Loading...
කඩේ අයියට ඕන විදිහට නැතුව ඔයාටම ඕන විදිහේ Smartphone එකක් තෝර ගන්නේ කොහොමද?

මේ දවස්වල ලංකාවේ Smart Phone වෙළෙඳපොලට ඩොලරයේ අගය ඉහල යාම හොදටම දැනිලා කියල අපි හැමෝම දන්නවනේ. ඉට සාපේක්ෂව මේ වෙන විට සෑම Smart Phone Brand එකක් වගේ Smart Phoneවල මිල ඉහල ගිහින් තියෙනවා. ඉතින් මේ තත්වයත් එකක් අපිට ඉස්සරට වඩා දැන් Smart Phone එකක් අලුතෙන් මිලදි ගද්දි සැලකිලිමත් වෙන්න ඕන.

සමාන්‍යයෙන් Smart Phone එකක් මිලදි ගනිද්දි සලකා බලන්න ඕන ප්‍රධාන කරැණු තුනක් ඔස්සේ කතා කරන්න පුලුවන්.

  1. මිලදි ගන්න බලාපොරොත්තු වෙන Smart Phone එක Call ගැනිමට අමතරව ප්‍රධාන වශයෙන් මොනවා සදහා ද භාවිත කරන්නේ ? (Gaming, Photography, Day to Day use, etc...)
  2. Smart Phone එකක් සදහා වැය කරන්න පුලුවන් උපරිම මුදල
  3. ලංකාවේ දැනට පවතින Smart Phone Models හා ඉදිරයේදි ලංකාවට එන්න නියමිත Smart Phone Models ( ඒ ඒ Devicesවල Price Range එක වගේම Specifications )
  4. User Experiences & Reviews

මිලදි ගන්න බලාපොරොත්තු වෙන Smart Phone එක Call ගැනිමට අමතරව ප්‍රධාන වශයෙන් මොනවා සදහා ද භාවිත කරන්නේ?

මුලින්ම ඔයා Smart Phone එකෙන් කරන්න බලාපොරොත්තු වෙන දේවල් ටික පිළිවෙලට හදාගන්න. උදාහරණයක් විදියට ඔයාට අවශ්‍ය  PUBG, CODM වගේ Games High Refresh Rate එකක් එක්ක Smoothly Play කරන්න Gamingම විතරක් Focus කරපු Device එකක්. එහෙම නැත්තම් ඔයාට ඕන Shape එකේ Game එකක් ගහගෙන Social Media පැත්තේ ගිහින් Photo එකක් එහෙම ගහලා දවසක් විතර Battery Life එක තියෙන Day to Day Use කරන්න හොඳ Balanced Device එකක්.

ඔය වගේ ඔයා phone එකක් ගන්නේ මොන වගේ දේවල් වලටද කියලා List එකක් හදාගන්න. සරලවම කියනවා නම් Smart Phone එකෙන් Calls & SMSවලට අමතරව ඔයාට මොනාවද කර ගන්න ඕන කියන එකයි මෙතනදි සලකන්න ඕන.

Smart Phone එක සදහා වැය කරන්න පුලුවන් උපරිම මුදල?

ලංකාවේ අපිට නම් Smart Phone එකක් මිලදි ගන්න ලැස්ති වෙද්දි සලකා බලන්න වෙන ප්‍රධානතම කරැණ මේක කියන්න පුලුවන්. මේ දවස්වල Smart Phone එකක් මිලදි ගන්න ලැස්ති වෙන ඔයාට නම් අත්විදින්න වෙන ලොකුම ප්‍රශ්නේ මේක.

ඒ තමයි ඔයාට මේ Smart Phone එක වෙනුවෙන් උපරිම යොදන්න පුළුවන් මුදල කීයද කියන එක. උදාහරණයක් විදියට දාන්න පුලුවන් උපරිම මුදල රුපියල් 60,000 කියලා හිතමු. එතකොට ඔයා බලන්න ඕන ඔයාගේ අවශ්‍යතා වලට ගැලපෙන රුපියල් 50,000-60,000 අතර වගේ තියෙන Devices මොනවද කියල.

