Loading...
දුරකථන සඳහා සෘජුවම Starlink සම්බන්ධතාව​ය ලබාදීමට SpaceX සූදානම් බවට තොරතුරු වාර්තා වේ

Elon Musk යනු අපට එදිනෙදා ලෝක පුවත් සමග අසන්නට ලැබෙන පුද්ගලයෙකු වීම පාඨක ඔබ හොඳින්ම දන්නා කරුණකි. පසුගිය කාලය තුළ මෙන්ම මේ වන විටත් තරමක් උග්‍රව පවතින යුක්‍රේන-රුසියා යුද්ධයට පවා මොහුගේ අතපෙවීම් නැතුවාම නොවේ. සමාජ මාධ්‍ය ජාලා මෙන්ම තාක්ෂණික මෙවලම් නිර්මාණය කිරීම කෙරෙහිද වැඩි අවධානයක් යොදවන මොහු විසින් කලකට පෙර හඳුන්වා දුන් Starlink ව්‍යාපෘතිය පිළිබඳව ඇතිවූ කතාබහක් ඔබ වෙත ගෙන ඒමට අප සූදානමින් සිටින්නෙමු. ඒ SpaceX විසින් මෙම සන්නිවේදන ජාලය සෘජුවම පරිශීලකයන්ගේ දුරකථන වෙත ලබාදීමට අදහස් කර තිබීමයි.

Starlink යනු චන්ද්‍රිකා මත පදනම් වූ අන්තර්ජාල සේවාවකි. එහි වැදගත්කම වන්නේ දුරස්ථ මෙන්ම මේ වන විට පහසුකම් වලින් අවම මට්ටමේ පවතින ප්‍රදේශ සඳහා වුව ද ඉතාමත් හොඳ වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් ලබාදීමයි. මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබන්නේ Elon Musk ගේ සමාගමක් වන SpaceX සමාගම විසිනි.

Source: www.gizmochina.com

මෙහිදී සමාගම තීරණය කර ඇත්තේ මෙම ව්‍යාපෘතියට සමගාමීව පෘථිවි කක්ෂය තුළ චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් ස්ථානගත කිරීමටයි. නමුත් මේ වන විටත් එනම් 2022 සැප්තම්බර් පමණ කාලය වන විට අප පෘථිවි කක්ෂය තුළ  චන්ද්‍රිකා 3000ක පමණ ප්‍රමාණයක් ස්ථානගත කර ඇත. නමුත් මෙම ව්‍යාපෘතිය අවසානයේදී අවම වශයෙන් චන්ද්‍රිකා 12,000ක පමණ ප්‍රමාණයක් ස්ථානගත කිරීමට යෝජිත බව අපට නිරීක්ෂණය කළ හැකිවේ.

කෙසේ නමුත් මෙවැනි විශාල ප්‍රමාණයක චන්ද්‍රිකා ස්ථානගත කර තැබීම තරමක අනතුරුදායක බව විචාරකයන් මෙන්ම ඇතැම් රටවල් මගින්ද අනතුරු අඟවා ඇත.

Source: www.gizmochina.com

මේ වන විට Starlink සම්බන්ධතාවයන් භාවිතා කරන්නේ නම් ඒ සඳහා පරිශීලකයන් හට උපාංග කිහිපයක් යොදාගැනීමට සිදුවේ. එනම් Antenna  සහ Receiver වැනි උපකරණ වේ. මෙය තරමක අපහසු අන්දමේ සහ වියදම අධික ක්‍රියාවලියක් හේතුවෙන් පරිශීලකයන්ගේ නැඹුරුව මේ වෙතට තවදුරටත් එල්ල කිරීම සඳහා අමතර උපකරණ රහිතව එනම් සෘජුවම අන්තර්ජාල සම්බන්ධතාවය පරිශීලකයන්ගේ දුරකථන වෙත ලබාදීම සඳහා අදහස් කර ඇති බව සඳහන් වේ.

මෙම ව්‍යාපෘතිය ඔස්සේ ඉදිරි වසර කිහිපය තුළ Starlink චන්ද්‍රිකා 10,000කට ආසන්න ප්‍රමාණයක් පෘථිවි කක්ෂය තුළ ස්ථානගත කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් අන්තර්ජාල සම්බන්ධතාවයන් T Mobile හරහා ස්මාර්ට් දුරකථන සඳහා ලබාදීමට සූදානම් වන බව වාර්තා වේ. මෙම චන්ද්‍රිකා කක්ෂගත කිරීම සඳහා මේ වන විට US Federal Communications Commission (එක්සත් ජනපද ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව) වෙත අවසර ඉල්ලා අයදුම් කිරීම සිදුකර ඇත.

Source: www.cnet.com

මෙම් ව්‍යාපෘතිය ඔස්සේ පරිශීලකයන් සඳහා දළ වශයෙන් 3 Mbps සිට 7.2 Mbps දක්වා වේගයක් Upload සඳහා ද 4.4 Mbps හෝ 18.3 Mbps දක්වා Download වේගයක් ලබාගැනීම සඳහා අවස්ථාව උදාවනු ඇති බවට විශ්වාස කරනු ලබයි.

Sources: Gizmochina Samsung Community Samsung Community