Loading...
කැමරාකරණයේදී භාවිතා ව​න filters ගැන ඔබ දැන ගත යුතුම කරුණු මෙන්​න

කැමරා ලෙන්ස් වල ෆිල්ටර් ගැන කට්ටිය මොනාද දන්නෙ? කතා කරමුද ෆිල්ටර්ස් ගැන......!

Camera Filters යනු ඡායාරූප ශිල්පීන් සඳහා අත්‍යවශ්‍යම වන උපාංගයක් වන අතර, ලබාගන්නා ඡායාරූපයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා මේ ෆිල්ටර්ස් විවි​ධ ආකාර වලින් අපට උදව් වනවා. හැබැ​යි මේ හැම ෆිල්ටර් එකම හැම තැනකටම ගැලපෙන්නෙ නැහැ. ඒක නිසා ෆිල්ටර්ස් භාවිත කිරිම ගැන හරි වැටහීමක් ඇතුව කරන්​න ඕන වැඩක්. මම අ​ද ​‍මේ ලිපි​ය යටතේ Market එකෙ තියෙන ෆිල්ටර්ස් වර්ග මොනාද ඒවා භාවිතා කරන්නෙ කොහොමද, හොඳම ෆිල්ටර්ස් Brand මොනාද, ඒවායේ මිල ගනන් කොහොමද යන සියළුම දේ කතා කරන්​න බලාපොරොත්තු වනවා.

මේ කැමරා ෆිල්ටර්ස් වැඩ කරන්නෙ කොහොමද?

කැමරා Filter එකක් වැඩ කරන සරලම ක්‍රියාවලිය තමා අවට පරිසරය තුළින් පැමිණෙ​න ආලෝකය කාචය තුළින් කාචය​ට ඇතුළු වන ආකාරය වෙනස් කිරීම, පාලනය කිරීම යන ක්‍රියාව සඳහා කැමරා කාච​ය ඉදිරිපිට තබා ඇති optical accessories ලෙස හඳුන්වන්​න පුලුවන්. මේ filters භාවිතය මගින් creative effects, color correction, reducing reflections, improving exposure වැනි දේවල් ලබාගත හැකියි.

වෙලඳපල තුළ අපිට බහුලවම දැකගන්​න පුළුවන් filters වල ලිස්ට් එක පහලින් ඔයාලට දැකගන්න පුලුවන් මීට අමතරව තවත් ඒවා තිබෙන්ඩ පුළුවන්. හැබැ​යි මේවා තමා බහුලවම භාවිතා වන්නෙ.

  • UV (Ultraviolet) Filters
  • Polarizing Filters (CPL)
  • Graduated ND Filters (GND)
  • Color Filters
  • Infrared Filters
  • Warming/Cooling Filters
  • Close-up Filters (Diopters)

කැමරා filters වර්ග සහ ඒවායේ භාවිතාව​න්

01. UV (Ultraviolet) Filters

Purpose: මේ UV (Ultraviolet) Filters භාවිතා කරන්නෙ භාහිර ආලොකය සමග එන UV කිරණ ලෙන්ස් එක තුලට ඇතුල් වීම බ්ලොක් කිරිමට​යි. මේ UV කිරන නිසා ලබාගන්නා ඡායාරූපය තුල hazy නොහොත් මිහිදුම් ගතිය වගේ හෝ bluish නොහොත් අමුතු නිලකට හුරු ගතිය වගේ මතුවෙන්ඩ පුළුවන්. හැබැ​යි මම ඇතුලු ගොඩක් දෙනෙක් මේ ෆිල්ටර් එක බහුලවම පාවිච්චි කරන්නෙ dust, scratches වගේ condition වලින් ලෙන්ස් එක ආරක්ෂා කරාගැනීමට. ඒ උන​ත් මේකෙන් ඇත්තටම වෙන්නෙ මම කලින් කියපු සිද්දිය.

ඔයා ගොඩක් dusty condition එකකදි හෝ Outdoor photography වගේ කරනවානම් මේ ෆිල්ටර් එක ලෙන්ස් එකට පිටතින් අමුනන්​න අමතක කරන්​න එපා.

