Loading...
කෘත්‍රිම බුද්ධියේ (Artificial intelligence) ආරම්භය

අද අපි කතා කරන්න යන්නේ මැත කාලීන මාතෘකාවක් වන කෘත්‍රිම බුද්ධිය පිලිබදවයි. කෘත්‍රිම බුද්ධිය හෙවත් Artificial intelligence (AI) සංකල්පය සියවස් ගණනාවක් පුරා පැවතුණත් එය යථාර්ථයක් බවට පත් කිරීමට තරම් පරිගණක සහ තාක්ෂණය දියුණු වූයේ 20 වන සියවසේ මැද භාගයේදීයි. AI හි උපත 1956 දී New Hampshire හි Dartmouth විද්‍යාලයේ පැවති සම්මන්ත්‍රණයක් ලෙස දැක්විය හැකි අතර, එහිදී බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට පර්යේෂකයන් පිරිසක් රැස් වූහ.

August 1956. From left to right: Oliver Selfridge, Nathaniel Rochester, Ray Solomonoff, Marvin Minsky, Trenchard More, John McCarthy, Claude Shannon. ( Image Source - klondike )

ඒ වන විට පරිගණක තවමත් තාක්ෂණය අතින් නොදියුනු මට්ටමක පැවති අතර ඒවා බොහෝ දුරට ගණිතමය ගණනය කිරීම් සහ දත්ත සැකසීම සඳහා භාවිතා කරන ලදී. කෙසේ වෙතත් John McCarthy, Marvin Minsky සහ Claude Shannon වැනි පර්යේෂකයන් විශ්වාස කළේ මිනිසාගේ බුද්ධියට සමාන ආකාරයෙන් සිතීමට සහ ඉගෙනීමට පරිගණක වැඩසටහන්ගත කළ හැකි බවයි.

පර්යේෂකයන් විසින් භාෂා පරිවර්ථනය, තීරණ ගැනීම සහ ගැටළු විසඳීම වැනි කාර්යයන් ඉටු කිරීමට පරිගණක වලට හැකි වන පරිදි ඇල්ගොරිතම සහ ක්‍රමලේඛන භාෂා සංවර්ධනය කිරීමට පටන් ගත් බැවින් Dartmouth හි පැවති සමුළුව පරිගණක විද්‍යාවේ නව යුගයක ආරම්භය සනිටුහන් කළ බව දක්වන්න පුලුවන්. මිළඟ දශක කිහිපය තුළ AI පර්යේෂණ ජනප්‍රියත්වයට පත් වූ අතර බොහෝ විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතනවල ප්‍රධාන අවධානය මේ පිළිබඳව යොමු විය.

1959 දී Arthur Samuel විසින් Checkers සෙල්ලම් කිරිමට හැකි වැඩසටහනක් සංවර්ධනය කිරීමත් සමග එය AI පර්යේෂණ වල මුල්ම ජයග්‍රහණ වලින් එකක් විය.

Arthur Samuel ගේ වැඩසටහනට එහි සිදුවන වැරදි වලින ඒවා නිවැරදිව ඉගෙන ගැනීමට සහ කාලයත් සමග ක්‍රිඩාව වැඩිදියුනු කරගැනීමේ හැකියවත් තිබුණි. පරිගණකවලට ඉගෙනීමට සහ අනුවර්තනය වීමට ඇති හැකියාව මෙයින් පෙන්නුම් කරයි.

1970 සහ 1980 කාලයේ දී පර්යේෂකයින් Medical Diagnosis සහ Financial Forecasting වැනි කාර්යයන් ඉටු කළ හැකි විශේෂඥ පද්ධති සංවර්ධනය කිරීමත් සමඟ AI පර්යේෂණ අඛණ්ඩව ඉදිරියට ගියේය. කෙසේ වෙතත් Lack of Computing Power සහ Limited Access for Data වැනි හේතු නිසා මෙම ක්‍රියාවලිය තරමක් මන්දගාමී විය.

21 වන ශතවර්ෂයේ දී AI පර්යේෂණ Machine Learning, Deep Learning සහ Neural Networks යන දෙවල්වල දියුණුවත් සමග නැවතත් පුනර්ජීවනයක් අත්විඳ ඇත. මෙම තාක්‍ෂණයන් මඟින් පරිගණක වලට අතිවිශාල දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමට සහ කලින් සිතාගත නොහැකි වූ ආකාරයේ අත්දැකීම් වලින් ඉගෙන ගැනීමට හැකියාව ලැබී ඇත.

Image Source - Great learning

අද වන විට, AI ස්වයං-රියදුරු මෝටර් රථ, හඬ සහායකයන් (voice assistants), වෛද්‍ය රෝග විනිශ්චය සහ වංචා හඳුනාගැනීම වැනි පුළුල් පරාසයක යෙදුම්වලට භාවිතා වේ. AI අඛණ්ඩව පරිණාමය වෙමින් සහ වැඩිදියුණු වන බැවින්, එය තාක්‍ෂණයේ සහ සමස්ත සමාජයේ අනාගතය හැඩගැස්වීමේදී විශාල කාර්යභාරයක් ඉටු කිරීමට ඉඩ ඇත.