Loading...
මෙතෙක් ලෝකයේ බිහි වුනු ලෝකයේ දරුණුම දාම මිනීමරුවන් හෙවත් Serial Killers 10

මාතෘකාව ගැන නම් කිව්වා ඉතින්. දැක්ක ගමන් තේරෙනවනේ මොන වගේ දෙයක්ද කියලා. ඉතින් මේ 10 දෙනා ගැන කියන්න කලින් මට හිතුනා මේ දාම මිනීමරුවන් ගැන පොඩි විස්තරයක් කිව්වොත් හොදයි කියලා.මොකද ඒ ගැන දන්නේ නැති අයත් ඉන්නවනේ. දාම මිනීමරුවන් එහෙම නැත්නම් Serial Killers ලා කියලා කියන්නේ මිනිස් ඝාතන කිහිපයකට වැඩියෙන් සිදු කරන ඝාතකයන්ට.

සාමාන්‍යයෙන් ඝාතන 3ක් 4ක් කිරීමෙන් පමණක් දාම මිනීමරුවන් කියලා හදුන්වන්න බෑ. මොකද මේ මිනීමරුවන් තම ගොදුර ලෙස ගොදුරු කර ගන්නේ තමන්ටම විශේෂ වුන පුද්ගලයන්. ඒ වගේම ඔවුන් ඝාතනය කිරීමට භාවිතා කරන්නෙත් ඔවුන්ටම ආවේනික සුවිශේෂී ක්‍රමයක් හෝ ක්‍රම කිහිපයක්. මේ නිසා ගොඩක් වෙලාවට ඝාතනය කල පසු ශරීර වල එකම ලක්ෂන දකින්න පුළුවන්.

මේ විදියට දරුණු ආකාරයෙන් මිනිසුන් ඝාතනය කිරීමට පෙළඹීමට හේතුව මේ ඝාතකයන්ට කුඩා කාලේයේදී මුහුණ දෙන්න සිදු වුනු අමිහිරි අත්දැකීම්. මේ අත්දැකීම් නිසා ඔවුන් මේ ආකාරයට ඝාතනය කිරීම් වලට යොමු වෙනවා. නමුත් ඇතැම් අවස්ථා වල මොවුන් දරුණු මානසික රෝග වලින් පෙලීම නිසාත් මේ ආකාරයට ඝාතන සිදු කරනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන,මොවුන් ඝාතන සිදු කරන්නෙත් ගොදුරු කර ගන්නෙත් ඉතාම සුක්ෂම විදියට තමයි. ඒ ගැන දැන ගන්න පුලුවන් මේ ඝාතකයන් 10 ගැන කිව්වම.

ඉතින් මේ සුක්ෂම බව නිසා තමයි ගොඩක් කාලයක් යනකල් මොවුන් අත්අඩංගුවට ගන්න බැරි වෙන්නේ.The Mentalist Drama Series එක බලපු අය නම් දන්නවා මේ දාම ඝාතකයන්ගේ හැටි.ඒ විතරක් නෙවෙයි, ගොඩක් Crime Series වලත් මේ විදයට දාම ඝාතකයන් සිදු කරන අපරාද සිදු කරන විදිය ආදර්ශනය කරලා තියෙනවා. (Chicago PD, Flashpoint, CSI) ඉතින් මුලික අදහසක් ගන්න ඇතිනේ මේ දාම ඝාතකයන් ගැන. අපි දැන් මෙතෙක් ලොව බිහි වුනු කෘරම දාම ඝාතකයන් 10 ගැන පොඩි විස්තරයක් බලමු.

#10 Gary Ridgway 1982-2000

“කොළ ගංගාවේ ඝාතකයා” එහෙම නැත්නම් “Green River Killer” කියලා තමයි මෙයා හදුන්වන්නේ.ඇමරිකා එක්සත් ජනපදය තමයි ජිවත් වෙන්නේ. මුලික ගොදුරු වෙන්නේ තරුණ ගැහැණු අය හෝ ලිංගික ශ්‍රමිකයන්. මෙයා ඝාතනය කරපු ගණන ආසන්න වශයෙන් 90 කිට්ටු වෙනවා.අනාවරණය කර ගත්තු ගණන 49ක්. අවුරුදු 20 ක කාලයක් විතර මේ ඝාතකයා තමන්ගේ භිෂණය පතුරවලා තියෙනවා.