මේ ෆිල්ටර් එකක් සාමනයෙන් $10 - $100 අතර වගේ ගානක් වෙන්​න පුළුවන්. ඒ නමුත් මෙහි මිල තීරණය වන්නෙ ඔයා තෝරගන්න brand එක සහා glass එකෙ quality එක මත. මේ ෆිල්ටර් එක මිලදී ගන්න පුලුවන් හොඳම brands විදිහට B+W,Hoya,Tiffen හඳුන්වන්න පුළුවන්.

  • B+W දන්න තරමින්නම් UV Filters වලට හොඳම මෙයාල තමා. High-quality glass එකකට සහා coating එකට B+W තමා ඉතින්.
  • Hoya: quality එක​යි price එකය් අතර බැලන්ස් එකක් හොයනවනම් ඔයාට ගැලපෙන්නෙ Hoya තමා. මාත් පාවිච්චි කරන්නෙ Hoya තමා.
  • Tiffen: ඔයා non-professional photographer (amateur photographers) කෙනෙක්නම් මම පුද්ගලිකවම රෙකමන්ඩ් කරන්නෙ Tiffen තමා. ගානත් අඩුය් ගානෙ හැටියට බඩුත් හොඳය්.

02. Polarizing Filters (CPL)

Purpose: මේ CPL නොහොත් Circular polarizing filters වලින් වෙන ප්‍රධානම වැඩේ තමා Non metallic surfaces වලින් ඇතිවෙන reflections අවම කරන එක. එවගේම මේක මගින් colors වල Saturation එක බූස්ට් කරන නිසා ඔයාට ඔයාගෙ ඡායාරූපයේ හොඳ Vivid පෙනුමක් ලබාගන්ඩ පුළුවන්.

මීට අමතරව විශේශයෙන්ම ඔයා හොඳට හිරුඑලිය වැටිලා තියෙන Sunny දවසක Landscape photography කරනවනම් මේ CPL Filter එක ඔයාට ලොකු උදව්වක් වෙය්.water, glass වැනි eflective surfaces වල පොටෝස් ගද්දි ඔයාට මේ CPL Filters ගොඩක් උදව්වෙය්.මෙ ඔක්කොටම වඩා ඔයා යම් කිසි ජනෙලෙක විදුරුවක් හරහා වගේ පොටෝස් ලබාගන්නවනම් අනිවාර්යෙන්ම මේ CPL Filter එක පාවිච්චි කරන්ඩ අමතක නොකරන්ඩ.

Price Range: මේ ෆිල්ටර් එකක් සාමනයෙන් $30 - $200. අතර වගේ ගානක් වෙන්ඩ පුළුවන් හැබැය් ඉතින් මේක තීරණය වන්නෙ ඔයා තෝරගන්න brand එක සහා glass එකෙ quality එක මත.

Top brands: Nisi,B+W,Hoya

  • Nisi: ග්ලාස් එක කොහොම හැදුවත් coating එක මත තමා Filter එකෙ quality එක වැඩි හරියක් තීරණය වන්නෙ. CPL Filters වල superior coating එකක් Provide කරන්නෙ මේ Nisiලා තමා.
  • B+W: High-end quality එක filter එකේ durable එක වගේ දේවල් බලනවනම් ඉතින් B+W තමා.
  • Hoya: non-professional photographerලාට හරියනම භාන්ඩෙ මේක තමා. සාධාරණ mid-range ගානකට යන්ඩ පුළුවන් හොඳම Filter එක මේක තමා.

03. Neutral Density (ND) Filters

Purpose: මේ ND නොහොත් Neutral Density Filters වලින් කෙරෙන ප්‍රධානම කාර්ය්‍ය තමා lens එක තුළට ඇතුල් වන ආලෝකය සීමා කිරීම. මේ Nd filters වල උදව්වෙන් ඔයාට පුළුවන් longer exposure times එකක් wider aperture එකක් වගේ දෙයක් අපහසුවකින් තොරව පාවිච්චි කරන්ඩ පුළුවන්. ගොඩක් අය මෙක පාවිච්චි කරන්නෙ motion blur මගින් දිය ඇලිවල පොටෝස් ගන්​න, ගලාගෙන යන වතුර පාරක පොටෝස් ගන්​න වගේ දේවල් වලට. හැබැ​යි මේකෙන් ඔයාට පුළුවන් bright sunlight condition එකක් යටතෙ උනත් ලස්සන sky photography landscape, nature photography වගේ දේවල් කරන්​න. මීට අමතරව ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් තමා මේ ND Filters වලින් පුලුවන් bright condition එකක් යටතේ හොඳ shallow depth of field එකක් එක්ක පොටෝස් ගන්න.

