Loading...
ලොව සිදුවූ දරුණුතම Cyber ප්‍රහාර

Hacking, Cyber Attacks, Data Leaks තාක්ශනයේ සීග්‍ර දියුනුවත් එක්කම මේ වචන අපිට නිතරම අහන්න හම්බෙන වචන බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම වගේම තාක්ශණය ගැන හොයන ඔයාටත් මේ වචන නුපුරුදු වෙන්න නම් බෑ. ඉතින් අපි අද බලමු ලෝකයක් කලඹපු ලෝකයක කතා බහට ලක්වුනු එදා මෙදා තුර සිදුවුනු ලොකුම Cyber Attacks ගැන විස්තර.

1. 2014 Yahoo සමාගමට බලපෑ Cyber ප්‍රහාරය

වර්තමානයේ එතරම් කතාබහට ලක් නොවුන නමුත් අතීතයේ ඉතාමත් ජනප්‍රිය සමාජ මාද්‍යයක් විදිහට Yahoo Mail දකින්න පුලුවන්. 2014 වසරෙදි Yahoo සමාගමට ඉතාමත් විශාල බලපෑමක් එල්ල කරමින් සිදුවුනු මෙම Cyber ප්‍රහාරය මිලියන 500 ට අදික පරිශීලක ගිනුම් වලට බලපෑම් ඇති කරන ලදි. එමෙන්ම ඒ වනවිට තනි සමාගමකට එරෙහිව එල්ල වූ අති විශාලතම Cyber ප්‍රහාරය මෙය වන අතර මෙහිදී විශාල වශයෙන් පරිශීලක දත්ත එනම් පරිශීලකයන්ගේ නම්, උපන් දින, මුර පද Hacker වරුන් අතට පත් විය.

2. Sony සමාගමෙහි Play Station ජාලයට එල්ල වූ Cyber ප්‍රහාරය

Sony PlayStation යනු සෑම Gamer කෙනෙක්ම පාසා ඉතාමත් ප්‍රිය කරන මෙවලමකි. 2011 වසරේදී මේ Sony සමාගම සතු ඔවුනගේ Play Station ජාලයට එල්ල වූ Cyber Attack එකක් පිලිබඳවයි මේ විස්තරය.

මෙම ජාලයට එල්ල වූ cyber ප්‍රහාරය හේතුවෙන් මිලියන 77කට අදික පිරිසකගේ පෞද්ගලික දත්ත මෙන්ම 10000කට අදික ක්‍රීඩකයන්ගේ බැන්කු කාඩ්පත් පිලිබඳ තොරතුරුද හැකර්වරුන් අතට පත් විය. 2011 වසර වනවිට Sony යනු ඉතාමත්ම ජනප්‍රිය සමාගමක් වන අතර මෙම සිදුවීම ඔවුන්ගේ කීර්ති නාමයටද හානිකර විය. මෙම ප්‍රහාරය හේතු කොට ගෙන ඩොලර් මිලියන 15ක ප්‍රමානයක් වන්දියක්ද Sony සමාගමට ගෙවීමට සිදු විනි.

3. දකුනු කොරියානුවන්ගේ ක්‍රෙඩිට් කාඩ් සොරකම

2014 වර්ශයේදී සුප්‍රකට දකුනු කොරියා නය කාර්‍යංශයේ සේවකයෙක් විසින් දකුනු කොරියානුවන් සතු බැන්කු ගිනුම් සහ ක්‍රෙඩිට් කාඩ් සමාගම්වල සේවාලාභීන්ගේ දත්ත තමන් සතු දෘඩ තැටියකට පිටපත් කොට වෙනත් සමාගම්වලට විකුනා ඇත. මෙම සිදුවීමේදී බැන්කු ගිනුම් මිලියන 20 කට ආසන්න ප්‍රමානයක දත්ත සොරාගෙන ඇති අතරම මිලියන 2 කට අදික ප්‍රමානයක ක්‍රෙඩිට් කාඩ්පත් ද මෙම හේතුව නිසා බිය වී අවහිර කර ඇත.

4. Adobe සමාගමට එල්ල වූ Cyber ප්‍රහාරය

Adobe යන නාමය නොදන්නා කෙනෙක් වර්තමානය වන විට නැති තරම් ය. ඉතින් මේ Adobe සමාගමට 2013 වසරේ ඔක්තෝබර් මාසයේදී ඉතා දරුනු Cyber ප්‍රහාරයක් එල්ල වී ඇත. මෙම ප්‍රහාරයේ ප්‍රථිපලයක් ලෙස මිලියන 3කට ආසන්න පරිශීලකයන් ප්‍රමානයකගේ මුර පද, දුරකතන අංක මෙන්ම තවත් බොහෝ පෞද්ගලික දත්ත හැකර්වරුන් අතට පත් වී ඇත.එමෙන්ම Adobe සමාගම විසින් නවීකරනය කර ගනිමින් තිබුනු Source code කිහිපයක්ද හැකර් වරුන් විසින් සොරා ගෙන ඇත.

