Loading...
අන්තර් මහද්වීපික මිසයිල විනාශ කරන ඇමරිකානු THAAD මිසයිල ආරක්ෂණ පද්ධති​ය

Terminal High Altitude Area Defense system නොහොත් ඉහළ උන්නතාංශ මිසයිල ආරක්ෂක පද්ධතිය යනුවෙන් අපි හදුන්වන්නේ ලෝකය තුල අධි තාක්ෂණික යුධ අයිතම නිශ්පාදනය සදහා ප්‍රසිද්ධියක් උසුලන ඇමරිකානු Lockheed Martin සමාගම විසින් නිපදවන ලද අධිතාක්ෂණික මිසයිල ආරක්ෂණ පද්ධතියකට.

2017 වසරෙදී මෙම මිසයිල පද්ධතිය පිළිබදව කථාබහක් ඇතිවූ​යේ දකුණු කොරියාවට ඇමරිකානු රජය මගින් මෙම THAAD මිසයිල පද්ධතියක් සවිකිරීම නිසා. ඇමරිකානු ඩොලර් බිලියනයක වියදමින් මෙම පද්ධතිය ස්ථාපිත කිරීමට යෙදුනේ උතුරු කොරියාව මගින් එල්ලවී තිබෙන මිසයිල තර්ජනය නිසා .

ඉතින් අද අපි කථාකරමු මේ මිසයිල පද්ධතිය ගැන.

THAAD යනුවෙන් හදුන්වන්නේ ඇමරිකාව විසින් අන්තර් මහද්වීපික මිසයිල තර්ජනයන්ට එරෙහිව 2008දී පමන සැලැසුම් කරන ලද ආරක්ෂණ පද්ධතියට. එය නිශ්පාදනය කරන ලද්දේ කෙටි, මධ්‍යම සහ දිගුදුර මිසයිලයන් විනාශකිරීමට කිව්වොත් හරි.

මෙම THAAD පද්ධතියක් තුල M1075 රොකට් ලෝන්චර් සහිත ට්‍රක්රථ 6ක් තිබෙන අතර එක් රථයක් තුල එවැනි මිසයිල 72ක් පමණ අඩංගුයි. එමගින් අන්තර් මහද්වීපික මිසයිලයන් පෘතුවියට ඉහල වායුගෝලය තුලදි විනාශ කිරීමට කටයුතු කරනු ලබනවා.

හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින් ඇමරිකානු ඩොලර් බිලියනයක් පමන ප්‍රතිපාදන වෙන්කරන ලද්දේ 2017 වසර අවසානයේදි THAAD මිසයිල ආරක්ශණ පද්ධතිය පිහිටුවීමට වූවත් පවතින තත්වයන් හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ආණ්ඩුවට එම කටයුතු යුහුසුලු කිරීමට සිදුවුනි.

ඇමරිකාව තුල මෙම පද්ධතිය පිහිටුවීමත් සමගම ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම පද්ධතිය ද.කොරියාව තුලද සක්‍රීය කිරීමට අවශ්‍ය අවසරය ලබාදුන් නමුදු, ද.කොරියාව විසින් මෙම පද්ධතිය මගින් සන්නද්ධ වීමට අවශ්‍ය සියලුම බරපැන දැරිය යුතු බවද ප්‍රකාශ කර සිටියා.

මෙම THAAD ක්‍රියාකරන්නේ කෙලෙසද?

AN/TPY-2 රේඩාර් පද්ධතිය මගින් පළමුව ඉහළ අවකාශයෙහි ඇති මිසයිලය ඇති දුර සහ විස්තර ගණනය කිරීමක් සිදුකරන අතර ඊට පසුව ප්‍රති ආරක්ෂණ මිසයිලය නිකුත් කරනු ලබනවා මිසයිලය වෙතට. එම ප්‍රති ආරක්ෂණ මිසයිලය 150 km පමණ ඉහලට ගමන් කරන්නේ පැයට කිලෝමිටර් 10,000ක පමණ වේගයකින්. එලෙස ගමන් කොට ඉහළ අවකාශය තුලදීම බැලස්ටික මිසයිලය විනාශ කිරීමට කටයුතු කරනු ලබනවා.

මුහුදු මට්ටමට කිලෝමීටර් 75ට අඩුවෙන් පොළව වෙතට ගමන් ගන්නා මිසයිල විනාශ කිරිමට Patriot PAC-3 පද්ධතිය මගින් හැකියාවක් තිබුනත් බැලස්ටික් මිසයිල විනාශ කිරීමේදි මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 75ක් යනු අවදානම් ක්‍රියාවක් නිසා PAC-3 පද්ධතිය බැලස්ටික මිසයිල විනාශ කිරීමේදි යොදාගැනීමට නොහැක. තවද පෘතුවි වායුගෝලයට ඇතුලූවූ පසු බැලස්ටික මිසයිලයක් විනාශකිරීම සාර්ථකත්වය බෙහෙවින් අඩු ක්‍රියාවකි.