෙන් ටිකක් එහාට.

මොබයිල් ෆෝන් මනුෆැක්චරින් කම්පණි වලින් රෙකමන්ඩ් කරන 3rd party චාජර්ස් තියෙනව. ඒ බ්‍රෑන්ඩ් වලින් ඉදිරියෙන්ම තියෙන බ්‍රෑන්ඩ්ස් වල නම් ටික මම කියන්නම්.

01. Bellkin
02. ANKER
03. Baseus
04. ROCK
05. AUKEY
06. NILLKIN
07. UGreen

ඔන්න ඕව තමයි රෙකමන්ඩඩ් 3rd party චාජර්ස් මනුෆැක්චරින් කම්පණීස්. තවත් තියෙනව. මේ තියෙන්නෙ රේටින්ග්ස් වලින් ඉස්සරහින්ම ඉන්න අය. මෙතන දාල තියෙන්නේ රේටින්ග් පිලිවෙලට නම් නෙවෙයි. පළවෙනි දෙක විතරයි ratings පිලිවෙලින් තියෙන්නෙ. ඒ දෙකම යුරෝප්, අමෙරිකා බේස් කම්පණීස් දෙකක්. මේ චාජස් වලින් තමන්ගේ ඩිවයිස් එකට ගැලපෙන එක තෝරලා ගන්නත් පුලුවන්.

දැන් කොච්චර කිව්වත් මම යූස් කරන්නෙත් ANKER එකේ A2141 කියන චාජර් එක. ඩුවල් පෝට් නිසා තමයි ඒක් අරං තියෙන්නෙ, මොකද මගේ ෆෝන් 3ක් තියෙනව චාර්ජ් කරන්න. මේ බ්‍රෑන්ඩ් එකට PSE,FCC,CE,RoHS කියන තත්ව සහතික ලැබිලා තියෙනව. ඉතිං ඔය චාජර් එක ගන්න් කලිං මම ඕක ගැන හොයල බැලුවා. බලද්දි ඒකේ අවුට්පුට් එක 5V/2.4A. 5V හරි උනත් 2.4A එක තමයි මට අවුලකට තිබ්බේ. ඒත් කමක් නෑ කියල මම තව ටිකක් හොයල බැලුවා. බලද්දි ඒකේ ස්පෙසිෆිකේශන්ස් වල තියෙනව ස්පෙශල් ස්පෙසිෆිකේශන්ස් 3ක්.

01. PowerPort 2
02. PowerIQ
03. VoltageBoost

බලමු මොනවද මේ කියල.

01. PowerPort 2

මේක මහ දෙයක් නෙවෙයි. ෆෝන් දෙකක් එක පාර චාර්ජ් කරන්න පුලුවන් කියන එක තමයි මේකෙන් කියවෙන්නේ.

02. PowerIQ

මෙන්න මේක තමයි මේ චාජර් එක ගන්න මාව පොලඹවපු ලොකුම හේතුව. PowerIQ කියන්නෙ මේ චාජර් එක ඇතුලේ තියෙනව චිප් එකක්. ඒකෙන් අඳුර ගන්නව දැන් connect කරපු ඩිවයිස් එක මොකක්ද කියල. ඊට පස්සේ ඒකෙන් measure කරනව කොච්චරක mA ප්‍රමාණයක් දෙන්න ඕනෙද කියල. රිවීව්ස් බලද්දි සීන් එක සිරා. ඇත්තටම ඒක වෙනවා. ඉතිං දෙපාරක් හිතන්නේ නැතුව ගෙන්නුවා. ගෙන්නලා මමත් චෙක් කරා යාලුවෙක්ගේ තිබ්බ පොඩි ගැජමැටික් එකකින්. SONY Z3 එකට ඕනේ 5V/1.5A. ඒක ඒ විදිහටම එනව. 2.4A කියල තිබ්බට 2.4A ආවේ නෑ. ඊට පස්සේ යාලුවා ඒක තව මොකක්ද කරල බැලුව වෙන මොකක්ද පොර ගාව තියෙන ගැජට් එකකට ගහල. එතකොට 2.4A ආව. ඉතිං ඔය PowerIQ කතාවත් ඇත්ත. ෆෝන් එකට ඕන ගාණ තමයි දෙන්නේ. Port දෙකටම මේක වැඩ.