5. Target ආයතනයට එල්ල වූ Cyber ප්‍රහාරය

How Hackers Stole Your Credit Card Data in the Cyber Attack on ...

Target යනු ඇමරිකාව තුල පිහිටි ප්‍රධාන මූල්‍යමය ආයතනයක් කීවොත් එය නිවැරදියි. මෙම ආයතනයටද නොසිතූ පරිදි Cyber ප්‍රහාරයකට ලක් වීමට සිදුවුනේ 2013 වසරේදීයි. මෙම ආයතනය සමඟ සම්බන්ද වී සිටි ගනුදෙනුකාරයින් මිලියන 100 කට අදික ප්‍රමානයක දත්ත විශාල මට්ටමෙන් සොරා ගෙන ඇති අතරම මිලියන 40 ඉක්මවා ගිය පාරිභෝගික ප්‍රමානයකගේ බැංකු තොරතුරුද සොරා ගෙන තිබුනි.

කෙසේ වුවද මෙම ප්‍රහාරය පිලිබඳ තොරතුරු මෙම ආයතනයට ප්‍රතම ඇමරිකානු රහස් සේවය මගින් තොරතුරු අනාවරනය කර ගෙන ඇති අතර ඔවුන් ඒ පිලිබඳව ටාගට් ආයතනය දැනුවත් කර ඇත. ඔවුන් එය අනාවරනය කර නොගත්තානම් මීට වැඩි දත්ත ප්‍රමානයක් හැරක් වරුන් අතට පත් වීමට ඉඩ තිබුනි. අනාවරනය කර ගෙන තිබූ ආකාරයට මෙම දත්ත කලුකඩ කාරයින්ට ඉතා විශාල මුදලකට විකුනා ඇත.

6. Uber සමාගමට එල්ල වූ Cyber ප්‍රහාරය

වර්තමානයේ ගමනක් බිමනක් යාමට අවශ්‍ය වූ වේලාවක ඔබට වගේම මටද මතක් වන ප්‍රවාහන මාද්‍යයක් ලෙස Uber පෙන්වා දිය හැකියි. ඒ තරමටම Uber ආයතනය වර්තමානය වන විට ජනප්‍රිය වී ඇත. කෙසේ වෙතත් 2016 වසරේදී මෙම සමාගමට අති විශාල Cyber ප්‍රහාරයකට මුහුන පාන්න සිදු වී ඇත. මෙම ප්‍රහාරයේදී Uber පරිශීලකයන් ගේ මෙන්ම Uber සමාගමේ රියදුරන් වශයෙන් සේවය කරන රියදුරන්ගේද පෞද්ගලික දත්ත විශාල වශයෙන් සොරා ගෙන ඇත. Uber ආයතනය මගින් මෙම ප්‍රහාරය සම්බන්ද තොරතුරු ප්‍රසිද්ද නොකර වසන් කර තැබීමට හැදුවද ඔවුන්ගේ එම වෑයම අසාර්තක විය.

7. Attack on Friend Finder

400 Million Adult Friend Finder Accounts Breached | Information ...

Friend Finder යනු වර්තමානයේ එතරම් භාවිතයට නොගත්තත් අතීතයේ බොහෝ දෙනා භාවිත කල සමාජ ජාලයකි. මෙම සමාජ ජාලයටද ඉතා දරුනු Cyber ප්‍රහාරයකට මුහුන දීමට 2016 වසරේදි සිදු විය. මෙම ප්‍රහාරය හේතුවෙන් මිලියන 340කට ආසන්න ගිනුම් ප්‍රමානයක පෞද්ගලික දත්ත හැකර් වරුන් අතට පත් විය. මෙම සිදුවීම සියලුම ගිනුම් හිමියන්ගේ සිත තුල බයක් ඇති කිරීමට සමත් විය. අන්සතු වූ ගිනුම් තුල භාවිතයට නොගත් නමුත් දත්ත සමුදායන්ගෙන් ඉවත් නොකල ලද ගිනුම්ද මිලියන 15 ක පමන ප්‍රමානයක් තිබී ඇත.