Loading...
Chromecast With Google TV පහසුකම සඳහා Apple TV සහය ලබා දීමට කටයුතු කරයි

Google සමාගම විසින් ඔවුන්ගෙ Google TV Platform එක දියුණු කිරීම පිළිබදව දිගටම අවධානය යොමු කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට Google TV Platform තුළ ගොඩක් හොද streaming services බලාගන්න පුලුවන්.

ඔවුන් ගිය වසර අවසානයේ නිවේදනය කළ පරිදි මේ වන විට Apple TV app එක Chromecast With Google TV හරහා ලබාගන්න පුලුවන්. මෙම Chromecast With Google TV Device එක 49.99$ මිලකට මිලදී ගන්න හැකියාව තිබෙනවා.

ඔබ Apple TV+ subscriber කෙනෙක් නම් මේ හරහා ඔබට award-winning original shows, movies සහ world’s most creative storytellers ලගෙ documentaries බැලීමේ හැකියාව ලැබෙනවා. “Ted Lasso,” “The Morning Show,” “Defending Jacob,” “Greyhound” සහ “Mariah Carey’s Magical Christmas Special” ඒවාට මෙන්න මේ වගේ දේවල් ඇතුළත් වෙනවා. මීට අමතරව ඔයා Apple එකෙන් මිලදී ගත් TV show සහ Movies  Library එකත් access කරන්න හැකියාවා ලැබෙනවා.

මීට අමතරව family members ල 6 දක්වා subscriptions share කරගන්න හැකියාව ලැබෙනවා.

තවද අපේ personalized recommendations වල සහ search results වල Apple Originals පෙන්වීම තුළින් අප කැමති දෑ සොයාගැනීම වඩාත් පහසු කරයි.

Sources: Google Blog, Android Central