මොහු බෙල්ල මිරිකලා තමයි ඝාතනය කරන්නේ.ඒ වගේම ඝාතනය කිරීමෙන් පසු ඒ මළ සිරුරු සමග ලිංගික ක්‍රියා සිදු කිරීම සිදු කරනවා. (ඇත්තටම මේක මානසික ලෙඩක්. මම දැක්ක දවස් කිහිපයකට කලින් එක්තරා සමුහයකට මේ ගැන අහලා තිබ්බා.) ඝාතනය කිරීමෙන් අනතුරුව මොහු විසින් එම මල සිරුරු Green ගංගාව අවට හෝ ඒ ආසන්න කැලැවේ වල දමනවා. මේ නිසා තමයි මොහුට “Green River Killer” කියලා හදුන්වන්නේ. කොහොම උනත් 2001 වසරේදී ඝාතනය වුනු කාන්තාවන්ගේ ශරීර වල තිබුන DNA වලින් හදුනා ගන්නවා Gary මේ ඝාතන පසුපස සිටින බව.

ඔහු විසින් කරන ලද පාපොච්චාරණයේ ඔහු විසින් කාන්තාවන් 49 දෙනෙකු ඝාතනය කල බව කියනවා.නමුත් එම ප්‍රමාණය දෙගුණයක් වන බව පොලිසිය ප්‍රකාශ කරනවා. Gary Ridgway මේ වෙනකොට කොලරාඩෝ වල තියෙන අධි ආරක්‍ෂිත ෆෙඩරල් බන්ධනාගාරයක ජිවත් වෙනවා.

#9 Anatoly Onoprienko 1989-1996

මොහු යුක්රේන ජාතිකයෙක්. මොහුට වයස 4 වෙනොකට මොහුගේ මව මැරෙනවා. ඊට පස්සේ පියා මොහු අනාථ නිවාසයකට බාර දීලා සහෝදරයා පියා ලග තියන් ඉන්නවා. ඒ හේතුව නිසා තමයි මොහු දරුණු ඝාතකයෙක් වෙන්නේ.ඒ වගේම 1996 වසරේ මොහු සිරබාරයට ගන්න තෙක්ම දාම ඝාතකයෙක් බව සොයා ගෙන නැහැ.

මොහු ඝාතනය කරන්නෙත් එක්තරා රටාවකට. හුදෙකලා නිවෙස් වල ඉන්න පවුල් තමයි Anatoly ගේ ගොදුරු වෙන්නේ. මුලින්ම එම නිවසේ ඉන්න සැමියාත්, පසුව බිරිදත් අවසානයේදී දරුවන් ද ඝාතනය කිරීම මොහුගේ රටාව වෙනවා. නමුත් කෙසේ හෝ එම ඝාතන වලට සාක්ෂිකරුවන් ඉන්නවා නම් ඔවුනුත් ඝාතනය කරනවා. අවසානයේදී සම්පුර්ණ නිවසම ගිනි තබමින් විනාශ කිරීම සිදු කරනවා.ඔහුගේ ප්‍රකාශයට අනුව ඝාතනය කරපු ගණන 52ක්.

Anatoly Onoprienko මේ ක්‍රියා සදහා වැරදිකරු වුවත් එකල යුක්‍රේනයේ තිබු නීතියක් ඉවත් කිරීම නිසා ඔහු නිදහස් වුනා. නමුත් ඔහු 2013 වසරේදී බන්ධනාගාරය තුලදී ඔහු මිය ගියා. මිය යනකොට ඔහුගේ වයස 54ක්.

#8 Andrei Chikatilo 1989-1994

මොහුත් රුසියානු, යුක්රේන සහ උස්බෙකිස්තාන යන රටවල් තුනට අයත් ඝාතකයෙක්. මොහු විවිද නම් වලින් හදුන්වනවා. "රොස්ටොව් වල ඝාතකයා", "The Red Ripper", "The Rostov Ripper" යන නම් වලින් මොහු හදුනවනවා. මොහු උපදින්නේ දුප්පත් පවුලක. ඔහු අධ්‍යාපනය ලබමින් ඉන්න අතරතුර සිදු වුන ලිංගික අපයෝජනයක් නිසා තමයි මේ විදියට ඝාතනය කිරීම පටන් ගන්නේ.

