Loading...
Gaming වලට ආදරේ කරන ඔයාට 2020දී අඩු ගාණට මිලදී ගන්න පුළුවන් හොඳම Gaming laptops 10 මෙන්න

අද කාලෙ වෙද්දි අපි ගොඩක් දෙනා මුහුන දෙන ප්‍රශ්නයක් තමයි Laptop එකක් මිලදී ගන්නකොට කොහොමද හොඳ එකක් හොයාගන්නෙ. මේ ගානට මේක වටිනවද, මේකෙන් තමන්ගෙ වැඩ ටික අවුලක් නැතුව කරගන්න පුලුවන්ද වගේ ගොඩක් දේවල් අපේ හිතට එනවා. ඉතින් ගොඩක් දෙනා මේ ප්‍රශ්නෙ නිසාම laptop එකක් නොගෙන desktop එකක් ගන්න පෙලඹෙනවා. ඒකට හේතුව තමන්ට ඔනෙ විදිහට customize කරගන්න පුලුවන් වීම.

හැබැයි ගෙදරින් පිට ජීවත් වෙන ලමයෙක්ට ඉගෙන ගන්න කෙනෙක්ට තමන්ගේ files නිතරම තමන්ගේ ලඟ තියෙන එක ගොඩක් වැදගත් දෙයක්. ඉතින් එහෙම කෙනෙක්ට Desktop එකක් පාවිච්චි කරද්දි ගැටලු මතු වෙන්න පුලුවන්. ඉතින් අද මේ article එකෙන් අපි අරගෙන ආවා ඕනෙ වැඩක් කිසි අවුලක් නැතුව කරගන්න පුලුවන් සුපිරිම Gaming Laptops 10ක් ගැන විස්තර.

01. Lenovo Legion 7i

Core i5 10th gen සහ Core i7 10 gen වශයෙන් මාදිලි දෙකකින් මේ laptop එක අපිට වෙලඳපොලේ බලාගන්න පුලුවන්. අඟල් 15.6 ක තිරයකින් සමන්විත මේ ලැප්ටොප් එකේ I5 මාදිලිය 8Gb ram එකක් 256Gb SSD එකක් මෙන්ම GTX 1660ti 6Gb VGA එකකින්ද සමන්විත වෙනවා ඒ වගේම Core i7 මාදිලියේ laptop එකේ 6Gb ram එකක් 512Gb SSD එකක් මෙන්ම RTX 2060 VGA එකකින්ද සමන්විත වෙනවා. මේ ලැප්ටොප් දෙකම Microsoft windows 10 Home premium මෙහෙයුම් පද්දතියෙන් සමන්විත වෙනවා.

02. HP OMEN 15

HP කියන්නෙ වර්තමානයේ ලංකාවෙ ගොඩක් ජනප්‍රිය Laptop brand එකක්. ඉතින් HP සමාගමේ Omen කියන්නෙ gaming වලටම වෙන් වුනු series එකක්. මේ laptop එකට තියෙන්නෙ අඟල් 15.6 ක 4k display එකක්. ඒ වගේම මේකෙ processor එක වෙන්නෙ Core i7 10th gen. 10th gen කියන්නෙ මේ වෙනකොට තියෙන latest ම intel processor gen එක. 32 Gb Ram සහ RTX 2070 Super VGA එකකින් සමන්විත මේ laptop එකේ ඕනෙම Game එකක් කිසිම අවුලක් නැතුව Play කරන්න පුලුවන්.

03. Razor Blade 15

Razor කියන්නෙ Gamers ලා අතරෙ ගොඩක් ප්‍රසිද්ද Brand එකක්. Razor products බහුතරයක් Razor සමාගමෙන් release කරන්නෙම Gamers ලා target කරලා. ඉතින් අද කතා කරන මේ Razor blade 15 laptop එක Razor blade series එකේ latest ම laptop එක කිව්වොත් නිවැරදියි. HP omen 15 laptop එක 32gb ram එකකින් සමන්විත වුනත් මේ Razor blade 15 laptop එකටනම් තියෙන්නෙ 16gb ram එකක්.