මීට අමතරව කියන්ඩ ඕන ප්‍රධානම දෙයක් තමා මේ ND Filters වල Fixed සහා Variable කියලා වර්ග දෙකක් එනවා. මම මේකෙන් පර්සනලිම රෙකමන්ඩ් කරන්නෙ Variable කියන type එක තෝරගන්ඩ කියලා.

Fixed ND ලොකු අවාසියක් තියෙනවා ඒ තමා මේකෙ ආලෝකය හැමතිස්සෙම Fixed අගයකින් තමා Lens එක වෙත ලබාදෙන්නෙ. e.g. ND8 (3-stop), ND64 (6-stop), or ND1000 (10-stop).

Variable ND වල තියෙන වාසිය තමා ඔයාට හිතැඟි පරිදි Filter එකෙ අගය වෙනස් කරලා තමන්ට හැඟෙන ලෙස ඡායාරූප ලබාගැනීමේ හැකීයාව. මේක ටිකක් කරදර කාරි වැඩක් වගේ පේන්න පුළුවන්. හැබැ​යි මම කියනවට පාවිච්චි කරලා බලන්නකෝ වෙනස.

Price Range: තත්වයෙන් ඉහල ගුනාත්මක ND Filter එකක ගාන $50 - $300 දක්වා වෙනස් වෙන්​න පුළුවන්. variable ND filters එහෙමනම් සෑහෙනට expensive. හැබැ​යි සල්ලි එකතු කරලා හරි මේ වගේ එකකට යන එක තමා කරන්​න පුළුවන් හොඳම දෙය.

Top brands: Lee Filters, Tiffen, Breakthrough Filters

  • Lee filters:high-quality glas​s එක Coating එක සහ lightweight portability resin filters වලටනම් ඉතින් Lee filters තමා.
  • Tiffen: affordable ගානකට high quality ND filters හොයනවනම් මගේ තේරිම Tiffen තමා.
  • Breakthrough filters: Premium glass filter එකක් සමග excellent optical quality සහා durability එකක් එක්ක filter එකක් හොයනවනම් Breakthrough fliters තමා ඉතින්.

04. Graduated ND Filters (GND)

Purpose: මේ Graduated ND Filters (GND) මගින් ඔයාලට පුලුවන් ඔයා ගන්න ඡායාරූපයේ specific part එකක brightness පාලනය කර ගන්​න. මේක තව ටිකක් පැහැදිලිව කිව්වොත් මේකෙ​න් පුළුවන් ඔයාට එකම ෆ්‍රේම් එකක තියෙන bright sky එක සහා darker landscape එකක් අතර තියෙන exposure එක balance කර ගන්​න. High-contrast ගතියට තියෙන Landscape photography දැකලා ඇතිනේ ඒවගේ ඒවා ගන්​න ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ මේ GND filters තමා.

හැබැ​යි මේ GND Filters වල Hard-edge GND, Soft-edge GND, Reverse GND යනුවෙන් වර්ග කිහිපයක් තියෙනවා.

  • Hard-edge GND: මේ Hard-edge GND කියන්නෙ landscape photographersලා ගාව තියෙන්ඩම ඕන ෆිල්ටර් එකක්. ඔයා seascape,flat landscape,telephoto photography වගේ කරන කෙනෙක්නම් මේක ඔයාගාව තියෙන්ඩ ඕනම කරන ෆිල්ටර් එකක්.
  • Soft-edge GND: ඔයා seascape, mountain landscape, clear horizon එකක් නැති cityscape වගේ කරනවනම් මේක ඔයා ගාව තියෙන්​න ඕනම කරන Filter එකක්.
  • Reverse GND: මමනම් මේක වැඩි පුරම පාවිච්චි කරන්නෙ Sunrise,sunset වගේ අවස්තාවලදි තමා. මොකද මෙමගින් පුලුවන් bright horizon එක dark කරලා sky එකෙය් foreground එකෙය් more details capture කරාගන්ඩ. මීට අමතරව මේක භාවිතා කරලා ඉර බැසගෙන යන යාමයක Coastal scenes, cityscape එකක් වගේ capture කරාගන්ඩ පාවිච්චි කරාගන්ඩ පුළුවන්. 

