Loading...
ලොව පුරාම ආන්දෝලනයට ලක් වු Titan සබ්මැරීනය පුපුරා යාමට හේතු වු Catastrophic Implosion එක

පසුගිය දවසක මුහුදුබත් වුණ Titanic නැව නැරඹිමට ගිය Titan නැමැති කුඩා සබ්මැරීනය මුහුද යටදි අතුරුදහන් වු බව ඔයාලට මතක ඇතිනේ. මේ සිදුවීම පිළිබඳව මීට පෙර අප විසින් ලිපියක් ද ගෙන එනු ලැබුවා. මේ අතුරුදහන් වුණ Titan නැමැති සබ්මැරීන් එක Catastrophic Implosion එකකින් පුපුරා ගියා කියලා US Coast guard එකෙන් නිවේදනය කළ බවත් ඔබ මේ වන විට දන්නවා ඇති.

මේ වචනවල ඔයාලට ටිකක් නුහුරු නුපුරුදු වචනයක් තියෙනවා දැක්කද Implosion කියලා. ඇයි මේ සබ්මැරීන් හක පිපිරුමකින් විනාශ වෙලා ගියා නම් ඒකට Explosion කියන එක භාවිත නොකර Implosion කියලා වචනයක් භාවිත කරේ?

එහෙනම්, අද කතා කරමු Explosion vs Implosion සහ සබ්මැරීන් එක පිපිරිමට හේතු වුණ සාධක, එහෙමත් නැතිනම් Factors ගැන.


Explosion සහ Implosion අතර වෙනස

Explosion එකකදි වෙන්නේ ඇතුලත සිට පිටතට පිපිරීමක්. හරියටම බෝම්බයක් වගේ. එයා ඉන්න තැන ඉඳන් ඉන් පිටතට තමා පිපිරීම සිදු කරන්නේ. නමුත් Implosion පැත්තට එද්දි මේ කතාව ටිකක් වෙනස් වෙනවා. Implosion එකකදි සිදුවන පිපිරීම වෙන්නේ ඇතුලට. දැන් ඔයාලා බලනවා ඇති කොහොමද දෙයක් ඇතුලට පිපිරෙන්නේ කොහොමද කියලා?

උදාහරණයක් විදිහට ඔයා ඉන්න අහල පහල තියෙන ගොඩනැගිල්ලක පිපිරිමක් සිදු වනවා. මේ පිපිරීමෙන් ගොඩනැගිල්ල කෑලි කෑලිවලට කැඩිලා පිටතට විසි වෙනවා වෙනුවට මේ ගොඩනැගිල්ල තුලටම, එහෙමත් නැතිනම් ඇතුලට තමා කොටස් කඩා වැටෙන්නේ. ඒ කියන්නේ Implosion එකක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඇතුලට පිපිරීමක් හෝ කඩාවැටිමක් සිදුවිය යුතුයි.

දැන් ඔයාලා Explosion සහ Implosion කියන දෙකේ වෙනස දන්නවා. දැන් අපි බලමු අපේ ප්‍රධාන මාතෘකාව වන Catastrophic Implosion එකකින් Titan සබ්මැරීන් එක පුපුරා ගියේ කොහොමද කියන එක.

මේක ගැන ඔයාලට හරියටම තේරැම් කරලා දෙන්න මට ඔයාලව මුහුද යටට ටික වෙලාවකට අරන් යන්න වෙනවා. ඒ නිසා කට්ටියටම Oxygen එහෙම අරන් ලෑස්ති වෙන්න. මොකද මේක ටිකක් දුර ගමනක්. සාමාන්‍යයෙන් මනුස්සයෙකුට Oxygen නැතිව Survive වෙන්න පුළුවන් උපරිම 10min වගෙ ප්‍රමාණයක්. ඒ වගේම මතක තියාගන්න මේක Impossible කියන මට්ටමෙම තියෙන දෙයක්.

