Loading...
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම Full Electric මෝටර් රථය "MOKSHA"

මේ දිනවල ලංකාවේ බොහෝ දෙනා අතර Ideal සමාගම විසින් නිශ්පාදිත Moksha පිළිබඳ කතා බහට ලක්වනවා. Ideal වෙබ් අඩවියේ සඳහන් පරිදි මෙය ලංකාවේ නිශ්පාදිත පළමු Home-Grown Full Electric වාහනය වනවා. කෙසේ නමුත් මෙය Quadricycle කාණ්ඩයට අයත් මෝටර් රථයක් වන අතර නමුත් ලංකාවට කලින් පැමිණි Qudricycleවලට වඩා මෙහි Advanced Features වලින් සමන්විත වනවා.


Moksha නිශ්පාදනය සඳහා මූලික කරගෙන ඇත්තේ Mini Moke මෝටර් රථය බව ඉදිරිපස Light Design එක සහ පසුපස Design එක මඟින් මෙය හොඳින් පැහැදිලි වනවා. Quadricycle එකක් ලෙස නිශ්පාදිත මෙය තිරසාරත්වය පදනම් කරගනිමින් නිපද වූවක්. මෙය අනෙක් මෝටර් රථ සමඟ සසඳන විට ප්‍රමාණයෙන් කුඩා අතර එනිසා මෙය වාහන තදබද සහිත ප්‍රදේශවලට හොඳින් ගැලපෙනවා.

Ideal සමාගම විසින් නිශ්පාදිත Moksha රථයෙහි පහසුකම් පිළිබඳ සලකා බලන විට මෙය Full Electric Vehicle Category එකට අයත් වේ. මෙහි Rear Wheel Drive System එකක් සහ දොරවල් හතරක් ඇත. මෙම වාහනයේ රියදුරා සමඟ පුද්ගලයන් හතර දෙනෙකුට ගමන් කල හැකිය. Moksha රථය දිහින් මීටර 2.85ක්, පළලින් 1.4m සහ උසින් 1.55m වන අතර Wheelbase එක 1.89m සහ Ground Clearance එක 0.22m පමණ වේ. එනිසා මෙය නගර ආශ්‍රිත මෙන්ම ගම්බද ප්‍රදේශ සඳහාත් හොඳින් ගැලපේ. මෙහි Frame එක Monocoque Metalවලින් සකසා ඇති අතර වාහනයේ Body එක Metal සහ Plasticවලින් සාදා ඇත.

Moksha රථයේ Performance පිළිබඳ සලකා බලන් විට මෙහි Estimate Range එක 200km පමණ වනවා. එමෙන්ම මෙහි Top Speed එක 60-70km/h අගයකින් යුක්ත වනවා. මෙම රථය Lithium Ion Battery වලින් බල ගන්වන අතර ප්‍රධාන Battery Pack එක 72V වන අතර ධාරිතාව 312Ah වේ. මෙම Battery Pack එක Full Charge කිරීමට 8h-10h පමන කාලයක් ගත වනවා.

මෙහි Gear Selection Reverse, Neutral සහ Forward ලෙස ආකාර තුනකින් දැක බලා ගත හැකිවේ. මෙහි ඉදිරිපස රෝද සඳහා MacPherson strut සමඟ Coaxial Spring භාවිතා කර ඇත. පිටුපස රෝද සඳහා Twin Pivots Trailing Arm සමඟ Coaxial Spring Dampers භාවිතා කර ඇත. එමෙන්ම ඉදිරිපස සහ පිටුපස රෝද සඳහා Disc Brake භාවිතා කර ඇත.


මෙම පහසුකම් සමඟ නොවැම්බර් මාසයේ වෙළඳපළට පැමිණීමට නියමිත මෙම මෝටර් රථය මුදලින් රු.4,500,000/= පමණ වනවා. නමුත් මෙහි ඇති පහසුකම් ම සහිත වෙනත් Quadricycle එකක මිල Compare කලහොත් ආසන්න වශයෙන් 5000$ වැනි මුදලක් වනවා. එනම් අද පවතින Dollar Rate එක සමඟ රු.1,500,000/= පමණ වේ. එනිසා මෙවැනි වැඩි මුදලකට Quadricycle එකක් මිලදී ගැනීම තරමක් ගැටලුකාරී වනවා.

Source: idealev.lkCover Image: Car Talks YouTube Channel