ඔයා ගාව තියෙනව සුපිරි, ඔරිජිනල් පවර් බෑන්ක් එකක්. නැත්තම් එහෙම හිතමු. ඒකේ කැපෑසිටිය 10,000mAh. ඔයා ගාව තියෙනව 1,500mAhක බැට්‍රියක් තියෙන ෆෝන් එකක්. දැන් හරි නම් ඔයාට ඔයාගේ ඔය පවර් බෑණ්ක් එක ෆුල් චාජ් එකක් දුන්නම කී පාරක් චාජ් කරගන්න පුලුවන් වෙන්නෝනෙද.

10,000mAh/1,500mAh = 6.66667

0.66667 අත අරිමු. හරියටම 6 වතාවක් චාර්ජ් කරන්න පුලුවන් වෙන්නෝනේ. (මට පුලුවන්නම් ඇවිත් පෙන්නන්න එහෙම කරපු කෙනෙක් ඉන්නව නම්). එහෙම වෙන්නේ නෑ. ඔන්න ඔතනින් ඉතිං හිතට අවුල්, අහු උනාවත්ද කියල. ඉතීං උස්සන් දුවනව වොරන්ටි දාන්න පවර් බෑන්ක් එක.

ඇත්තටම ඔය පවර් බෑන්ක් ගහල තියෙන කැපෑසිටිය මොකක්ද එහෙනම්?

ගමු උදාහරණයක්, පවර් බැංකුවක් තියෙනව, 3.7V 2,500mAh බැට්‍රි 4ක් දාල හදපු එකක්. ඕකේ කැපෑසිටිය කීයද? 10,000mAhයි.

ඒත් දැන් තමයි ප්‍රස්නේ.

බැට්‍රියේ වෝල්ටේජ් එක 3.7. ඒත් USB එකේ. USB එකේ ස්ටෑන්ඩර්ඩ් එක වෝල්ට් 5.

දැන් හරි. කොහොමද 3.7V බැට්‍රියකින් 5V output එකක් දෙන්නේ. පවර් බෑන්ක් මස් කරපු අය දන්නව, ඕකේ තියෙනව බැට්‍රියටයි USB socket එකටයි මැදින් සර්කිට් එකක්. ඒකට කියන්නේ conversion circuit කියල. අන්න ඒකෙන් තමයි බැට්‍රියෙන් එන 3.7V එක 5V වලට කන්වර්ට් කරන්නේ. අඩු වෝල්ටීයතාවයක් වැඩි වෝල්ටීයතාවයකට කන්වර්ට් කරද්දි mAh ප්‍රමාණයකුත් වැයවෙලා තමයි වැඩි වෝල්ටේජ් එක හම්බෙන්නේ. ඕක තමයි තියරිය. තියරිය තමයි ඉතිං වෙන්නේ.

දැන් එහෙම වෙනව නම් ඇත්තටම පවර් බෑන්ක් එකක කැපෑසිටිය මනින්නේ කොහොමද? ඕකට පොඩි සමීකරණ කෑල්ලක් තියෙනව.

(3.7V x කියල තියෙන කැපෑසිටිය)/5 = පවර් බෑන්ක් එකෙන් ඇත්තටම ගන්න් පුලුවන් මැක්ස් කැපෑසිටිය

දැන් අර ඉස්සෙල්ල කිව්ව පවර් බෑන්ක් එක අරං බලමු කීයක් තියෙනවද කියල.

(3.7 x 10,000mAh)/5 = 7,400mAh

එතකොට 10,000mAh පවර් බෑන්කෙන් output එක එන්නේ 7,400mAh. දැන් ඇතුලේ තියෙන්නේ 10,000ක් කියල කිව්වට එලියට එන්නේ 24%ක් අඩු වෙලා. දැන් ඉතිං හිතන්න එපා 7,400ක් හරි එනවනේ කියල. ලබ්බක් එනව. ඔය මං ඉස්සෙල්ලා කිව්ව කන්වර්ශන් එකේදී හරියටම 7,400ක් අවුට් වෙන්නේ නෑ. ඔතනදි සෙට් වෙනවා තව කන්වර්ශන් ලොස් එකක්.

මොකක්ද ඔය කන්වර්ශන් ලොස් එක. දැන් ඉස්සෙල්ල කිව්වනේ 3.7, 5 කරද්දි එනර්ජි ලොස් එක ගැන. දැන් ඔයා හිතන්නේ ඕක නිකම්ම කන්වර්ට් වෙයි කියලද. නෑ. එතනදි තාපයක් ඇති වෙනව. ඉතිං ඒකටත් තව අතිරේක mAh අපිට ලොස් වෙනව. අන්න ඒක බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වෙනස් වෙනව. ගොඩක් බ්‍රෑන්ඩ් ඒක කියන්නේ නෑ. ඒත් Xiaomiල කියල තියෙනව එයාලගේ පවර් බෑන්ක් වල ඔය කන්වර්ශන් එකේදි 98%ක් කාර්‍යක්ෂමයි කියල. ඒ කියන්නේ 2% අතිරේකව වැය වෙන්නේ.

දැන් ඇයි එයාල ඇත්ත නොකියන්නෙ.

ගොඩක් මිනිස්සු මේ දේවල් ගැන වැඩිය දන්නේ නෑ. අනික හොයන්නෙ නෑ. කැපෑසිටිය දැක්කම රෙද්ද උස්සන් ගිහින් ගන්නේ. මතකනේ අර පිටකොටුවේ තිබ්බ වැලි දාල අලුත්ම තාක්ෂණයෙන් හදල තිබ්බ් පවර් බෑන්ක් ටික.

ඒත් ඇත්තම කියනව නම් හැම කෙනාම එහෙම නෑ. එක්කෝ යූසර් මැනුවලේ හරි පවර් බෑන්ක් එකේ ප්‍රින්ට් කරල තියෙනව ඔය සීන් එක. හැබැයි පවර් බෑන්ක් එකේ තියෙන ඒව කියවන්න වත්ත පහල කූඹියෙක් සෙට් කරන්නෝනේ. ඒ තරම් පොඩී.

මං හිතන්නේ දැන් ඔය පුංචි හිත් ඇතුලේ කැකෑරී කැකෑරී තිබ්බ පස්නයකට උත්තරයකුත් හම්බෙන්න ඇති. ඉතිං මං නම් කියන්නේ ඔයා පවර් බැංකුවක් ගන්න යන්නව නම් ඒ පවර් බෑන්ක් එකේ කැපෑසිටියෙන් 25%ත් 28%ත් අතර ප්‍රමාණයක් කඩේ ඉන්න අයියට හරි අක්කට හරි දීල එනව, එහෙම කරල මං ලොකු පිනක් කරගන්නව කියල හිත හදාගෙනම ගියා නම් හොඳයි.