මුල් වරට සමාජ මාධ්‍ය සක්‍රියව ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රචාරණයට යොදා ගැනුනේ 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ දියි. ඉන් පසුව සැම මැතිවරණයකදිම සමාජ මාධ්‍ය සක්‍රියව භාවිතා කිරිමට සැම අපේක්ෂකයෙක් මෙන්ම සැම පක්ෂයක්ම යොමු වුණා.

මේ අතුරින් කැපි පෙ⁣නෙන ලෙස භාවිතා වුනේ Facebook සමාජ වෙබ් අඩවියයි.

අගොස්තු 05 දින පැවැවෙන මහමැතිවරණය සදහා ද මේ වන විට සියලු පක්ෂ හා අපේක්ෂකයින් විසින් Facebook හරහා තම තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරමින් ඉන්නවා. ඉතින් මේ ප්‍රචාරණ නිකන් කරන්න බැනේ. මුදල් ගෙවලා තමා මේ සියලු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන්න ඕනේ.

Facebook ආයතනය මගින් හදුන්වා දි ඇති නවතම Feature එකක් මගින් එක් එක් අපේක්ෂකයින් හා පක්ෂ විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා වියදම් කරන මුදල් ප්‍රමාණයන් Facebook Ad Library report මගින් සියලු දෙනාටම දැන ගැනිමට අවස්ථාව සලසලා තියෙනවා.

දැනට ඔවුන් නිකුත් කර ඇති වාර්තාවට අනුව පසුගිය මැයි මස සිට මේ දක්වා මැතිවරණ ප්‍රචාරණයට වැයවු සියලු වියදම් දක්වා තිබෙනවා.

මේ වාර්තාවට අනුව මේ වනවිට දැන්විම් 20,496 පල කර තිබෙනවා. ඒ සදහා වැයවු මුදල ලෙස ඔවුන් දක්වන්නේ $318,229 ක ප්‍රමාණයක්.

මේ අතුරින් වැඩිම මුදලක් Facebook හරහා මැතිවරණ ප්‍රචාරණයට වියදම් කර ඇත්තේ සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. ඔහු දැන්විම් 80 සදහා $13,651 මුදලක් වැය කර තිබෙනවා.

Facebook හරහා සිදු කරන සියලු මැතිවරණ ප්‍රචාරණ දැන්විම් සදහා එක් එක් අපේක්ෂකයින් හා පක්ෂ විසින් වියදම් කරනු ලබන මුදල් ප්‍රමාණයන් පිළිබඳව දැන ගැනිමට පහත වෙබ් පිටුව වෙත පිවිසෙන්න.

Facebook Ads Library - Sri Lanka