මොහු ඝාතනය කිරීම ආරම්භ කරන්නේ ගුරුවරයෙක් ලෙස සේවය කරන අතරතුර. Andrei ගේ පලවෙනි ගොදුර වෙන්නේ 9 හැවිරිදි Yelena Zakotnova නම් දැරිය. ඒ 1978 වසරේදී. මොහුගේ ඝාතන රටාව වෙන්නේ ලිංගික අඩත්තේට්ටම් සහ පසුව ඝාතනය කිරීම. Andrei ගේ ඝාතන ගොඩක් සිදු වෙන්නේ ඉහත සදහන් රටවල් 3 දේශ සිමා ආසන්නයේ. Andrei ගේ ප්‍රකාශයට අනුව ඔහු විසින් සිදු කරන ලද ඝාතන සංඛ්‍යාව 53ක්. නමුත් එම ගණන ඊට වඩා බෙහෙවින් වැඩි හැකිය. 1994 මොහුව මරා දමනවා.

#7 Abul Djabar 1970 පෙර

මොහු ඇෆ්ගනිස්ථාන ජාතිකයෙක්,මොහු ගැන තොරතුරු බොහොම කුඩා ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ගොදුරු බවට පත් වෙන්නේ පිරිමි ළමුන්. ඒ වගේම ඝාතන රටාව වෙන්නේ ඔවුන් දුෂණය කිරීමෙන් අනතුරුව බෙල්ල මිරිකීමෙන් ඝාතනය කිරීම. එමෙන්ම ඝාතනය වුවන්ගේ සංඛ්‍යාව 65ක් බව ස්ථිර කරලා තියෙනවා. එහෙත් සැක සහිත ලෙස ඝාතන සංඛ්‍යාව 300 කට අධික වන බව පැවසෙනවා. කොහොම උනත් මොහුගේ ඝාතන නිසා අහිංසක පිරිමින් දෙදෙනෙකු වරදකරුවන් ලෙස මරා දමනවා. නමුත් අවසානයේදී 1970 දී මොහු එල්ලා මරා දමනවා.

#6 Yang Xinhai 1999-2003

මොහු චීන ජාතිකයෙක්.මේ ඝාතකයා හදුන්වන්නේ “රාක්ෂ මිනීමරුවා” හෙවත් “Monster Killer” යන නමින්.මේ නමින් හදුන්වන්න ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි මොහු ඝාතනය කිරීමට බලාපොරොත්තු වෙන ගොදුර ජිවත් වෙන නිවස තුලට රාත්‍රියේ ඇතුල් වෙලා එහි ඉන්න හැම කෙනෙක්ම ඝාතනය කරන එක. ඝාතනය කිරීම සිදු කරන්නේ ඉතාමත් දරුණු විදියට. මෙහෙම කිව්වොත්,මොහු ඝාතනය කිරීමට භාවිතා කරන්නේ පොරෝ,සවල් සහ මස් කපන්න ගන්න ලොකු පිහි එහෙම නැත්නම් මන්නා පාවිච්චි කරලා.

Yang Xinhai මේ විදියට ඝාතනය කරන්න පටන් ගන්නේ ඔහුගේ පෙම්වතිය ඔහු සමග තිබු සම්බන්දය නතර කිරීම නිසා. ඔහුගේ ඝාතන සංඛ්‍යාව 67ක්.මොහු ප්‍රකාශ කරලා තියෙනවා ”මට වැඩක් නැහැ ඔවුන් ජිවත් වෙන්න හෝ නැද්ද සුදුසුද කියා. ඒක මගේ සැලකිල්ලක් නෙවෙයි. මගේ කිසිම ආශාවක් නැහැ සමාජයේ කොටසක් වෙන්න".

2004 වසරේදී මොහුට හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කිරීමට නියම කරන ලදී.