Price Range: මේ Graduated ND Filters (GND) වල ගාන $100 - $400 අතර මුදලකට හෝ එතනින් එහා මුදලක් දක්වා යන්​න පුළුවන්. Brand එකය් Glass එකෙ quality එක​යි coating එකය් මත මේකෙ මිල ගනන් වෙනස් වෙන්​න පුළුවන්. 

Top Brands:Lee Filters, Nisi, Cokin 

  • Lee Filters: Lee Filters මගින් ඔයාට Offer කරනවා high-quality glass එක සහා resin graduated filters. හැබැ​යි මේවා මිලෙන් ඉතාමත් අධික​යි.
  • Nisi: මේ Nisi මගින් ඔයාට Offer කරනවා හොඳ durable එකක් සහා optically superior එකකින් යුතු filters. 
  • Cokin: ඔයා හොයන්නෙ Budget-friendly option එකක්නම් ඔයාට ගැලපෙනම එක තමා මේ Cokin කියන්නෙ. ​ඒ වගේම මේක beginnersලාටත් භාවිතයට ලෙහෙසි වගේම ගැලපෙනම Filter එකක්. 

05. Color Filters

Purpose: මේ ෆිල්ටර් වර්ගයනම් මම ඉන්ඩස්ට්‍රි එකෙ අය පාවිච්චි කරනවා දැකලා නැතිම තරම්. මේක ගොඩක්ම පාවිච්චි වෙන්නෙ Image එකෙ Color balance එක හදා ගන්​න (Warm or cold) නමුත් අලුතින් එන හැම කැමරා එකකම වගේ මේක අපිට කැමරාවේ ඇතුලෙන්ම හදාගැනීමේ පහසු තාවය ලබා දීලා තියෙනවා. හැබැයි ඔයා Black and White photography කරන කෙනෙක්නම් ඔයාට මේකක් පාවිච්චි කරලා Image එකෙ contrast එක ලේසියෙන්ම adjust කර ගන්න පුළුවන්.

  1. Red filter: අහස අඳුරු ගතිය වැඩි කර කළු සහ සුදු ඡායාරූප වඩාත් dramatic ගතියක් මේක මගින් එක් කරනවා. හැබැ​යි මේක හැම තැනකටමනන් හරියන්නෙ නැහැ. ඒක නිසා පවිච්චියෙදි ගොඩක් සැලකිලිමත් වෙන්න. 
  2. Blue filter: පොළවේ වර්ණය එලෙස රඳවා ගනිමින් නිල් අහසේ නිල් වර්ණය මේක මගින් Boost කරලා දෙනවා. හැබැ​යි මේකත් හැම තැනකටමනන් හරියන්නෙ නැහැ. ඒක නිසා පවිච්චියෙදි ගොඩක් සැලකිලිමත් වෙන්න.
  3. Orange filter: sunrise එකක් sunset එකක් වගේ Capture කරනවනම් මෙන්න කියාපු Filter එක. මේක නිසා ඔයාලට Sunrise, sunset එකක පොටො එකක් ගද්දි පරිසරයේ තියෙන warm ගතිය තව වැඩි කරාගෙන Realistic photo එකක් Capture කරාගන්​න පුලුවන්. 
  4. Yellow filter: ඔයා ශාක හා පත්‍ර ඡායාරූප ගන්න කෙනෙක්නම් මේ filter එක ඔයාට උදව්වෙය් color එකෙ contrast එක තව boost කර ගන්​න. හැබැ​යි මේකත් හැම තැනකටම හරියන්නෙ නැහැ. ඒක නිසා පවිච්චියෙදි ගොඩක් සැලකිලිමත් වෙන්​න.

මීට අමතරව තව Color filters තියෙන්ඩ පුළුවන්. මම මේ කිව්වෙ කිහිපයක් විතර​යි. 

Price Range: තත්වයෙන් ඉහල ගුනාත්මක ND Filter එකක ගාන $20 - $100 දක්වා වෙනස් වෙන්​න පුළුවන්. ගාන ටිකක් වැඩි උනත් සල්ලි එකතු කරලා හරි ගනන් වැඩි එකකට යන එක තමා කරන්ඩ පුළුවන් හොඳම දෙය. හැබැ​යි හැමතිස්සෙම ගනන් වැඩිම එක හොඳම එක නෙමෙ​යි කියන එකත් මතක තියාගන්න.

