Loading...
රුසියානු කොට්ටෝරුවා නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන රූබල් බිලියන 7ක් වියදම් කරමින් නිමැවුනු දුගා රේඩාර් පද්ධතිය

දුගා රේඩාර් පද්ධතිය පිහිටලා තියෙන්නේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය ආසන්නයේ. මගේ මතකය හරි නම් චර්නොබිල් බලාගාරයේ ඉදන් කිලෝමීටර් 15 ක් පමණ දුරින් තමයි මේක පිහිටලා තියෙන්නේ. මේකට චර්නොබිල් 2 කියලත් කියනවා. ඒ වගේම මේ රේඩාර් පද්ධතිය සෝවියට් දේශයේ තිබුණු මිසයිල ආරක්ෂක රේඩාර් පද්ධති 3න් එකක්.

දුගා කියන්නේ ‘over the horizon’ (OTH) රේඩාර් පද්ධතියක්. මේක යොදා ගෙන තියෙන්නේ සෝවියට් දේශයට මිසයිල වලින් එන තර්ජන වලක්වාලීම සදහා. ඒ කියන්නේ බැලස්ටික් මිසයිල වලින් එන තර්ජන වේලාසන හදුනා ගෙන අනතුරු ඇගවීමට තමයි යොදා ගෙන තියෙන්නේ. පද්ධතියේ නිර්මාණය කිරීම පටන් ගෙන තියන්නේ 1950 ගණන් වලදී සෝවියට් දේශය සිතල යුද්ධයකට සම්බන්ද වෙලා සිටින කාලේදී. ඒ කොහොම උනත් දුගා පද්ධතිය 1976 ජුලි ඉදන් 1989 දෙසැම්බර් දක්වා ක්‍රියාකාරී වෙලා තියන්නේ.

මේ වගේ ක්‍රියාකාරී මට්ටමේ රේඩාර් පද්ධති දෙකක් සෝවියට් දේශය නිර්මාණය කරා. එකක් තමයි මේ චර්නොබිල් ආසන්නයේ තියෙන Duga සහ චර්නිහිව් ආසන්නයේ ඇති Duga – 1. මේ දෙකටම වෙන වෙනම Transmitter සහ Receivers තියෙනවා. (මැප් එකක් සහිත ජායාරුප තියෙනවා.)

දුගා රේඩාර් වල පිහිටීම

පලවෙනි දුගා පද්ධතිය යුක්රේනයේ Mykolaiv නගරයට ආසන්නයේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ පද්ධතියට කිලෝමීටර් 2500 වඩා දුරින් සිදු කල රොකට් යානයක දියත් කිරීමක් සාර්ථකව අනාවරණය කර ගන්න හැකි වෙනවා. ඉතින් මේ පද්ධතියම අනුගමනය කරලා දුගා - 2 නිර්මාණය කරනවා. එකත් හදන්නේ මේ ස්ථානයෙමයි.

මේ රේඩාර් පද්දතියට ඉතාමත් දුරින් නැගෙනහිර දිශාවේන් සිදු වන රොකට් යානා දියත් කිරීම් මෙන්ම ෆැසිෆික් සාගරයේ සබ්මැරින් වල ගමන් ගැනීම් පවා ග්‍රහණය කිරීමට තරම් බලවත්. ඒ වගේම සමහර මුලාශ්‍ර වලට අනුව මේ රේඩාර් පද්දතිය නිර්මාණය කිරීමට සෝවියට් රූබල් බිලියන 7ක් වැය වූ බව සදහන් වෙනවා.

මේ දුගා රේඩාර් පද්ධතිය ඇත්තෙන්ම ඉතාමත් බලගතු රේඩාර් පද්ධතියක්. 10MW තරම් ප්‍රබල ශක්තියක් මේ සදහා වැය වෙනවා. ඒ වගේම මේ රේඩාර් පද්ධතියේ කොටස් දෙකක් තියෙනවා.  උස මීටර් 135-150 වන සහ දිග මීටර් 500 තරම් අඩු සංඛ්‍යාත ඇන්ටනාව සහ උස මීටර් 100 සහ දිග මීටර් 250 වන වැඩි සංඛ්‍යාත ඇන්ටනාව.

දුගා රේඩාර් පද්ධතියේ තිබුණි බලය නිසාම එයින් නිකුත් කරන ලද සංඥා නිසා NATO සංවිධානයට ගැටළුවක් ඇති වුනා. කොහොම හරි ආවසානයෙදී NATO සංවිධානයට තේරුනා මේක over the horizon වර්ගයේ රේඩාර් පද්ධතියක් බව. ඉතින් NATO බුද්ධි අංශ නිලධාරින් මේ රේඩාර් වල ජායාරුප ලබා ගෙන ඒ වාර්තාව NATO සංවිධානයට බාර දුන්නා.

ඒ වාර්තාව හැදින්වෙන්නේ “වානේ අංගනය” හෙවත් STEEL YARD ලෙස. ඒ වගේම මේ රේඩාර් පද්ධතිය ක්‍රියාත්මක වෙනකොට කොට්ටෝරුවෙක් ගහකට කොටනකොට වගේ සද්දයක් එනවා, ඒ නිසා තමයි මේ දුගා පද්දතිය “Russian Woodpecker” නැත්නම් රුසියානු කොට්ටෝරුවා විදියට හදුන්වන්නේ.

අවසානයේදී 1986 සිදු වූ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමත් සමගම මෙහි ක්‍රියාකාරිත්වයට බාධා එල්ල වුනා. ඒ නිසාම අවසානයේදී මේ රේඩාර් පද්ධතියත් අතහැර දම්මන්න සිද්ධ වුනා. නමුත් මේ රේඩාර් පද්ධතියේ තිබුණු වටිනා සහ වැදගත් කොටස් ගලවලා Amur වල Komsomolsk වලට ප්‍රවාහනය කළා.