Loading...
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 3

මේ Mini Article එකෙන් අපි කතා කරමු Level Design ගැන. Game Development වලදී one of the most creative and impactful element එකක් තමයි මේ level design කියන්නේ. ඔයාගේ game එක open world එකක් වුණත්, tight, focussed levels තියෙන game එකක් වුණත් player ගේ experience එක make or break කරන්න මේ "LEVEL DESIGN" එකට පුළුවන්. ඉතින් එහෙම බලද්දී, level design කියන්නේ හොඳ අවධානයක් දෙන්න ඕන element එකක්.

මේ ගැන අපි ඔබ වෙත ගෙනාපු ප්‍රථම ලිපිය සහ දෙවන ලිපිය පහළින් බලන්න පුලුවන්.

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ
Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලුවන් නම් තවත් හොඳයි. අපි මේකේ core එකටම ගිහින් බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් game design කියන්නේ අපි නිර්මාණය කරන game world එකත් එක්ක, player කොහොමද interact වෙන්නේ කියන දේ ගැන rules එහෙමත් නැත්නම් decisions හඳුන්වාදෙන එක කියල. මේ පළවෙනි mini article එකෙන් මන් video game designer කෙනෙක් දැනගෙන ඉන්න ඕන fundamental concepts

පළමු ලිපිය

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2
ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද engaging game mechanics craft/design කරන්නේ කියලා. ඔයා develop කරන game එකේ heartbeat එක තමයි මේ game mechanics. මේ game mechanics තමයි determine කරන්නේ ඔයා මහන්සි වෙලා හදන game world එකත් එක්ක player interact වෙන්නේ කොහොමද කියන එක. ඔයා මේ game mechanics ගැන හිතන්න ඕන මොනවා හරි problems solve කරන්න, challenges over

දෙවන ලිපිය

මුලින්ම මතක තියාගන්න ඕන දේ තමයි level design කරනවා කියලා අපි මේ කරන්නේ player ට explore කරන්න spaces හදල දෙන එක විතරක්ම නෙවෙයි කියන එක. Level design එක අනිවාර්යයෙන්ම ඔයාගේ game එකේ gameplay එකට සහ narrative එකට support කරන්න ඕන. Well designed level එකක් කියන්නේ backdrop එකකට වඩා එහා ගියපු gameplay එකේ active participant කෙනෙක්. මේ level එක player ව guide කරනවා, tone එක set කරනවා සහ challenges deliver කරනවා.

1. Pacing

ඔයාගේ game එකේ level එකක් හරහා player ඇවිදගෙන යනකොට දැනෙන feeling එකට ලොකුවට ම බලපෑම් කරන්න පුළුවන් දෙයක් තමයි මේ pace කියන දේ. හොඳ level එකකට හැමවෙලේම "rythm" එකක් තියෙනවා. ඒ කියන්නේ level එක slow විදියට start වෙලා, ටිකෙන් ටික tension එක build කරලා, ඊට පස්සේ intense actions වලට යන්න කළින් player ට හුස්ම ගන්න පොඩි moment එකක් දෙනවා. ඒක ඇත්තටම යම්කිසි rythm එකක්. මේ ebb and flow එකට පුළුවන් player ව engage කරලා තියාගන්න සහ වඩාත් dynamic experience එකක් දෙන්නත්. නිකමට හිතලා බලන්න මුල, මැද, අග, level එක හැමතැනම එකම pace එකකින් play කරන එක කොයිතරම් boring ද කියලා. මට නම් game එකක් play කරනවා කියන්නේ emotional journey එකක්. ඒ journey එකේදී "pacing of levels" කියන දේ හරිම වැදගත්.

2. Environmental Storytelling

Level එකක් පෙනුමට ලස්සනට පේන්න තිබ්බට විතරක් මදි ඒකෙන් යම්කිසි ලස්සන story එකකුත් කියන්න ඕන. මේක level architecture එකෙන්, placement of objects වගේම ඔයා use කරන lighting and colors වලින් වුණත් achieve කරගන්න පුළුවන්. (horror game එකක් මතක් කරගන්න) Level එක ඇතුළේ තියෙන හැම element එකක් ම contribute කරන්න ඕන overall narrative එකට. එහෙම වුණාම අපිට පුළුවන් වෙනවා player ට clues දෙන්න, එයා play කරන game world එක ගැන, encounter කරන characters ගැන සහ face කරන්න තියෙන challenges ගැන. සරලව ම කිව්වොත් "a well-crafted environment can tell a story without a single line of dialogue".

3. Player Guidance

ඔයාගේ game levels ඇතුළේ දී player ව සියුම් විදියට guide කරන එක හරි වැදගත්. මෙතනදී player ට දැනෙන්න බැහැ කවුරුහරි එයාව "නිකන් අතින් අල්ලගෙන" lead කරනවා වගේ දෙයක්. කළින් විස්තර කරපු විදියට ඔයාට මේක කරන්න පුළුවන් lighting, color contrast වගේ visual cues වලින්. එහෙමත් නැත්නම් environment එක ඇතුළේ objects place කරලා තියෙන විදියෙන් වුණත්. උදාහරණයක් විදියට හිතන්න හොඳට එළිය වැටුණු (well-lit) doorway එකක් ස්වභාවිකව ම player ගේ attention එක ගන්නවා. ඒකෙන් player ට පුළුවන් වෙනවා හරිම ලේසියෙන් right direction එක හොයාගන්න. ඉතින් මෙතනදී අපේ goal එක වෙන්න ඕන inituitive විදියට player ව guide කරන එක. එතකොට player දන්නවා where to go next කියලා. හැබැයි ඒ අතරතුර player ට දැනෙන්න ඕන එයා එයාගෙම own terms, explore කරනවා කියන feeling එකත්.

4. Challenge Progression

අවසාන වශයෙන් අපි කතාකරමු challenge progression ගැන. Level එක ඇතුළේ player ඉස්සරහට යන්න යන්න එයා advance වෙනවා. ඒ අතරම අපි අලුත් mechanics and challenges introduce කරලා දෙන ගමන් level එකේ difficulty එක gradually increase කරන්න ඕන. මේකෙන් overall experience එක fresh and rewarding විදියට තියාගන්න අපිට පුළුවන් වෙනවා. මුලින්ම simple challenges implement කරන්න. ඒ හරහා player ට පුළුවන් වෙනවා controls සහ mechanics එක්ක comfort වෙන්න. ඊට පස්සේ progressively, complex scenarios introduce කරලා දෙන්න.

අපි කතා කරපු දේවල් summary එකක් විදියට බැලුවොත්,

1. Gameplay එක වඩාත් dynamic කරන්න ඕන නම් pacing ගැන අවධානය දෙන්න.

2. Narrative එක enrich කරන්න environmental storytelling පාවිච්චි කරන්න.

3. Level එක ඇතුළේ ඔයාගේ players ලා ව intuitive විදියට guide කරන්න.

4. හැමවෙලේම challenges වල smooth progression එක ensure කරගන්න.

ඉතින් ඔයා game එකක් හදමින් හෝ හදන්න හිතාගෙන ඉන්නවා නම්, level design වල ඔන්න ඔය aspects ටික master කරන්න උත්සාහ කරන්න.