Loading...
Tesla Model X - විදුලියෙන් ක්‍රියාකරන SUV රථය

ටෙස්ලා මොඩල් එක්ස් (Tesla Model x) යනු ටෙස්ලා, ඉන්කෝපරේෂන් විසින් නිපදවන ලද මධ්‍යම ප්‍රමාණයේ සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කරන SUV රථයකි. ඉදරිපස දොර 2ක සඳහා සාම්ප්‍රදායික දොරටු භාවිතා කර ඇති අතර පසුපස දොරටු සඳහා සාම්ප්‍රදායික මෝටර් රථ දොරවල් වෙනුවට ෆැල්කන් පියාපත් සහිත දොරවල් භාවිතා කිරීම නිසා මෙම වාහනය සුවිශේෂී වේ. මෙම මූලාකෘතිය (prototype) 2012 පෙබරවාරි 9 වන දින කැලිෆෝනියාවේ හැව්ටෝර්න් හි ටෙස්ලා නිර්මාණ චිත්‍රාගාරයේදී (Tesla's design studios in Hawthorne, California) එළිදක්වන ලදී.

මොඩල් එක්ස් හි නිල EPA අගය සැතැපුම් 250–325 (කි.මී. 402–523) පරාසයක් ඇත.  Tesla model x හී 60D, 70D, 75D, 90D, 100D, P90D, P100D ලෙස මාදිලි කිහිපයක් දැකගත හැකිය. කැලිෆෝනියාවේ ෆ්‍රෙමොන්ට් හි ටෙස්ලා කම්හලේ  (Tesla Factory in Fremont, California)  නිෂ්පාදනය කෙරේ. X මාදිලියේ පළමු බෙදාහැරීම් ආරම්භ වූයේ 2015 සැප්තැම්බර් මාසයේදීය. වෙළඳපොලේ එක් වසරක් සම්පූර්ණ වූ පසු, මොඩල් X 2016 දී ලොව වැඩියෙන්ම අලෙවි වන ප්ලග්-ඉන්(plug-in)කාර් අතර හත්වැනි ස්ථානයට පත්විය. ටෙස්ලා හි ප්‍රධාන විධායක නිලධාරි Elon Musk පවසන පරිදි ඉදිරිපසින් සහ පැත්තෙන් සිදුවන අනතුරු වලට එය ආරක්ෂිතම SUV රථය වන අතර එය පෙරළීමේ පරීක්ෂණ වලදී ඊළඟට ආසන්නතම SUV රථයට වඩා දෙගුණයකටත් වඩා ආරක්ෂිතය කියාය.

ස්වයං රියදුරු ධාවනය

මොඩල් එක්ස් ස්වයං රියදුරු (Autopilot) සමඟ ප්‍රමිතියකින් යුක්ත වන අතර විකල්ප පූර්ණ ස්වයං රියදුරු චිපයක්(Full Self Driving chip) ඇත.මොඩල් එක්ස් හි සම්මත ගැටුම් මඟහරවා ගැනීමේ පද්ධතියක් ඇති අතර එය රේඩාර් මත පදනම් වූ ස්වයංක්‍රීය හදිසි තිරිංග (AEB) සහ පැත්තෙන් යොමු කරන ලද අතිධ්වනි අනාවරණයක්(ultrasound detection) භාවිතා කරයි.

ටෙස්ලා පුළුල් පරාසයක් සහිත රේඩාර් (wide-band radar)පද්ධතියක් භාවිතා කරයි. ටෙස්ලා සමාගම කියා සිටින්නේ ෆැල්කන් පියාපත් (modified gull-wing) දොරවල් ඉදිරිපස සිරස් අතට එසවීම වෙනුවට දොර සිරස් අතට ඉහළට ඔසවා තැබීමෙන් වාහනයට ප්‍රවේශ වීම පහසු කරන බවයි. මොඩල් එක්ස් වැඩිහිටියන් හත් දෙනෙකුට සහ ඔවුන්ගේ ගමන් මලු පේළි තුනක ආසන සහ ඉදිරිපස සහ පසුපස බඩු සඳහා ඉඩකඩ සපයයි.

Tesla model x Guinness World Record

හොඳට බර අදින්නත් පුළුවන්

2018 මැයි 15 වන දින Tesla model X සහ ක්වන්ටාස් "විදුලි නිෂ්පාදන මගී වාහනයකින් ඉහළම බරක් ඇදීම"("heaviest tow by an electric production passenger vehicle.") සඳහා ගිනස් ලෝක වාර්තාව පිහිටුවීය. මෙල්බර්න් ගුවන්තොටුපලේදී අඩි 1000ක් දිග, 130,000 kg කට ආසන්න බරකින් යුත් බෝයිං 787-9 ක් ඇදගෙන යෑමට Tesla සමාගමේ Model X රථයට හැකි වූ අතර එය වාහනයේ බලය පෙන්නුම් කරන අතර විදුලි බල ප්‍රවාහයක ප්‍රායෝගික බව සනාථ කරයි. මේවා හී මාදිලි අනුව බලය,ගමන් කළ හැකි දුර,සම්ප්‍රේෂණ පද්ධති හා මිනුම් පිළිබඳව පහතින් දක්වා ඇත.

Mercedes Benz Vision AVTR
2020 ජනවාරි 07 වැනිදා ඇමරිකාවේ ලාස් වේගාස් හී පැවති පාරිභෝගික ඉලෙක්ට්‍රොනිකප්‍රදර්ශනය [Consumer Electronics Show (CES) ] ලොවට තවත් අපූරූ නිර්මාණයක්එළිදක්වනු ලැබීය. සුප්‍රකට Mercedes Benz සමාගම විසින් ඉදිරිපත් කරන ලද මෙයහදුන්වනු ලබන්නේ Mercedes Benz Vision AVTR ලෙසය.ඔව් ඇත්ත වශයෙන්ම මෙය අප දන්නාA…
අපි ඔයාලට අරගෙන ආපු Mercedes Benz Vision AVTR ගැන කියවන්නත් අමතක කරන්න එපා

Electric motor

Dual Motor AWD 60D,70D,75D                                                                                     328 hp (245 kW) front and rear(ඉදිරිපස සහ පසුපස)

90D,100D                                                                                                                               259 hp (193 kW) front(ඉදිරිපස) and rear(පසුපස)

P90D,P100D                                                                                                                           259 hp (193 kW) front(ඉදිරිපස),503 hp (375 kW) rear(පසුපස)


Transmission

Single-speed transaxle gearboxes                                                                             60D, 70D, 75D, 90D, 100D: 9.34:1 front, 9.34:1 rear                                                 P90D, P100D: 9.34:1 front, 9.73:1 rear


Electric range  

75D  - 75 kWh (270 MJ)238 mi (383 km) (EPA)                                                             90D  - 90 kWh (320 MJ)257 mi (414 km) (EPA)                                                            P90D  - 90 kWh (320 MJ)250 mi (400 km) (EPA)                                                           P100D  - 100 kWh (360 MJ)305 mi (491 km)                                                               100D - 100 kWh (360 MJ)325 mi (523 km) (EPA)

Dimensions