#5 Kampatimar Shankariya 1977-1978

5 ස්ථානය ගන්නේ අපේ අල්ලපු රටේ හිටිය දරුණු දාම ඝාතකයෙක්. මොහු ඉන්දීය ජාතිකයෙක්. මොහු ඝාතන කිරීම් සිදු කරලා තියෙන්නේ තමන්ගේ සතුට වෙනුවෙන් කිව්වොත් හරි. මිටියෙන් පහර දීමෙන් පමණක් මොහු විසින් 70 ඝාතනය කරලා තියෙනවා. ඒ වගේම මොහුගේ තියෙන විශේෂ ලක්ෂණය තමයි කම්මුල, කන අවට තියෙන යුස්ටේකිය නාලයට පහර දීමෙන් ඝාතනය කිරීම. ඒක තමයි මොහුගේ ඝාතන රටාව.1979 මොහු එල්ලා මරා දැමුනා. එහිදී ඔහුගේ අවසන් ප්‍රකාශය වුනේ “මම මිනිමරුවේ ආඩම්බරකමට. කවුරුවත් මම වගේ වෙන්න ඕන නැහැ”

#4 Pedro Rodrigues Filho 1967-2003

මොහු බ්‍රසීල ජාතිකයෙක්. Pedro උපත ලබනකොට ඔහුගේ හිස්කබල තුවාල වෙලා තිබුනා. ඒකට හේතුව උනේ ඔහුගේ මව ගර්භනී අවස්ථාවේදී ඔහුගේ පියා විසින් සිදු කල දරුනු පහරදීම් නිසා. එමෙන්ම ඔහුගේ පියා විසින් මන්නයකින් පහර දීම නිසා Pedro ගේ මව ඝාතනය කරනු ලැබුවා. කොහොම උනත් ඔහු ඝාතනය කිරීම ආරම්භ කලේ ඇල්ෆෙනස් වල උප නගරාධිපති ඝාතනය කිරීමෙන්.

පසුව Pedro ඔහුගේ පියා ඝාතනය කරලා ඔහුගේ හදවතේ කොටස් ආහාරයට ගත්තා කියලා තමයි සදහන් වෙන්නේ. මොහුගේ ගොදුරු වල විශේෂ රටාවක් දකින්න ලැබෙන්නේ නැහැ වගේම ඝාතනය කිරීම් සිදු කරන්නේ සතුටට සහ පලි ගැනීමේ චේතනාවෙන්. මොහු සිරබාරයට ගැනීමෙන් පසු බන්ධනාගාරය තුලදී සිරකරුවන් 47  ඝාතනය කරලා තියෙනවා. සම්පුර්න ඝාතන ගණන 71 බව ස්ථිර කරලා තිබුනත් සැක කටයුතු ලෙස එම ගණන 100 ඉක්මවන බව පැවසෙනවා.

2007 වසරේදී මොහු හිරෙන් නිදහස් වුනත් නැවත 2011 වසරේදී කෝලහාල ඇති කිරීම නිසා නැවත සිර ගත කරලා තියෙනවා.

#3 Daniel Camargo Barbosa 1974-1986

මොහු කොලොම්බියා සහ ඉක්වදෝර ජාතිකයෙක්.කුඩා කාලේ ඉදන්ම පීඩාකාරී ජිවිතයක් තමයි ගත කලේ.එකට හේතුව උනේ ඔහුගේ කුඩම්මා විසින් ඇතැම් අවස්ථා වලිදී දඩුවම් ලෙස ගැහැණු ළමුන්ගේ ඇදුම් ඔහුට අදින්න ලෙස බලපෑම් කිරීමයි. මේ හේතුව නිසාම ඔහුගේ මිනීමැරුම් සදහා රටාවක් සහ විශේෂ පුද්ගලයන් පමණක් ඔහු යොදා ගත්තා. මොහුගේ ගොදුරු බවට පත් වුනේ තරුණ සහ දුප්පත් ගැහැණු ළමුන් සහ කාන්තාවන්.

ඔහු තම ගොදුරු ඩැහැ ගැනීම සිදු කරන්නේ එක්තරා විශේෂ ක්‍රමයකට.ඔහු විදේශිකයෙකු ලෙස පෙනී සිටිමින් ඒ ප්‍රදේශයේ ඇති පල්ලියකට විශාල මුදල් තොගයක් ආධාර ලෙස දෙන ආකාරයට පෙනී සිටි, එහිදී ඔහුගේ ඉලක්කය වන එම කාන්තාව හට එම මුදල පෙන්නා, එයින් කොටසක් ලබා දෙන බව පවසමින් පල්ලියට යන පාර පෙන්වන ලෙස ඇයට ඉල්ලීමක් කරයි.