මොකද සාමාන්‍යයෙන් 4 minutes වගෙ කාලයක් ඔයා Oxygen නැතුව හිටියොත් ඔයාගේ මොළයට ස්ථිරවම හානි සිදු වනවා. ඊට පස්සෙ සාමාන්‍යයෙන් විනාඩි 4කට එහා ඒ කියන්නේ විනාඩි 10 ඇතුලත කාලයක් තුලදි ඔයාගේ මොළය සම්පූර්ණයෙන්ම මරණයට පත් වනවා. ඒ කියන්නෙ මරණය ස්ථිරවම ලැබෙනවා කියන එක තමයි.

Deep Sea එක කියන්නෙ අපි හිතන තරම් සුන්දර ලස්සන තැනක් නෙමෙ. ගුරැත්වය පරදලා වායුගෝලය හරහා උඩ යන Rocket එකකට වඩා ගැඹුරැ සාගර ගවේෂණය කියන එක ගොඩක් සංකීර්ණ වැඩියි. මොකද වායු කියන දේ වගේ නෙමේ ජලය. ජලයේ ඝනත්වය, වායුවල ඝනත්වයට වඩා ගොඩක් වැඩියි. ඒ කියන්නේ වායු 1L පරිමාවකුයි, ජලය 1L පරිමාවකුයි අරගෙන ස්කන්ධය මැන බැලිමේදී වායුවල ස්කන්ධය 1.2g විදිහටත් ජලයේ ස්කන්ධය 1Kg විදිහටත් අපිට බලා ගන්න පුලුවන්. ඒ කියන්නේ වායුවල ඝනත්වය ජලයට වඩා 380ගුණයකින් අඩුයි කියන එකයි. මේකට හේතුව වුණේ අපි ගත්ත 1L කියන ජල පරිමාව ඇතුලෙ තිබ්බ ජල අංශු ගණන වායු අංශු ගණනට වඩා වැඩි නිසයි. දැන් ඔයාලටම තේරෙනව ඇති ගැඹුරැ මුහුද ගවේෂණය මේ තරම් අමාරැ ඇයි කියලා.

මෙන්න මේ ඉහත කියපු ජලයේ තිබෙන අධික ඝනත්වය නිසා තමා මේ Titan සබ්මැරීන් එක ඇතුලු එහි ගමන් ගත් මගීන් පස්දෙනාගෙත් අවසන් ඉරනම මරණයෙන් කෙළවර වීමට හේතු වුයේ.

දැනට අපි දන්න තොරතුරුවලට අනුව මේ Titan සබ්මැරීන් එක Titanic නැවේ සුන්බුන් තියෙන අඩි 12,500 වලට යන්න කලින්ම පිපුරා ගියා කියලා කියන්න පුලුවන්. අපි නිකමට හිතමු මේක පිපුරුවෙ Titanic නැව තියෙන ගැඹුරේදිමයි කියලා. එතකොට මේ වගේ ගැඹුරකදී තියෙන පීඩනය ආසන්න වශයෙන් වායුගෝලීය පීඩනය වගේ 400 ගුණයකින් වැඩියි. ඒ කියන්නේ මේ සබ්මැරීන් එකේ තියෙන අඟල් 6ක පමන ඝනකමින් යුත් තහඩුව හා Carbonfiber ලේයර් එක මත යෙදෙන බලය හොඳින් වැඩුන අලි 35කගේ බර වගේ ප්‍රමාණයක් වෙනවා. දැන් ඔයාලට හිතා ගන්න පුලුවන් මොන වගේ පීඩනයක් මේ ගැඹුරේදී තියෙන්න ඇතිද කියලා.