Top brands: Hoya, Tiffen, Cokin

  • Hoya: variety of colors වලින් මෙයාලගෙ Filters ඔයාලට ලබාගන්ඩ පුළුවන්. අනික Japanese company එකක් නිසා manufacturing වල quality එක ගැන බය වෙන්ඩ දේකුත් නැහැ.
  • Tiffen: අතේ ඇති ගානට වටින Filter එකක් හොයනවනම් ඉතින් Tiffen තමා.
  • Cokin: ඉතාමත් අඩු මුදලකට creative filter kit එකක් හොයන ඔයාට තමා මේ Cokin ගැලපෙන්නෙ. මීට වඩා ගාන අඩුවට තියෙන Brands වර්ගත් ඔනෙ තරම් මාකට් එකෙ තියෙනවා හැබැ​යි අපු දෙයක් ගද්දි ඒකෙ ගාන වගේම කොලිටි එකත් අනිවාරයෙන්ම බලන්​න ඕනේ දෙයක්.

06. Infrared Filters

Purpose: ලංකා​වේ අපිට වැඩිය හුරු නැති මාතෘකාවක් තමා මේ Infrared photography කියන්නෙ. Infrared light වල wavelength එක සාමනය visible light වල wavelength එකට වඩා ගොඩක් දිග​යි. මීට අමතරව මේ Infrared වල තියෙන්නෙ ඉතාමත් lower energy එකක් තියෙන්නෙ visible light එක්ක සසඳද්දි. ඒක නිසා මේ Infrared අපිට පියවි ඇසින් දකින්ඩ බැහැ. හැබැය් මේ Infared filters මගින් visible light එක කැමරාව තුළට ඇතුලුවීම වලක්වලා Infrared light විතරක් කැමරාව තුළට ගලා යෑමට සලස්වනවා. 

මේ Infrared photography වලදි අපිට සාමානය කැමරාවක් භාවිතයෙන් photo එකක් Capture කිරීම ඉතාමත් අපහසු දෙයක්. හැබැ​යි සාම​න්‍ය කැමරාවක් එක්ක Hoya R72 වගේ Infrared filter එකක් සමග longer exposure time එකකින් ඔයාලට යම්තාක් දුරකට සාර්ථක රිසාල්ට් එකක් ගන්ඩ පුළුවන්. හැබැයි ඔයාලා Infrared photography කරනව නම් මම නම් රෙකමන්ඩ් කරන්නෙ මේ Infrared photography සඳහාම තියෙන Dedicated Infrared Cameras වන Fujifilm X-T3 Infrared, Sony RX100 වගේ කැමරාවක් භාවිතා කරන එක. 

සමහර photographersලා මේකට modify කරපු camera භාවිතා කරන අවස්තාත් තියෙනවා. infrared photography වලට modify කරපු Popular choices විදිහට අන්තර්ජාලයෙ තියෙන තොරතුරු වලට අනුව,

  • Canon ලාගේ EOS series එකෙ Eos 5D හා Eos 90D
  • Nikon ලාගේ D series එකෙ D850 හෝ D7500
  • Sony ලාගේ Alpha series එකෙ A7 හෝ A6000

වගේ ඒවා තමා බහුලවම භාවිතා වන්නෙ. 

මීට අමතරව Point and Shoot Cameras (P&S) වන

  • Sony RX 100VII
  • Canon PowerShot G7 X Mark III
  • Fujifilm X100V

Panasonic Lumix ZS200 වගේ ඒවත් මේ වැඩේට භාවිතා කරන්​න පුළුවන් කියලා අන්තර්ජාලයේ සමහර තැන්වල සඳහන් වනවා. මේ Infrared photography ගැනනම් මම දන්න දැනුමත් බොහොම සීමිත​යි. හැබැ​යි ඔ​යා මේ Infrared photography කරන්ඩ camera සහා consider තොරාගන්නවනම් පහල තියෙන Basic මට්ටමේ කරුනු ටික ඔලුවට දාගන්න. ​‍