කලිනුත් කිව්වා වගේ Razor සමාගම ගොඩක්ම focus කරන්නෙ gamers ලා නිසා Laptop එකේ VGA එකනම් omen 15 එකට වැඩිය වැඩි කරලා තියෙනවා. මේ Laptop එකට එන්නෙ RTX 2080 VGA එකක්. ඒ වගේම මේ Laptop එකත් Core i7 10 gen processor එකක් එක්ක තමයි වෙලඳපොලට එන්නෙ. Omen 15 එකේ වගේම මේකටත් ඇවිත් තියෙන්නෙ 15.6 inch 4k Display එකක්.

04. Razor Blade pro 17

කලින් කතා කරපු Razor සමාගමේම තවත් ඉතා හොඳ තත්වයේ laptop එකක් තමයි razor blade pro 17 කියන්නෙ. Razor blade 15 එක සමඟ සසඳනකොට මේ Razor blade pro 17 Laptop එක ඊට ඉහල මට්ටමක තියෙනවා. ඉතින් මේ Laptop එකට ඇවිත් තියෙන්නෙ 16 Gb ram එකක් නමුත් මේ laptop එකේ ran එක user ගේ කැමැත්ත අනුව 64Gb වෙනකන් වැඩි කරගන්න පුලුවන්.

එමෙන්ම මේකටත් තියෙන්නෙ RTX 2080 super VGA එකක්. මේ laptop එකෙත් අන්තර්ගත වෙන්නෙ latest ම core i7 10gen processor එකක්. Razor blade 15 එක් 15.6 Inch 4k Display එකකින් එනකොට මේ laptop එකට ඇවිත් තියෙන්නෙ 17.3 inch 4k Display එකක් නිසා මේ Laptop එක තරමක් ප්‍රමානයෙන්නම් විශාලයි.

05. Alienware M17 R3

Alienware කියන්නෙ gamers ලා අතරේ ගොඩක්ම කැපී පෙනෙන නමක් තියෙන brand එකක්. මේ laptop එකට තියෙන්නෙ 17.3 Ultra HD Display එකක්. 4k resolution display එකක් තියෙන laptop හොයන කෙනෙක්ටනම් මේ laptop එක recommend කරන්න අමාරුයි. මේ Laptop එකේ තියෙන්නෙ Core i9 10th gen processor එකක්. මේ laptop එකේ මිලත් අපි කලින් කතා කරපු laptop වලට සාපේක්ශව මිලෙන් නම් ඉහලයි. මේකෙත් 32Gb ram එකක් වගේම RTX 2080 VGA එකක් තමයි තියෙන්නෙ. විශේශත්වයක් විදිහට මේ Laptop එකේ storage එක දකින්න පුලුවන්. මේ Laptop එකට 4 Tb HDD එකක් වගේම 512Gb SSD එකකුත් ඇවිල්ලා තියෙනවා.

06. Alienware Area 51m R2

කලින් කතා කරපු Alienware laptop එකට සාපේක්ශව මේකෙ specification වලනම් ලොකු වෙනසක් බලාගන්න පුලුවන් කමක් නෑ. නමුත් Design එක Alienware M17 එකට සාපේක්ශව ලොකු වෙනසක් බලාගන්න පුලුවන්. Gaming වලටම ගැලපෙන cooling system එකක් වගේම Design එකක් තියෙන නිසා මේක Gaming වලටම විශේශයෙන්ම නිපදවපු laptop එකක් කිව්වොත් නිවැරදියි. මේ laptop එකත් user ගේ කැමැත්ත අනුව ram එක 64gb වෙනකන් upgrade කරගන්න පුලුවන්.