එහිදී ඔහු එම කාන්තාව කැලෙකට රැගෙන ගොස් දුෂණය කර ගෙල සිර කිරීමෙන් ඝාතනය කරයි.ඔහු සිදු කරන ලද ඝාතන ගණන 72 ලෙස ස්ථිර වුවත් සැක කටයුතු ලෙස එය 150 කට අධික වන බව පැවසේ. 1994 දී සිර ගෙය තුලදී ඔහුගේ සගයන් විසින් ඔහු මරා දමන ලදී.

#2 Pedro López 1969-1980

“මම තමයි ශතවර්ෂයේ මිනිසා. කාටවත් මාව අමතක වෙන එකක් නැහැ”මොහු කොලොම්බියානු ජාතිකයෙක්. බොහොමයක් දාම මිනීමරුවන්ට වගේම මොහුට තිබුනෙත් බොහොම අමිහිරි කුඩා අවධියක්. කුඩා කලම පියා මිය යාමත් නිසා මොහු වයස 8  පමනදී නිවසින් පැන යනවා. වයස 18 දී මෝටර් රථ සොරකමක් නිසා හිර ගත වන මොහු එහිදී පිරිමි සිරකරුවන් 4 දෙනෙකු අතින් දුෂණය වෙනවා.

නමුත් පලි ගැනීමක් ලෙස ඔහු ඉන් 3 දෙනෙකුම හිර ගෙය තුල ගෙල සිර කරලා මරා දමනවා.මේක තමයි ඔහුගේ පළමු ඝාතනය ලෙස සලකන්නේ. මොහු දාම මිනීමරුවෙකු ලෙස ඝාතන සිදු කරන්නේ තරුණ ගැහැණු ළමුන් ඝාතනය කිරීම ආරම්භ කිරීමත් සමගය. මොහු තරුණ ගැහැණු ළමුන් දුෂණය කර ගෙල සිර කිරීමෙන් ඝාතන සිදු කරනවා.

මොහු “ඇන්ඩීස්හි රාක්ෂා” ලෙසටත් හදුනවනවා. 1980 දැරියක් පැහැර ගෙන යාමට උත්සහ කිරීමේදී මොහු හිරබාරයට ගන්නවා. එහිදී කොලොම්බියාව, ඉක්වදෝරය සහ පේරු යන රටවල් වල දැරියන් 420 කට අධික ගණනක් මොහු මරා දමා ඇති බවට පාපොච්චාරණය කරනවා.ඉන් 110 ස්ථිර කරලා තියෙනවා. වසර 14 ක සිර දඩුවමක් සදහා මොහු සිර ගත කලත් 1994 වසරේදී මොහු හිරෙන් නිදහස් වී මානසික රෝහලකද ප්‍රතිකාර ලබා 1998 වසරේදී සම්පුර්ණ නිදහස් මිනිසෙකු ලෙස මොහු සමාජයට එනවා.

නමුත් 2002 දී සිදු වූ මිනීමැරුමක් සදහා මොහුට චෝදනා එල්ල වුන නමුත් එහිදී මොහු අල්ලා ගැනීමට හැකි වෙන්නේ නැහැ. කෙසේ උනත් අද වනතුරුත් Pedro පිළිබද කිසිම තොරතුරක් දැන ගැනීමට හැකියාව ලැබී නැහැ.

#1 Luis Garavito 1990s

මොහුත් කොලොම්බියානු ජාතිකයෙක්.මොහු තමයි මෙතෙක් බිහි වුනු ලෝකයේ දරුණුම දාම මිනීමරුවා විදියට සලකන්නේ. Luis කොලොම්බියාවේ La Bestia (The Beast) හෙවත් “මෘගයා” යන නමින් හදුනවනවා. මොහුත් කුඩා කාලයේ ඉදන්ම මානසික සහ කායික ලෙස ලිංගික වධ හිංසා වලට ලක් වුන කෙනෙක්.