  1. IR Filter: IR Filter එක කියන්නෙ මේකෙ බොහොම වැදගත් කාර්යක් ඉටු කරන කොටසක්. ඒක නිසා මේ IR Filter එකක් තෝර ගැනිමේදී Hoya R72 720nm වගේ Filter එකක් අනිවාර්යෙන්ම තෝරගන්ඩ සැලකිලිමත් වන්​න.
  2. Resulotion: මෙතනදි ඔයා Higher resolution sensors එකක් තියෙන camera එකක් තෝරගන්​න අනිවාරයෙන්ම සැලකිලිමත් වන්න. මොකද Higher resolution කියන්නෙම Better details output එකක් ගන්​න පුළුවන් කියන එක​යි. 
  3. Manual Controls: Infrared photography කරනවනම් අනිවාරයෙන්ම Manual Controlම භාවිතා කරන්​න. මොකද මේ Manual Control මගින් ඔයාට අවශය පරිදි අදාල situation එකට ගැලපෙන පරිදි exposure adjustments කරාගෙන Better details සහිත Image එකක් Capture කර ගන්​න පුළුවන්. 

එහෙනම් අපි බලමු දැන් මේ Filters වල Price range එක හා Best brands ගැන. 

Price Range: තත්වයෙන් ඉහල ගුනාත්මක ND Filter එකක ගාන $50 - $150 දක්වා වෙනස් වෙන්ඩ පුළුවන්.ගාන ගැන නොහිතා Better detailed output එකක් සදහා වැඩි ගානක filter එකකට යන එක තමා හොඳම Filter එකෙ තියෙන nm ගාන වැඩි වෙන්ඩ වැඩි වෙන්ඩ Visible light එක ඇතුල් වන ප්‍රමානය අඩු වෙනවා.

Top brands: Hoya, B+W, Tiffen, Kolari vision 

  • Hoya: Hoya කියන්නෙ Japanese manufacturing company එකක්. මෙයාලා quality එක වගේ විවිද nm අගයන්ගෙන් යුතු filters ගනනාවක්ම Customer හට තොර ගැනීමට අවස්තාව ලබාදීලා තියෙනවා.
  • B+W: ඉතාමත් නිරවදය මට්ටමේ infrared filter සඳහා ඉතාමත් හොඳ නමක් උසුලන Company එකක් තමා මේ B+W කියන්නෙ.
  • Tiffen: Tiffen කියන්නෙත් විවිද nm අගයන්ගෙන් යුතු IR filters තෝර ගැනීම සඳහා ඇති well Known company එකක්.
  • Kolari vision: Kolari vision කියන්නෙ infrared photography equipment සඳහා තියෙන Specialized company එකක්. 

දැන් ඔයාලා බලනවා ඇති මොකක්ද මේ filter එකෙ "nm" කියන්නෙ කියලා. "nm" කියන්නෙ සරලවම nanometers කියන එකනේ. මේ "nm" කියන එක අපිට අදාල වෙන්නෙ මේ "nm" කියන එකෙන් තමා fiter එකෙ wavelength එක තීරණය වන්නෙ. 

ඔයාලා දැන් මේ වෙද්දි Filters වර්ග හා ඒවා භාවිතා කරන ආකාර​ය ගැන දන්නවා. මේ Filters තෝර ගද්දි ඔයාලා සල්ලි එකතු කරලා හරි මිලෙන් වැඩි හොඳ high-quality filters වලට යන එක තමා හොඳම දේ කියලය් මමනම් personally Reccomend කරන්නෙ. මොකද high-quality filters කියන්නෙම valuable long-term investment එකක්. 

මම දැකලා තියෙනවා බහුතරයක් professional photographersලා consistent performance and minimal image degradation යන ප්‍රධාන කාරන මත සලකා බලා Lee filters, Nisi, B+W වගේ Brand වල filters වලට Invest කරනවා. විනෝදාංශයක් වශයෙන් කරනවනම් Hoya fiters එහෙමත් ගොඩක් හොඳ​යි කියලා මගේ දැනුම අනුව මම විශ්වාස කරනවා. හැබැ​යි මම personally recommend කරන්නෙ Filters මිලදීගන්​න කලින් තමා විසින්ම අනිත් Brand සමග එකිනෙක Compare කර බලලා research එකක් කරලා ඔයාගෙ වැඩේට ගැලපෙන bestම individual needs සහා preferences සමග ගැලපෙනවද බලලම මේ Filters තෝරගන්ඩ කියලා. 

