Loading...
Microsoft accounts සඳහා passwords නොමැතිව පිවිසීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට Microsoft සමාගම සූදානම් වේ

පරිශිලකයින්ට Passwords අමතක වීම සහ Passwords විශාල සංඛ්‍යාවක් මතක තබා ගැනීම ඉතා අසීරු බැවින් මීට විසඳුමක් සෙවීමේ ප්‍රතිපලයක් ලෙස Microsoft ආයතය මෙම තීරණය ලබාගෙන ඇත.

Microsoft ආයතනය සඳහන් කළ ආකාරයට සියලුම පරිශීලකයින් සඳහා ඉදිරියේදී "Passwordless Account"  Option ක්‍රමයක් ලබාදීමට Microsoft සමාගම අදහස් කරයි.  ඉදිරි සති කීහිපය තුළ මෙම පහසුකම සියලුම පරිශිලකයින්ට Microsoft Outlook සහ Microsoft OneDrive හරහා ලබාදීමට නියමිත බව සඳහන් වේ.

Microsoft හි Company's corporate vice president of security වූ Vasu Jakkal විසින් ගිය බදාදා Blog සටහනක් තබමින්  " දැන් ඔබට ඔබගේ Passwords ඔබගේ Microsoft ගිණුම වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකිය." යනුවෙන් සඳහන් කර තිබීම විශේෂත්වයකි.

මෙතෙක් පැවති Password ක්‍රමය වෙනුවට පරිශීලකයින් තම ගිණුම් සඳහා Sign-in වීමට Microsoft Authenticator app එක භාවිත කළ හැකිය. මෙමගින් තත්පර කිහිපයකටම වරක් නව Unique Pin එකක් නිකුත් කරනු ලබයි. එසේම, Windows හි biometrics-based තාක්ෂණය වූ "Windows Hello" මඟින් ඔබට Facial recognition, a Fingerprint හෝ Unique pin එකක් භාවිත කළ හැකි ය. අවශ්‍යනම් පරිශීලකයින්ට Microsoft external security key එකක් මිලදී ගත හැකි අතර මෙම USB Drive හි Login Information, Register Phone Number සහ  verification Code ගබඩා කර තබා ගත හැකි වේ.

Covid 19 ගෝලීය වසංගත කාලයේදී ලොව බොහෝ පරිශීලකයින් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමයට අනුගත වීම නිසා හැකර්වරුන්ගේ ග්‍රහණයට ශීඝ්‍රයෙන් ලක්වීම මෙම තීරණය ගැනීමට හේතුවයි. මෙම කාලපරිච්ඡේදය තුළ ඉතා විශාල අන්දමින් පරිශීලකයින්ගේ Password වෙත හැකර් ප්‍රහාර එල්ල වී ඇති බව Microsoft සඳහන් කරයි. මෙහිදී ලබාගන්නා Passwords Dark Web හි විකිණීමට තැබීමට වැඩි ඉඩ කඩක් ඇති බවත් ​එවැනි සිදුවීම් වාර්තා වී ඇති බවත් සඳහන් වේ.

Microsoft සමාගමට අනුව සෑම තත්පරයකදීම ලොව පුරා Passwords Attacks 579 ක් සිදුවන අතර, වසරක් තුලදී Password Attacks බිලියන 18 ක් පමණ සිදුවේ.  මෙවැනි සිදුවීම් නිසා Microsoft සමාගම මෙම තීරණය ලබාගෙන ඇත.

Source - CNN