03. VoltageBoost

මේකෙන් වෙන්නේ අපි චාර්ජ් කරන්න ගන්න කේබල් එකේ දිග අනුව වෝල්ටේජ් එකට ඇති වෙන resistance එක මෙශර් කරලා Voltage එක boost කරල ඩිවයිස් එකට අවශ්‍ය වෝල්ටේජ් එක දෙනවා. ඒකත් අර PowerIQ එකත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක්.

6. චාජ් කරනකොට ෆෝන් එක රත් වෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්

තියෙන්නේ ස්පීඩ් චාර්ජර් එකක් ද? චාර්ජ් වෙනකොට ෆෝන් එක රත් වෙනවා වගේ දැනුනද? බය වෙන්න එපා. ෆෝන් එකට මොකවත් වෙන්නේ නැහැ. විදුලිය මගින් ඔබේ දුරකථනය ඉක්මනින් ආරෝපණය වෙන විට යම් උෂ්ණත්වයකට පත් වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම එයින් ඔබේ දුරකථනයට හානියක් වෙන්නට ඉඩක් නෑ. දුරකථනය අල්ලාගෙන සිටින්නට අපහසු තරම් උෂ්ණත්වයක් දැනෙනවානම් විතරයි ඔබ බියවිය යුත්තේ.

7. ඩොල්බි සවුන්ඩ් නම් ෆෝන් එකේ සවුන්ඩ්ස් සුපිරි

සමහර තනි ස්පීකරේ තියෙන ෆෝන් වලත් ඩොල්බි සරවුන්ඩ් සවුන්ඩ් කියලා ගහලා තියෙනවා දැකලා තියෙනවා. ෆෝන් එකේ සද්දේ වැඩි වුනු පලියට ඒ විශේෂාංගය ඩොල්බි සරවුන්ඩ් වෙන්නේ නැහැ. සරවුන්ඩ් සවුන්ඩ් වෙන්න අඩුම තරමේ ස්පීකර් 2ක් වත් තිබීම අනිවා ෆැක්ට් එකක්, මේ නිසා. ඒ වගේම ඇත්තටම මේ විශේෂාංගය ඔබේ ෆෝන් එකට ඇතුලත් වෙලා තිබෙනවා නම් එය විඳින්න හොඳ ඉයර් ෆෝන් දෙකකුත් අවශ්‍ය වෙන බව අමතක කරන්න නම් එපා.

8. ෆුල් සිග්නල් නං ඩේටා ස්පීඩ්

මොන පිස්සුද? සිග්නල් ෆුල් තියෙන වෙලාවක වුනත් ඩේටා ස්පීඩ් එක බර කරත්තෙකටත් වඩා අඩු වෙන වෙලාවල් බොහොමයි. ඒ නිසා සිග්නල් ෆුල් වුනත් ඩේටා ස්පීඩ් එක අඩු වීම ෆෝන් එකේ අවුලක් කියලා හිතන්න එහෙම එපා හොඳද?

9. ෆෝන් ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් ඔටෝ දැම්මම බැටරි සේව් වෙනවා

මෙහෙම දේවල් අපි ඉස්සර හිතුවට දැන් හිතෙනවා අපි කොච්චර කාරණා නොදැන හිටියද කියලත්.

ඇත්තටම ඔටෝමැටික් සෙටින්ග්ස් ඔන් කලාම වෙන්නේ ඔබේ වටපිටාවේ ආලෝකයට ගැලපෙන්නට ෆෝන් එකේ ආලෝක තත්ත්වය අඩු වැඩි කර සකස්කිරීමයි. මෙහෙම වෙනකොට ආලෝකය ඉබේ අඩු වැඩි වෙන්න ගත්තම බැටරි ක්ෂය වීම වැඩියි. මේ නිසා ඔටෝ බ්‍රයිට්නස් ඕන කරලා තිබෙනවා නම් දැන් ඒ ගැන දෙපාරක් හිතන එක හොඳයි.