Loading...
ලොව වේගවත්ම ජෙට් යානා 10 පිළිබඳව ඔබ දැන සිටියාද?

වේගවත්ම ගුවන් යානා කියපුවාම බොහෝ අය හිතන් ඉන්නවා වේගෙන් පියාසර කරන්න පුළුවන් ෆයිටර් ජෙට් වලට විතරයි කියලා. හැබැයි ඇත්තම කතාව නම් ෆයිටර් ජෙට් වලටත් වඩා වේගෙන් පියාසර කරපු ගුවන් යානා තියෙනවා. හරි අපි එහෙනම් බලමු ඒ ෆයිටර් ජෙට් වලටත් වඩා වේගයෙන් ගමන් කරපු ගුවන් යානා මොනාද කියලා.

අපි මෙතනදි මුලින්ම සඳහන් කරලා තියෙන්නේ මේ වේගවත්ම යානා වලිනුත් 10 වන ස්ථානයට පවතින යානාව වන අතර පිලිවෙලින් වේගය වැඩි වන ආකාරය පහලට අනෙකුත් යානා සඳහන් කර ඇත.

01. Su-27 Flanker - Mach 2.35

සෝවියට් සමාගමක් උන Sukhoi විසින් නිර්මාණය කරපු 4th Gen Multirole fighterjet එකක් වන මෙයට 2,500 km/h එහෙමත් නැතිනම් mach 2.35 පමණ වේගයකින් ගමන් කළ හැක. ඒ වගේම තමයි මේ යානයට එක ඉන්ධන පිරවීමකින් 3,530kmක පමණ දුරක් ගමන් කළ හැක.

මෙම යානයේ ප්‍රභේද ලෙස Sukhoi Su-30; Sukhoi Su-33; Sukhoi Su-34; Sukhoi Su-35; Sukhoi Su-37; Shenyang J-11 යන යානා හැඳින්විය හැකියි.

පලමු පියාසැරිය සිදු කල 1977 වර්ෂයේ සිට මේවන තෙක් යනාවන් 680ක් නිර්මාණය කරන ලද අතර මෙම යානාවන් වලින් බොහොමයක් අදටත් ඉතාමත් හොඳ තත්වයේ පවති. අනිත් හොඳම කාරණාව තමා 1995දි ඇමෙරිකාවටත් මෙම යානා දෙකක් ඩිලිවරි කරලා තියෙනවා.

02. F-111 Aardvark - Mach 2.5

ඇමෙරිකානු සමාගමක් වන General Dynamics විසින් නිර්මාණය කරන ලද මෙය Interdictor, tactical attack aircraft සහා strategic bomber කියන කැටගරි තුනටම අයිති වන ෆයිටර් ජෙට් එකක් වේ. මෙම යානයට 2,655 km/h එහෙමත් නැතිනම් mach 2.5 පමණ වේගයකින් පියාසර කළ හැක. එවගේම මෙම යානයට එක ඉන්දන පිරවීමකින් 6,759 km පමණ දුරක් ගමන් කළ හැක.

මේම යානයේ ප්‍රභේදය ලෙස EF-111A / F-111B / F-111C / AFTI / F-111A යන යාන හැඳින්විය හැක.

පළමු පියාසැරිය සිදුකළ 1964 වසරේ සිට මේ මෙම යානාවන් 563ක් නිශ්පාදනය කල අතර අවුරුදු 34ක සේවා කාලයකින් පසු 1998දි සදහටම විශ්‍රාම ගන්වන ලදී.

03. F-15 Eagle - Mach 2.4

එතෙක් මෙතෙක් සාදන ලද සාර්ථකම fighter jet එක නමින් බොහොදෙනෙක් හඳුන්වන මෙය ඇමරිකානු සමාගමක් වන McDonnell Douglas විසින් නිර්මාණය කරන ලදි. Air superiority fighter යන කැටගරි එකට අයිතිවන මෙම යානයට 3,017 km/h එහෙනත් නැතිනම් mach 2.4ක වේගයකින් ගමන් කළ හැක. එවගේම මෙම යානයට එක ඉන්දන පිරවීමකින් 4,815 km ක දුරක් ගමන් කළ හැක.

මෙහෙයුම් 200යකට අධික සංඛ්‍යාවක් සඳහා සහභාගි වි ඇති මෙම යානයට ජයග්‍රහණ 100යකට අධික ප්‍රමාණයක් ඇති මෙම යානය United States Air Force / Japan Air Self-Defense Force / Royal Saudi Air Force / Israeli Air Force විසින් තවමත් භාවිත කරයි.

04. MiG-31 Foxhound - Mach 2.83

සෝවියට් සමාගමක් වන Mikoyan සමාගම විසින් නිර්මාණය කරන ලදි. Interceptor aircraft, attack aircraft යන කැටගරි එකට අයිති වන මෙම යානයට Low සහා High යන altitude දෙකෙදිම super Sonic Speed එකෙන් පියාසර කර හැකි අතර Low altitude එකෙදි ස්පීඩ් එක mach 1.3 ලෙසත් High altitude එකෙදි ස්පීඩ් එක mach 2.83 ලෙසත් සඳහන් වෙනවා. එවගෙම මෙයට එක ඉන්ඳන පිරවීමකින් 3300km පමණ දුරක් ගමන් කළ හැකි බව තමා සඳහන් වෙන්නෙ.

