Loading...
The Last of Us වීඩියෝ ක්‍රීඩාව ඇසුරෙන් නිර්මාණය වූ කතා මාලාවක් HBO වෙතින්

ප්‍රේක්ෂකයන් හට Game of Thrones වැනි මෙතෙක් බිහිවූ අද්විතීය කතා මාලාවන් ගෙන ආ HBO (Home Box Office) 2023 නව වර්ෂය ආරම්භයේදීම තවත් එවැනිම විශිෂ්ට කතාමාලක් නිකුත් කළේ 2023 වසරද ඔවුන්ගේ වසර කර ගනිමිනි. ඒ The Last of Us නම් Post-Apocalyptic (Post-Apocalyptic : බිහිසුණු විනාශයකට පසු කාල වකවානුවක්) රූපවාහිනී කතාමාලාවයි. මෙය Sony Pictures Television, PlayStation Productions, Naughty Dog, the Mighty Mint, සහ Word Games හි ඒකාබද්ධ නිෂ්පාදනයකි. මෙය මුලින් වීඩියෝ ක්‍රීඩාවක් ලෙසින් Naughty Dog විසින් 2013 දී නිකුත් කරනු ලැබූ අතර එහි වූ කතා ස්වරූපය (Story Mode) නිසා එය අතිශයෙන් ප්‍රසිද්ධියක් ලැබුවේය.

එම වීඩියෝ ක්‍රීඩාව ඇසුරෙන් නිර්මාණය වූ The Last of Us කතා මාලාව, 2019 වසරේදී නිකුත් වූ අන්තර්ජාතික සම්මාන රැසකට පාත්‍ර වූ එම වසරේ අතිසාර්ථකම TV-Mini Series එක වන Chernobyl අධ්‍යක්ෂණය කළ Craig Mazinගේ සහ මුල් ක්‍රීඩාව රචනා කළ Neil Druckmann විසින් නිර්මාණය කරන ලද්දකි. මෙම කතා මාලාව තුළ 2023දී, මහා දිලීර ආසාදනයක් නිසා ඇති වූ ගෝලීය වසංගතයකින් එහි සත්කාරකයන් සියල්ල Zombie වැනි ජීවීන් බවට පරිවර්තනය වීම නිසා සමාජය බිඳවැටීමකට ලක්වීමක් සිදුවේ. එම zombieවරුන්ගේ සැපීම්වලදී හානි නොවූ යොවුන් දැරියක වූ එලීට ඉහළ ප්‍රතිශක්තියක් පවතින බව හදුනාගෙන ඇයව post-apocalyptic ජනපදය හරහා සුරක්ෂිතව රැගෙන යාමේ වගකීම ජාවාරම්කරුවෙකු වන ජොයෙල්ට පැවරෙයි.

ප්‍රධාන චරිතය වන ජොයෙල් ලෙස රංගනයෙන් දායක වන Pedro Pascal හා එලී ලෙස දායක වන Bella Ramsay යන දෙදෙනාම මින් පෙර Game of Thrones කතා මාලාවට පවා රංගනයෙන් දායක වූ දෙපලකි. ආරාධිත නළු නිළියන් ලෙස ජොයෙල්ගේ දියණිය සාරා ලෙස Nico Parker, ජොයෙල්ගේ බාල සොහොයුරා ටොමී ලෙස Gabriel Luna, හමුදාවන්ට එරෙගි ප්‍රතිවිරුද්ධ පිළේ නායක මාර්ලීන් ලෙස Merle Dandridge සහ ජොයෙල්ගේ ජාවාරම්කාර සහකරු ටෙස් ලෙස Anna Torv රංගනයෙන් දායක වී ඇත.

The Last of Us 2023 ජනවාරි 15 වන දින HBO නාලිකාව හරහා සතිපතා කථාංග ලෙසවිකාශනය විය. එය විචාරකයන්ගේ පැසසුමට ලක් වූ අතර, ඔවුන් රංගනය හා කතාව පීළිබදව ප්‍රශංසා කළහ.බොහෝ දෙනෙක් එය වීඩියෝ ක්‍රීඩාවක් ඇසුරින් නිර්මාණය වුණු හොඳම Live-Action Series එක ලෙස හැඳින්වූහ. මෙය කෙතරම් සාර්ථක නිර්මාණයක්ද කිවහොත් දැනට IMDB දර්ශකයේ 9.2 ක අගයක් ලබාගෙන ලොව ඉහළම IMDB වාර්තා ලැබූ කතා මාලාවන්ගේ 16 වන ස්ථනයේ රැදී සිටිනවා.

ඒ වගේම HBO Max හරහා, මෙම කතා මාලාවේ Premiere එක සිදු වූ දිනයේ ප්‍රේක්ෂකයන් මිලියන 4.7 ක් නරඹා තිබූ අතර දින දොළහක් වැනි කෙටි කාලයකදී එය මිලියන 22 කට වඩා නරඹා තිබුණි. ඒ මේ දක්වා HBO කතා මාලාවක් සදහා HBO Max හරහා ලද දෙවන විශාලතම නැරඹුම් වාර සංඛ්‍යාව වන අතර එහි පළමු ස්ථානය හිමිවන්නේ 2022 වසරේ Game of Thrones හි prequel එකක් ලෙස නිකුත් වූ House of the Dragon කතා මාලවයි. කතා මාලාවේ සාර්ථකත්වය නිසාම 2023 ජනවාරි මාසයේදී, The Last of Us කතා මාලාව එහි දෙවන season එක දක්වා නිල වශයෙන් දීර්ඝ කිරීමටද නිෂ්පාදකවරුන් තීරණය කරන ලදි.

Watch the Official Trailer of The Last of Us: https://www.youtube.com/watch?v=uLtkt8BonwM