Loading...
නොවැම්බර් මස ජනප්‍රියතම Video Game එක - S.T.A.L.K.E.R. 2 : Heart of Chornobyl

Game එකේ පසුබිම් කතාව

දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ ලෝකෙ ඇති වුන තවත් එක් යුද්ධයක් එනම් නිහඬ යුද්ධයක් ලෙස සීතල යුද්ධය හඳුන්වන්න පුළුවන්. එකළ ලොව ප්‍රබල බල කණු දෙකක් වුණ සෝවියට් රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය එකිනෙකා පරයමින් තම බලයන් පෙන්වීමට යොදා ගත් සාධක දෙකක් ලෙස අභ්‍යාවකාශ තරණය සහ න්‍යෂ්ටික ශක්තිය හඳුන්වන්න පුළුවන්.

මේකෙ ප්‍රතිඵල වශයෙන් තමා යුක්රේනයේ ප්‍රිප්යාට් නගරයට ආසන්නව 1977 Chernobyl Nuclear Power Plant එක වැඩ ආරම්භ කරන්නෙ. නමුත් 1986 එනම් මෙය වැඩ අරඹා අවුරුදු නවයකට පසු මෙහි හතරවන ප්‍රතික්‍රියාකාරකයේ ඇති වූ බිඳ වැටීමකින් මෙය පුපුරනවා. එදා සිට මේ දක්වා එය මිනිසුන්ට තහනම් කලාපයක් වෙනවා. මොකද විකිරණශීලතාවය නිසා. Chernobyl වටා Films, Games බොහෝමයක් නිර්මාණය වෙලා තියෙනවා. එවායින් එකක් තමා මේ S.T.A.L.E.R කියන්නෙ.

S.T.A.L.K.E.R

මේක මේ Game Series එකේ හතරවෙනි Game එක. 2007න් පටන් ගත්තම 2009 දක්වා එක දිගට මෙකෙ Games තුනක් නිකුත් වෙනවා. 2010 දි මෙහි හතරවන Game එක Develop කිරීම ආරම්භ කරත් එය 2012 දි එය නවතිනවා. නැවත එය 2018 දී ආරම්භ කළ බව GSC Game World නිවේදනය කළා. මෙහි පළමු Trailer එක Xbox Game Showcase එකේදි එළිදැක්වුවා. ඒ අනුව 2024 නොවැම්බර් 20වන දින මෙය එළිදැක්වුවා. GSC Game World එකෙන් Develop කරන මේක Publish කරන්නෙත් එයාලමයි. මේක Single Playing First-Person Shooter Game එකක්. මෙය නිකුත් වෙන්නෙ Windows සහ Xbox Series X/S සඳහා පමණයි.

1972 ලියවුනු Roadside Picnic කියන පොත ආභාසයෙන් ආ Stalker කියන චිත්‍රපටයෙන් තමා මේ game එකට මේ නම ආවෙ. මේක තමා මේ කෙටි කරල තියෙන්නෙ.

S: Scavenger
T: Trespasser
A: Adventurer
L: Loneliness
K: Killer
E: Explore
R: Robber

S.T.A.L.K.E.R 2 කතාව

Player ට හසුරවන්න වෙන්නෙ යුක්රේන මැරීන් බළකායේ ප්‍රවීණයකු වන ස්කිෆ් නම් සෙබලෙක්. Game එක පටන් ගන්නෙ ස්කිෆ් මේ කලාපයේ අභිරහස් ස්ථානයකින් අවදි වීමෙන්. ඔහු නැවත යන්නෙ තම මහල් නිවාසය සොයා. එහෙත් ඒක විනාශ වෙලා. ඒ නිසා මෙයාට මුදල් ඕන වෙනවා. ඒ සඳහා මහාචාර්‍ය හර්මන්ගේ විකිරණ විශමතා හැසිරවිය හැකි ස්කෑනරයක් සමගින් ආයෙත් කලාපෙට ඇතුල් වෙනවා. ඒ එක් අභිරහස් කෞතුක වස්තුවක් සොයාගෙන. මේ ගමනෙදි මෙයාට Ward, Spaek, Strelok, Doc කියල කණ්ඩායම් කිහිපයක් හම්බවෙනවා. මෙයාලත් එක්ක ගණුදෙනු කරන විදිය අනුව Game එකේ Story එක තීරණය වෙනවා.

මේ Game එක කලිං S.T.A.L.K.E.R Game වලට සාපෙක්ෂව ඉහළ Graphic වලින් Chornobyl වටපිටාව හරි ලස්සනට බලාගන්න පුළුවන්. මේ Game එක Develop වෙන්නෙ රුසියා යුක්‍රේන යුද්ධය මැද. ඒ නිසා සංවර්ධකයින්ට බොහෝ කරදරවලට මුහුණ දෙන්න වෙනවා. සමහර සංවර්ධකයින් පලා යමින් සහ හමුදාවට බැදෙමින් යන පසුබිමක තමා මේක develop වෙන්නෙ. ඔයාලටත් මේ Game එක මේ System Requirements එක්ක Play කරන්න පුළුවන්.

OS: Windows 10 or 11
Processor: Intel Core i7-7700K / AMD Ryzen 5 1600X
Memory: 16 GB RAM
Graphics: Nvidia GeForce GTX 1060 6GB / AMD Radeon RX 580 8GB / Intel Arc A750
Storage: 160 GB available space