Loading...
iPhone SE 2022 දුරකතනය ඇමරිකානු ඩොලර් 300ක් පමණ වෙතැයි තොරතුරු වාර්තා ​වේ

Apple සමාගම ඩොලර් ට්‍රිලියන 3 කට වඩා වැඩි market cap එකකට හිමිකම් කියන අත​ර එම අගය, ජනගහනය බිලියන 1.5 ආසන්නවීමට නියමිත ඉන්දියාව GDP අගයටත් වඩා වැඩි වන අතර එය දෙවැනි වන්නේ ඇමෙරිකාව, චීනය, ජපානය සහ ජර්මනිය යන රටවල් 4 ට පමණි.

Apple සමාගමේ මේ වන විට Low සහ Mid range කියන පරාස වල ස්මාර්ට්ෆෝන් වෙළදපොලත් තමන් සතු කරගැනීමට ප්‍රයත්නයක් දරණ බව iPhone SE දුරකථන මාලාව ඔස්සේ පෙනීයනවා. ඒ අනුව 2022 වසරේ එළිදැක්වීමට නියමිත iPhone SE 3 දුරකථනයේ මිල ඇමෙරිකානු ඩොලර් 300 සිට ආරම්භවනු ඇතැයි නිල නොලත් වාර්තා පලවනවා.

Investor’s Business Daily හි පලවූ පුවතකට අනුව Loop Capital Markets analyst කෙනෙකු වන John Donovan පවසන්​නේ ඔහුට ලැබු​නු rumours වල​ට අනුව 5G තාක්ෂණයට සහය දක්වන iPhone SE 3 2022 හි ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 300 පමණ වනු ඇති බවයි. මින් පෙර 2020 දී නිකුත් වුණු iPhone SE 2 හි ආරම්භක මිල වූයේ ඩොලර් 399ක්.

මෙම iPhone SE 3 ට 5G තාක්ෂණය ලබාදීමට දැනට ඔවුන් සතුව පවතින chips දෙකක් පවතින අතර එකක් වනුයේ iPhone 12 වෙත පැමිණි A14 Bionic Chip එක වන අතර අනෙක iPhone 13 වෙත පැමිණි A15 Bionic chip එක වේ. පෙර නිකුත් වුණු iPhone SE හා සසදන විටද ඒවා නිකුත් වූයේද පෙර වසරේ නිකුත් නිකුත් වුණු Chip එක සමගයි.

කෙසේ වෙතත් මෙම දුරකථනය එළිදැක්වීමට ඇත්තේ තවත් මාසයක් වැනි කාලයකි.ඉන්පෙර මේ දුරකථනය පිළිබද එන අලුත්ම තොරතුරු ඉකමනින් ඔබ වෙත ගෙනඑන්නම්.

Source: Gizchina