මේ වගෙ පීඩනයකදී සිදුවන කුඩාම හෝ Hull failure එකකින් මේ ගැඹුරේදී තියෙන 413.685 bars වගේ පීඩනය මගින් එක මිලි තත්පරයකින් එහෙමත් නැති නම් තත්පරෙන් දාහෙන් පංගුවකදි මේ සබ්මැරීන් එක ඇතුලට පොඩි කරලා, කැබලි කරලා දාන්න හැකියාව තිබෙනවා. මෙන්න මේක නිසයි US Course guard එකෙන් කිව්වේ මේ සබ්මැරීන් එක විනාශ වුණේ Catastrophic Implosion එකකින් කියලා.

හැබැයි ඔයාලට මතක ඇති මම කලින් ලිපියෙන් කිව්වා මේ Titan සබ්මැරීන් එකේ Real Time Hull Health Monitoring system එකක් තියෙනවා සහ ඒ මගින් Hull එකෙ සිදුවන කුඩාම හෝ ඩැමේජ් වීමක් ක්ෂණිකවම නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා. එතකොට මේ System එක හරියට වැඩ කරේ නැද්ද කියන එක ගැන ඔයාලට ගැටලුවක් ඇති වෙනවා ඇති. මේක මටත් ඇත්තටම ප්‍රශ්නයක්?

නමුත් වාර්තා වන තොරතුරුවලට අනුව Hull Health Monitoring system එකෙන් යම් ගැටලුවක් සොයා ගෙන එය නියමුවාට පෙන්නුම් කරත්, ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ගන්න කාලය මදි වෙනවා. මොකද සාමාන්‍යයෙන් මනුස්සයෙකුගේ Reaction time එක මිලි තත්පර 250 වගේ වෙනවා. එතකොට මිලි තත්පර 1 වගේ කාලයක් ඇතුලතදි විනාශ වෙලා යන්න නියමිත සබ්මැරීන් එක විනාශයෙන් බේරගන්න කොහොමත් හැකියාවක් නැ කියන එක මේ ඔස්සේ අපිට හිතන්න පුලුවන්. ඒ වගේම මෙහි ගමන් ගත් මගීන් පස් දෙනාත් කිසිම වේදනාවක් නොමැතිව තමයි සබ්මැරීන් එක තුළ මිය යන්නේ.

දැන් ඔයාලා බලනවා ඇති වේදනාවක් නැතුව කොහොම මැරෙන්නේ කියලා. ඒක වෙන විදිහත් ඉතාමත් සරලව පැහැදිලි කර ගමු. ඔයාගේ ඇඟ ඇතුලෙ තියෙන නියුරෝන ක්‍රියාත්මක වෙලා ඔයාගෙ මොළයට එකට පණිවිඩය ගෙන යන්න සාමාන්‍යයෙන් මිලි තත්පර 100 වගේ කාලයක් ගත වෙනවා. මේ නියුරෝන සාමාන්‍යයෙන් තත්පරයට මීටර 100ක, එහෙමත් නැතිනම් පැයට කිලෝමීටර් 360ක වගේ වේගයකින් ගමන් කරනවා. එහෙම ගමන් කරලත් ඔයාගේ මොළයට පණිවිඩය ලබා දෙන්න මිලි තත්පර 100ක වගේ කාලයක් යනව නම්, සබ්මැරීන් එක Implosion වෙන්න ගියෙත් මිලි තත්පර 1ක වගේ කාලයක් නම්, මොළයට නියුරෝන ඔස්සේ පණිවිඩය ගෙන යන කාලය ඇතුළත මැරිලත් ඉවර නම් ඉහත දැක්වුවා වගේ ඔයා මැරෙන්නේ කිසිම වේදනාවක් නැතුවයි.


ඒ අනුව ලොවම කම්පාවට පත් වු මේ Titan සබ්මැරීනයේ පුපුරා යාම නිසා එහි ගමන්ගත් මගීන් පස් දෙනාහට කිසිදු වේදනාකාරී බවකින් තොරව ඔවුන්ගේ මරණය කරා ලගා වීමට හැකි වු බව අපිට කියන්න පුලුවන්.