Loading...
Mega Pixel වලට වඩා Sensor එක වැදගත් ඇයි?

Camera quality එක, අපි smartphone එකක් ගන්න කලින් බලන වැදගත් අංගයක්. Camera quality එක කොහොමද මනින්නේ? Mega Pixel වැඩි වෙන තරමට ද? නෑ, ඊට වඩා වැදගත් අංගයක් තමයි කැමරාවේ sensor එකේ size එක.

ඒත් ප්‍රශ්නේ තමයි ගොඩක් නිෂ්පාදකයෝ මේ sensor size එක ගැන තමන්ගේ ad වලදී කියන්නේ නෑ. Mega Pixel ගාන වැඩි බව විතරයි කියන්නේ. නමුත් අපිට නොපෙනුනාට හැම අවුරුද්දෙම තමන්ගේ කැමරා වල sensor size එක වැඩි කරගන්න කැමරා නිෂ්පාදකයෝ (Sony, Samsung) ගොඩක් මහන්සි ගන්නවා.

තමන්ගේ sensor size එක ගැන කතා කරන්නේ බොහෝ විට Huawei විතරයි.

Sensor එකෙන් වෙන්නේ මොකක්ද?

Photography කියන්නේ ආලෝකය මත පදනම් වුණ දෙයක්. Camera unit එකට කොච්චර ප්‍රමාණයක් ආලෝකය ලබා ගන්න පුලුවන්ද කියන එක තීරණය වෙන්නේ Sensor එකේ size එක මත.

වැඩි ආලෝක ප්‍රමාණය shutter, ISO හා aperture settings වල නිවැරදිභාවය වැඩි කරනවා. ඒ නිසා ගන්න photos වල quality එකත් වැඩි වෙනවා.

ඒ නිසාම තමයි මෙගාපික්සල් 16, 20 DSLR කැමරා වල photo quality එක දැන් තියෙන 108MP smartphone camera වලට වඩා වුණත් වැඩි වෙන්නේ.

Sensor size එක වැදගත් ඇයි?

පොඩි sensor එකකින් ලැබෙන photo quality එක වැඩි කරන්න නම් වැඩිපුර ආලෝකය දෙන්න වෙනවා. ඒකට අඩු shutter speed, වැඩි ISO වගේම ලොකු විවරයක් (aperture) පාවිච්චි කරන්න වෙනවා. ඒක නිසා පිලිවෙලින් blur වුණ, noise වැඩි වුණ හා distort (කොන් විරූප වීම) වුණ images ලැබෙන්න පුළුවන්.

විවිධ මට්ටම් වල කැමරා වල Sensor sizes

ඉලක්කම් වලින් DSLR ඉස්සරහින් හිටියත් සාමාන්‍ය පාරිභෝගිකයින්ට හොඳ smartphone කැමරාවකින් ගත්ත photo එකක් (එකම තැන, එකම වෙලාවේ) DSLR photo එකකින් වෙන් කරගන්න බොහෝ විට බැරි වෙන්න පුළුවන්.

Low Light Photography

Digital sensor එකක් හැදිලා තියෙන්නේ pixel වලින්. Pixel ගාන වැඩි කරන තරමටම sensor එකත් ලොකු කරන්න බෑ. මේ බාධකය මගහරින්න දැන් බොහෝ නිෂ්පාදකයින් භාවිතා කරන උපක්‍රමයක් තමයි pixel binning තාක්ෂණය.

ඒකෙන් වෙන්නේ pixel ගොඩක් එකතු කරලා තනි pixel එකක් විදිහට පාවිච්චි කරන එකයි. එතකොට වැඩි ආලෝකයක් තනි pixel එකකින් ගන්න පුළුවන්. මේ නිසා දැන් ගොඩක් smartphone camera වලට කවදාවත් නැති විදිහට ඉතා අඩු light එකක් යටතේ පැහැදිලි photos ගන්න පුළුවන් වෙලා තියෙනවා.

Sensor size සංසන්දනාත්මකව

ප්‍රස්ථාරය හොඳින් බැලුවොත් පෙනෙයි දැනට හොඳම කැමරා තියෙන smartphone කියල සැලකෙන Pixel එකයි iPhone එකයි ඉන්නේ ප්‍රස්තාරේ යටම. සංසන්දනාත්මකව බැලුවොත් පොඩිම sensor තියෙන්නේ ඒවගේ. ඒ කියන්නේ දැන් කියෙව්ව ඔක්කොම බොරුද?

කුළුණු ගොඩක් අතර එකක්

Sensor size එක කියන්නේ හොඳ photo එකකට වැදගත් වෙන සැලකිය යුතු අංගයක්. Theory එකට අනුව එක සමාන megapixel ගණනක් හා වෙනස් sensor size තියෙන camera දෙකක් අතරින් photo quality වැඩි වෙන්න ඕනේ sensor size වැඩි එකේ.

ඒත් photo quality එකට ඊට වඩා දේවල් ඕනේ වෙනවා. Sensor එකට ලැබෙන දත්ත හරියට ගණනය කරන්න, output කරන photo එක හොඳින් process කරන්න හොඳ software එකක් තියෙන්න ඕනේ. Huawei, Samsung වලට නැති Pixel, iPhone වලට තියෙන ඒ වටිනම දේ තමයි ඵලදායි software platform එක.

?

එහෙම වුනත්, හොඳ software එකකට පදනම් වෙන්න හොඳ sensor එකක් තියෙන්නම ඕනේ. Software වල තියෙන අඩු පාඩු මගහරින්න නම් sensor size කියන එක හොඳ camera unit එකකට අත්‍යවශ්‍යම අංගයක් වෙනවා.