මොහුගේ මිනීමැරුම් රටාව වන්නේ පිහියකින් අනිම හෝ නියනකින් ඇනිම මගිනි.ඝාතන ඉලක්ක වන්නේ විදි, දුප්පත් ලා බාල පිරිමි දරුවන් වීමය. මෙයට හේතුව වන්නේ ඔහු විසින් කුඩා කාලයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීම් බව පවසයි. මොහු විසින් දුප්පත් විදී දරුවන් හට තෑගී සහ මුදල් පෙන්නා පැහැරගෙන ගොස් දුෂණය කර මරා දැමීම සිදු කරයි. මෙයින් නොනවතින මොහු සිරුරු කපා කොටා දමා විකෘති කිරීමටත් පෙලෙබෙනවා. මොහු විසින් පාපොච්චාරණය කිරීම් අනුව සිදු කල ඝාතන ගණන 300 කට අධික වෙනවා.

Luis විසින් කොලොම්බියාවේ නගර 50 කට අධික සංඛ්‍යාවක දරුවන් ඝාතනය කරලා තියෙනවා.1999 දී ඔහු නීතියේ රැහැනට හසු වෙනවා. ඔහු විසින් සිදු කල මිනීමැරුම් වල පරීක්ෂණ අද වෙනතුරුත් සිදු වෙමින් පවතී. නමුත් පවසන්නට තියෙන්නේ ඉතාමත් දුක්ඛිත කරුණකි. මිනීමැරුම් 138 සදහා ඔහු මේ වන විට වසර 1853 කාලයක සිරදඩුවමක් විදිමින් සිටි.

නමුත් කොලොම්බියාවේ නිතිය අනුව ඕනෑම වරදක් සදහා දියහැකි උපරිම දඩුවම වසර 30කි, එම නිසා පුදුමයට කරුණ වන්නේ ඉදිරි වසර කිහිපය ඇතුලත ඔහු නිදහස ලබන්නට ඉඩ ඇති බවය.ලෝකයේ මෙතෙක් බිහි වූ දරුණුම දාම මිනීමරුවා මෙලෙස නිදහස් වුවහොත් කුමක් සිදු වේද?

Ted Bundy

මේ දාම මිනීමරුවන් 10  අමතරව කතා නොකරම බැරි තව එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි Ted. මොහු ඇමරිකන් ජාතිකයෙක්. විකෘති මනසකට හිමිකම් කිව්වත් ඇත්තටම Ted Bundy කියන්නේ බුද්ධිමත් තරුණයෙක්. මොහු ඉගෙනීමට දක්ෂ මනෝ විද්‍යාව පිලිබදව උපාධියක් හිමි නීති ශිෂයෙක් වෙනවා. මොහුගේ තියෙන බුද්ධිමත්, සිත් ඇද ගන්නා විලාසය නිසා කාලයක් යන තෙක් අපරාද නොකලා යයි කියමින් සැගවී සිටීමට තරම් දක්ෂ විය.

මොහුගේ ඉලක්කයන් වන්නේ කාන්තාවන්. ඒකට හේතුව වෙන්නේ ඔහුගේ බිදී ගිය ප්‍රේමයක්. ඔහු විසින් මෙසේ ඝාතනය කල කාන්තාවන් බොහෝ විට තම පෙම්වතියගේ ස්වරුපයට හිමිකම් කියන බවයි පැවසෙන්නේ. මොහුගේ මනස කොතරම් විකෘති වී යයිද කිව්වොත් 10 කිව්වා ඝාතකයා වගේම මොහු කාන්තාවන් ඝාතනය කිරීමෙන් පසු එම මෘත දේහ සමග ලිංගිකව එක් වීමට තරම් විකෘති වුවෙක්. තම නීති දැනුම භාවිතා කරමින් මොහු නඩු විභාග තමන්ගේ වාසියට හරවා ගන්නත් උත්සහ කළා.

මොහු සිදු කල ඝාතන ගණන පාපොච්චාරණය කිරීම අනුව 36 වුවත් එය 100 වඩා අධික විය හැකිය. 1975 වසරේදී පොලිස් භාරයට ගැනුනත් එයින් පැන ගොස් නැවතත් අපරාද සිදු කරන මොහු 1979 වසරේ අවසන් වරට පොලිස්යේ රැහැනට හසු වෙනවා. 1979 දී මරණ දඩුවම් දෙකක්ද 1980 දී තුන් වන මරණ දඩුවමත් හිමි වෙනවා. 1989 දී විදුලි පුටුවේදී ඔහු තම ජිවිතයෙන් සමු ගන්නවා. මේ අතරතුර කාලයේදී ඔහු නඩු සදහා නීතිඥයා ලෙස තමන්ම පෙනී සිටිනවා.