07. ROG Zephyrus G15

ලංකාවෙ දැනට වැඩියෙන්ම පාවිච්චි කරන gaming laptop series එක තමයි ASUS rog කියන්නෙ. මේ ROG Zephyrus G15 Laptop එක මේ article එකේදි අපි කතා කරපු අනිත් laptop වලට සාපේක්ශව වෙනස්කමකින් සමන්විතයි. කලින් කතා කරපු හැම laptop එකකම තිබුනෙ intel සමාගමේ processors. නමුත් මේ laptop එකේ තියෙන්නෙ AMD සමාගමේ Ryzen 7 කියන processor එක.ඒ නිසා මේ ලැප්ටොප් එක මිලෙන් යම්තාක් දුරකට අඩු වෙයි කියලා හිතන්න පුලුවන්.

මේ laptop එක 24Gb ram එකක් සහ RTX 2060 VGA එකක් එක්ක තමයි වෙලඳපොලට නිකුත් වෙලා තියෙන්නෙ. මේ laptop එකට තියෙන්නෙ අඟල් 15.6 ක Full HD display එකක්. ඒ වගේම 1TB HDD එකකිනුත් මේ laptop එක සමන්විත වෙනවා.

08. MSI GS66 Stealth

MSI කියන්නෙත් ගොඩක්ම gamers ලා target කරලා Gaming වලටම විශේශයෙන් තමන්ගෙ උපාන්ග නිපදවන සමාගමක්. මේ Laptop එක 32gb ram එකකින් වගේම RTX 2080 super VGA එකකිනුත් සමන්විත වෙනවා. ඒ වගේම මේ laptop එකේ processor එක වෙන්නෙ core i9 10th gen processor එකයි. අඟල් 15.6 ක full HD display එකකින් තමයි මේ laptop එකත් සමන්විත වෙලා තියෙන්නෙ.

09. Acer Predator Triton 500

Acer predator කියන්නෙ Gamers ල අතරෙ ගොඩක් ප්‍රසිද්දම laptop series අතරින් එකක්. විශේශයෙන්ම Gaming සඳහාම නිපදවලා තියෙන මේ Acer Predator Triton 500 laptop එක gaming වලටම සුදුසු cooling system එකකින් මෙන්ම design එකකින්ද සමන්විත වෙනවා. මේ laptop එකේ specification ගැන කතා කරොත් මේකට තියෙන්නෙ 16gb ram එකක්.

ඒ වගේම RTX 2060 VGA එකක් සමඟම Core i7 9gen processor එකක් එක්ක තමයි මේ laptop එක වෙලඳ පොලට නිකුත් වෙන්නෙ. අඟල් 15.6 ක full HD display එකකින් සමන්විත මේ laptop එක දැනට නිකුත් වෙලා තියෙන ඕනෙම game එකක් smooth run කරන්න හොඳටම ප්‍රමානවත්.

10. Gigabyte Aero 17 HDR

Gigabyte කියන්නෙ Gaming වලට ප්‍රසිද්ද නමුත් laptop වලට ඒ තරම්ම ප්‍රසිද්ද බවක් උසුලන සමාගමක්නම් නොවේ. නමුත් Gigabyte Aero 17 HDR කියන්නෙ දැනට තියෙන උපරිම technology භාවිතා කරලා වෙලඳ පොලට නිකුත් කරපු ඉතා හොඳ මට්ටමේ තියෙන laptop එකක්. මේ laptop එකට තියෙන්නෙ අඟල් 17.3 ක 4k display එකක්. 4k display එකක් එක්ක slim design එකක් හොයන කෙනෙක්ට මේ laptop එක ඉතාමත්ම සුදුසුයි.

ඒ වගේම 32 Gb ram එකක් සහ RTX 2080 super VGA එකකින්ද මේ laptop එක සමන්විත වෙනවා. දැනට තියෙන latestම core i9 10gen processor එකක් තමයි මේ laptop එකට තියෙන්නෙත්.