1975හෙ සිට 1994 දක්වා මෙම යානා 519ක් නිශ්පාදනය කර ඇති අතර රුසියාව විසින් 2020දි නිවේදනය කළ පරිදි මෙම Mig 31 Program එක 2030 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

05. XB-70 Valkyrie - Mach 3

මේක ගැනනම් මම සම්පූර්ණ ආටිකල් එකක් කලින් අරන් ආවා. කොහොම නමුත් මේම යානය නිර්මාණය කරලා තියෙන්නෙ ඇමෙරිකානු සමාගමක් වන North American Aviation (NAA) සමාගම විසිනුයි. Strategic bomber / Supersonic research aircraft කියන කැටගරි එකට අයිති වන මෙම යානයට 3,309 km/h ක වේගයක් ලබා ගත හැකි අතර එක ඉන්ධන පිර වීමකින් 16,898 km ගමන් කළ හැක.

ලෝකයටම මේ යානාවන් දෙකයි නිපදවූයේ. එකෙනුත් එකක් අවාසනාවන්ත සිද්ධියකට මැදි වෙලා කඩාගෙන වැටුනා.

06. Bell X-2 Starbuster - Mach 3.196

ඇමෙරිකානු සමාගමක් වන Bell Aircraft සමාගම විසින් තමා මෙම යානය නිපදවුයේ. Research aircraft කියන කැටගරි එකට අයිති වන මෙම යානය බලය ලබන්නෙ Liquid-fuelled rocket engine එකකිනි. මෙම එන්ජිම මගින් Bell X-2 Starbuster ගුවන්යානයට 3,370 km/h ක වේගයක් ලබාගත හැක.

අනිත් විශේෂම කාරනේ තමයි මේක සාමනය ගුවන් යානයක් වගේ Takeoff කරන්ඩ බැහැ මේක Launch කිරීමක් තමයි කරන්න ඕනේ. ඒක නීසා මේ යානය B 50 ගුවන් යානයක බඳෙහි එල්ලලා අඩි 30,000ක් පමන උඩට ගොස් තමයි ලෝන්ච් කරේ.

07. MiG-25 Foxbat - Mach 3.2

සොවියට් සමාගමක් වන Mikoyan සමාගම විසින් තමයි මෙම යානය නිර්මාණය කර තිබෙන්නෙ. Interceptor සහා reconnaissance aircraft කියන කැටගරි එකට අයිති වන මෙම යානයට 3,494 km/h වේගයක් ලබාගත හැකි අතර එක ඉන්ධන පිරවීමකින් 1,197 Km පමණ දුරක් ගමන් කර හැක.

එවගේම මේ යානය තමයි අඩි 35,000ක උස ඉක්මනවා පියාසර කරපු ලොව පළවෙනි ගුවන් යානය.

08. Lockheed YF-12 - Mach 3.35

ඇමෙරිකානු සමාගමක් වන Lockheed Corporation විසින් තමය් මෙම යානය නිපදවුයේ. Interceptor aircraft කියන කැටගරි එකට අය්ති වන මෙම යානයට 3,661 km/h ක වේගයක් ලබාගත හැක.

මේක ඩිවලොප් කරපු කාලය උනු 1960 ගනන්වල පැවැති වියට්නාම් යුද්දය නිසා මේකේ රිසර්ච් වෙනුවෙන් වෙන්කෙරුන මුදල් ඇමෙරිකානු රජය විසින් කපා හැරියා. නමුත් පසු කාලෙක නාසා අයතනය හා සම්බන්ද වී අනාගත සුපර්සොනික් ගුවන්යාන වෙනුවෙන් කෙරෙන පර්යේෂණ සඳහා භාවිත කෙරුනා.

09. SR-71 Blackbird - Mach 3.4

Lockheed YF-12 නිපදවපු, ඇමෙරිකානු සමාගම වන Lockheed Corporation විසින්ම තමයි මෙම යානයත් නිපදවුයේ. Strategic reconnaissance aircraft කියන කැටගරි එකට අයිති වන මෙම ගුවන් යානයට 4,136 Km/h ක වේගයෙන් පියාසර කර හැක.

මේක ගැන මම වැඩිය විස්තර කියන්ඩ යන්නෙ නැහැ මොකද මේක ගැන මම සම්පුර්ණ ආටිකල් එකක් අරගෙන එනවා.

10. NASA/USAF X-15 - Mach 6.72

ඇමෙරිකානු සමාගමක් වන North American Aviation සමාගම විසින් තමයි මෙම යානයත් නිපදවුයේ. Experimental high-speed rocket-powered research aircraft යන කැටගරි එකට තමා මේ යානය අයිති වන්නේ.  මෙම X 15 යානය පනගැන්වීම සඳහා භාවිත කෙරුනේ anhydrous ammonia and liquid oxygen Rocket එන්ජිමකි.

මේ යානය බොහොමයක් දෙනා හඳුන්වන්නෙ අහසෙදි ගිනිගත් යානය ලෙසයි. ඒකට හේතුව උනේ මෙම යානය උඩු ගුවනේ සිට පොලවට පැමිනෙන විට යානයෙහි යට පැත්තෙ වායූ ඝර්ශනය නිසා හටගන්නා උශ්නත්වය 6,648C° පමණ ඉහල අගයක් ගැනීමයි. සූර්යාගෙ මතුපිට උශ්නත්වය වනේද 5600 C° පමණ එතකොට ඔයාලා හිතාගන්ඩකො මේක කොච්චර ලොකු උෂ්ණත්වයක්ද කියලා.

මෙ යානය සතුව අදටත් බිඳ නොහෙලු වාර්තා දෙකක් තියෙනවා ඉන් එකක් තමා Top speed එක 7,274 km/h ක් 6.7 Mach අනිත් එක තමා එතෙක් මෙතෙක් ගුවන් යානයක් ලඟාවූ උපරිම උස වන පොලව මට්ටමේ සිට 107.96Km උසකට ලඟාවීමයි.

මේ යානය ගැනත් මම ඉදිරියෙදි ආටිකල් එකක් අරන් එනවා එම නිසා වැඩි විස්තර අපි එ ආටිකල් එකේදි කතා කරමු.