තව සැලකිලිමත් වෙන්න ඕන අමතර කරුණක්. පුලුවන්නම් ලංකාවේ Release උන Devicesවල Price එක වෙන ආසියානු රටවල Official Price එකත් එක්ක Compare කරලා බලන්න. මෙහෙම Compare කරන එකෙන් සමහර Over Price Devices ඔයාට List එකෙන් අයින් කරලා දාන්න පුලුවන් වෙයි. උදාහරණයක් ගත්තොත් වෙන රටවල $230ට (රු.45,000.00 ක් ආසන්න වශයෙන්) නිකුත් වුණ Realme 8 එක ලංකාවේ Release වුණේ රු. 65,000.00කට ආසන්න මුදලකට.

හරි දැන් ඔයාට ඕන මොන වගේ budget එකක මොන වගේ Device එකක්ද කියලා ඔයා තීරණේ කරලා ඉවරයි.

ලංකාවේ දැනට පවතින Smart Phone Models හා ඉදිරයේදි ලංකාවට එන්න නියමිත Smart Phone Models

අන්තිම වශයෙන් අපිට හොයාලා බලන්න තියෙන්නේ ඔයාගේ Requirements වලට ගැලපෙන, ඔයාගේ Budget එකට ගැලපෙන Local Market එකේ දැනට ගන්න තියෙන Devices මොනවද කියලා.  ඒ වගේම ඉදිරි සතිය දෙක ඇතුලත වගේ ඔයාගේ Budget එකට වගේම Requirementsවලට ගැලපෙන Devices ලංකාවට නිකුත් වෙන්න නියමිතව තියෙනව ද කියලත් ටිකක් හොයල බලන්න.

ඊළඟට ඒ ඒ Devicesවල Official Site වලට වගේම Gsmarena එකෙන් ඒ අදාල Devicesවල Spec ටික බලන්න. බලලා ඔයා තෝරාගත්ත Devicesවලින් ඔයාට හොදටම ගැලපෙන Devices තුන හතරක් තෝරා ගන්න.

User Experiences & Reviews

මේක තමා අවසාන වගේම වැදගත්ම පියවර. ඔයා තෝරාගත්ත Devices තුන හතර ගැන හොඳ Research එකක් කරන්න ඕන. බොහෝ විට ලංකාවට සාමාන්‍යයෙන් Device එකක් Release වෙද්දී වෙන රටවලට ඒ Device එක නිකුත් වෙලා මාසයකට වැඩි කාලයක් ගත වෙලා. ඒ නිසා අනිවාර්යෙන්ම YouTube එකේ Unbox, First impression, Full spec review එකේ ඉඳලා 1 Month User Experience එක දක්වා Videos බලා ගන්න පුලුවන්.

මට නම් Reviews බලද්දී ලංකාවේ හෝ ඉන්දියාවේ Reviews බලන එක නම් ටිකක් Recommend කරන්න අමාරැයි. Review බලනවනම් මම Recommend කරන්නේ subscribersලා පොඩි ගාණක් ඉන්න Englishවලින් Review කරන වැඩිය ප්‍රසිද්ධ නැති YouTube Channels. මොකද ඒ Reviewsවල Device එකේ තියෙන අඩුපාඩු පැහැදිලිව පෙන්නලා දෙනවා. හැබැයි කියන්න ඕන ලංකාවේත් එහෙම YouTube Channels නැතුව නෙවේ.

ඊළඟට ඔයාට ඒ ඒ Devicesවල XDA Forums Check කරන්න. එතකොට ඒ ඒ Devicesවල එන්න පුළුවන් Hardware, Software Issues ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම ඒ ඒ Brandවල ලෝකේ හැම රටකම වගේ Usersලා ඉන්න Communityවල පොඩ්ඩක් ඒ ඒ Devices ගැන හොයල බලන්න. උදාහරණයක් විදියට Mi Community, POCO Community වගේ Community වගේම ඔයාට අපේ Android වැඩකාරයෝ Community එකේ ප්‍රයෝජනයත් ගන්න පුලුවන් කියල මතක තියා ගන්න.

අමතරව

Smart Phone එකක් ශ්‍රී ලංකාව තුල මිලදි ගනිද්දි අපි සලකලා බලන්න ඕන තව අමතර අවශ්‍යතා කිහිපයකුත් තියෙනවා.

  1. TRCSL approval එක
  2. Company Warranty එක (With 1 to 1 Replacement )
    මොකද ඕනම Brand එකක Factory Faults තියෙන Devices වෙළෙඳපොල නිකුත් වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා පළවෙනි සතිය ඇතුලතවත් එන Issue වලට Replacement එකක් ලබා දෙනවා නම් ගොඩක් හොදයි.
  3. Phone එක ගන්න හොඳ Genuine Seller කෙනෙක්.