Camera Filters නිවැරදිව භාවිතා කරන්නේ මෙහෙම​යි

මේ මාතෲකාව යටතේ individuallyම මම කතා කරන්​න බලාපොරොත්තු වනවා.

  1. Stacking Filters
  2. Cleaning Filters
  3. Using a Filter Holder System
  4. Filter Storage යන මාතෲකා ගැන.

01. Stacking Filters

ඕනෑව​ට වඩා මේ Filters එක මත එක සිටින ලෙස සවිකිරීමේන් වළකින්​න. මොකද මේක නිසා ඔයා Capture කරන Photo එකෙ Lens vignetting හෝ image quality degraded වීම වැනි තත්වයන් ඇතිවිය හැක. මේ කරු​ණ මේ Filters භාවිතයෙදි ඉතාමත් සැලකීමෙන් මතක තබා ගන්න.

02. Cleaning Filters

ඔයාට Optimal image quality එකක් maintain කරාගෙන යන්​න ඕනෙ නම් නිතරම මේ Filter පිරිසුදුව තබා ගන්ඩ. මේ සඳහා lint-free tissue paper, microfiber cloths, puffs of air, and isopropyl alcohol වැනි ද්‍රවය පාවිච්චි කරන්​න. 

03. Using a Filter Holder System

වෙලඳපළ තුල මේ Filters ඔයාට square shape හෝ rectangular shape filters විදිහට තමා බලාගන්ඩ පුළුවන් වන්නෙ. ඔයා හිතන්න​කෝ Nisiලගෙ 150x170mm GND Filter එකක් වගේ පාවිච්චි කරනව කියලා. මේ ෆිල්ටර් එක එන්නෙ කොටු හැඩේට. එතකොට මේ වගේ Filter එකක අගය සිරූමාරු කිරීම සඳහා ඔයාට නිසිලෙස ඉහළ පහළ, වම දකුණ සීරූමාරු කරාගැනීමට Filter Holder System එකක් භාවිතා කරන්ඩ වෙනවා. මොකද මේක සාමානය රවුම් හැඩැති Filter එකක් වගේ ඔයාට Lens එකට Directම Attach කරන්​න බැහැ.

04. Filter Storage

මේ Filters හදන්​න භාවිතා කරන ප්‍රධානම අමුද්‍රය තමා Glass කියන්නෙ. Glass ආශ්‍රිත දේවල් භාවිතා කරද්දි අපි නිතරම මතක තියාගන්ඩ ඕන කාරනයක් තමා Glass is Glass, And glass breaks කියන එක. ඒක නිසා නිවැරදිව මේ Filters ගබඩාකර තැබීමෙන් මේවා බිඳි යාමෙන් වලක්වාගත හැක. මේකට මට recommend කරන්​න පුළුවන් හොඳම දේ තමා Durable hardshell case එකක් භාවිතා කරන එක.

ලිපි​යේ සාරාංශ​ය

මෙච්චර වෙලා කියපු Filters හා Filters වර්ග වල best brands, notable features වල summarize එකක් ඔයාලට ලෙහෙසි කිරීමක් වශයෙන් දෙන්ඩ හිතුවා. 

  1. UV Filters: Recommended brands Are B+W, Hoya, and Tiffen. They feature multi-coated, high-quality glass.
  2. Polarizing Filters: Top brands include Nisi, B+W, and Hoya. They are known for superior coatings and durable construction.
  3. ND Filters: Lee Filters and Breakthrough are the best. They provide consistent density without any color cast.
  4. Graduated ND Filters: Popular brands are Lee Filters, Nisi, and Cokin. These offer high optical quality with various types available.
  5. Color Filters: Hoya, Tiffen, and Cokin are great choices. They provide a variety of colors for creative effects.
  6. Infrared Filters: Recommended brands are Hoya, B+W, and Kolari Vision. They ensure precise wavelength blocking.

එහෙනන් Camera Filters කතාව මෙතනින් අවසාන​යි. මම හිතනවා ආටිකල් එක යටතේ මම කතා කරපු සියළුම කරුනු කාරනා සියල්ලක්ම අඩුපාඩුවක් නැතුව ඔයාලට තේරුම් යන්​න ඇති කියලා. මතක ඇතුව ආටිකල් එක ගැන ඔයාලගෙ Feedback එක පහළින් කමෙන්ට් එකක් දාගෙන යන්න​ත් අමතක කරන්​න එපා.